Tuesday, January 11, 2011

සංයෝග හා අයනවල වර්ණ - Color of chemicals

සංයෝග හා අයනවල වර්ණ  Color of chemicals



1. සුදු පාට සංයෝග
බේරියම් කාබනේට්- BaCO3
ස්ට්‍රොන්ටියම් කාබනේට් - SrCO3
කැල්සියම් කාබනේට් - CaCO3
ලෙඩ් ක්ලෝරයිඩ් - PbCl2
ලෙඩ් බ්‍රෝමයිඩ් - PbBr2
සිල්වර් ක්ලෝරයිඩ් - AgCl
සිල්වර් කාබනේට් - Ag2CO3
බේරියම් සල්ෆේට් - BaSO4
කැඩ්මියම් සයනයිඩ් - Cd(CN)2
බිස්මත් හයිඩ්රොක්සයිඩ් - Bi(OH)2
සින්ක් හයිඩ්රොක්සයිඩ් - Zn(OH)2
ලෙඩ් සල්ෆේට් - PbSO4
මැංගනීස් හයිඩ්රොක්සයිඩ් - Mn(OH)2
මර්කියුරස් ක්ලෝරයිඩ් - Hg2Cl2
බේරියම් සල්ෆයිට් - BaSO4
හයිඩ්රජන් ක්ලෝරයිඩ් වායුව - HCl
කැඩ්මියම් හයිඩ්රොක්සයිඩ් - Cd(OH)2
සින්ක් සල්ෆයිඩ් - ZnS

2. කහ පාට සංයෝග
ලෙඩ් අයඩයිඩ් - PbI2
සිල්වර් බ්‍රෝමයිඩ් - AgBr ( ලා කහ )
සිල්වර් අයඩයිඩ් - AgI ( තද කහ )
සෝඩියම් ක්‍රෝමේට් - Na2CrO4
මර්කියුරික් ඔක්සයිඩ් - HgO
මර්කියුරස් අයඩයිඩ් - Hg2I2 ( කොළ / කහ )
කැඩ්මියම් සල්ෆයිඩ් - CdS
ආසනික් සල්ෆයිඩ් - As2S3
ස්ටැනික් සල්ෆයිඩ් - SnS2
ලෙඩ් මොනොක්සයිඩ් - PbO

Zn(OH)2 , ZnCO3 , ZnC2O4 , Zn(NO2)2 හා Zn(NO3)2 තදින් රත් කළ විට කහපාට වන අතර සිසිල් වු විට සුදු පාට වේ.

ක්‍රෝමේට් ලවණ කහ පාට වේ.. ෆෙරික් අයන අඩංගු සංයෝග කහ පාට ( දුඹුරු පාටට හුරු ) වේ.

ෆෙරෝසයනයිඩ් කහ පාට සංයෝග වේ. නෙස්ලර් ප්‍රතිකාරකය (K2HgI4) කහ පාට වේ.

3. කොළ පාට සංයෝග
ෆෙරස් හයිඩ්රොක්සයිඩ් - Fe(OH)2 ( කිලිටි කොළ )
නිකල් සල්ෆේට් - NiSO4
නිකල් හයිඩ්රොක්සයිඩ් - Ni(OH)2
ක්‍රෝමික් හයිඩ්රොක්සයිඩ් - Cr(OH)3 ( නිලට හුරු කොළ )
පොටෑසියම් මැංගනේට් - K2MnO4
ක්‍රෝමියම් සල්පේට් - Cr2(SO4)3
ෆෙරස් ඔක්සයිඩ් - FeO
ක්‍රෝමියම් සෙක්ස්වි ඔක්සයිඩ් - Cr2O3
කොපර් කාබනේට් - CuCO3
ෆෙරස් හයිඩ් රොක්සයිඩ් - Fe(OH)2

කොපර් , ක්‍රෝමියම් සහ නිකල් ලවණ කොළ පාට වේ. ෆෙරස් ලවණ ලා කොළ පාට වේ.

4. නිල් පාට සංයෝග
පොටෑසියම් ෆෙරොෆෙරිසයනයිඩ් - KFe[Fe(CN)6] ( ප්‍රශියන් නිල් )
කියුප්රික් හයිඩ්රොක්සයිඩ් - Cu(OH)2 ( ලා නිල් )
කොපර් සල්ෆේට් - CuSO4 ( ජලීය ද්‍රාවණ නිල් පාටයි )
කොපර් නයිට්රේට් - Cu(NO3)2

ඇතැම් කොපර් ලවණ සහ නිර්ජලීය කොබෝල්ට් ලවණ නිල් පාට වේ.

5. කලු පාට සංයෝග
ෆෙරස් සල්ෆයිඩ් - Fes
කියුප් රික්ඔක්සයිඩ් - CuO
කොපර් සල්ෆයිඩ් - CuS
සිල්වර් සල්ෆයිඩ් - Ag2S
මර්කියුරික් ඔක්සයිඩ් - HgO
ෆෙරාසෝ ෆෙරික් ඔක්සයිඩ් - Fe3O4
මර්කියුරික් සල්ෆයිඩ් - HgS
ලෙඩ් සල්ෆයිඩ් - PbS
බිස්මත් සල්ෆයිඩ් - Bi2S3
නිකල් සල්ෆයිඩ් - NiS
කොබෝල්ට් සල්ෆයිඩ් - CoS

5. රතු පාට , දුඹුරු පාට , තැඹිලි පාට සංයෝග
මැංගනීස් සල්ෆයිඩ් - MnS ( ලා රතු / ලා දම් )
ප'මැංගනික් අම්ලය - HMnO4 ( ලා රතු / ලා දම් )
ෆෙරික් හයිඩ්රොක්සයිඩ් - Fe(OH)3 ( රතට හුරු දුඹුරු )
ෆෙරික් තයෝසයනේට් - Fe(CNS)3 ( තද රතු )
මැංගනීස් ඩයොක්සයිඩ් - MnO2 ( තද දුඹුරු )
මැංගනීස් හයිඩ්රොක්සයිඩ් - Mn(OH)3 ( දුඹුරු )
කොබෝල්ට් සයනයිඩ් - Co(CN)2 ( රතට හුරු දුඹුරු )
කොෆර් පෙරොසයනයිඩ් - Cu2Fe(CN)6 ( තද දුඹුරු )
සිල්වර් ක්‍රෝමේට් - Ag2CrO4 ( ගඩොල් රතු )
සිල්වර් ඔක්සයිඩ් - Ag2O ( දුඹුරු )
ම'කියුරික් අයඩයිඩ් - HgI2 ( තද රතු )
ඇන්ටිමනි සල්ෆයිඩ් - Sb2S3 ( තැඹිලි )
ස්ටැනස් සල්ෆයිඩ් - SnS ( දුඹුරු )
පොටෑසියම් ෆෙරිසයනයිඩ් - K3Fe(CN)6 ( දුඹුරු පාට ද්‍රාවනයකි. ස්ඵටික තැඹිලි පාටයි )
ෆෙරික් ඔක්සයිඩ් - Fe2O3 ( රතට හුරු දුඹුරු )
ඇමෝනියම් ඩයික්‍රෝමේට් - (NH4)2Cr2O7 ( තැඹිලි )
ලෙඩ් ඩයොක්සයිඩ් - PbO2 ( තද දුඹුරු )
කියුප්රස් ඔක්සයිඩ් - Cu2O ( රතු )
මර්කියුරස් ඔක්සයිඩ් - Hg2O ( රතු )
ලෙඩ් ටෙට්ට්‍රොක්සයිඩ් - Pb3O4 ( රතු )
ලෙඩ් ක්‍රෝමේට් - PbCrO4 ( රතු )
කියුප්රස් ක්ලෝරයිඩ් - CuCl ( දුඹුරු )
ජලීය කෝබෝල්ට් ලවණ ( ලා රතු )
ෆෙරීසයනයිඩ් සංයෝග ( රතට හුරු දුඹුරු )
ඩ්යික්‍රෝමේට් ලවණ ( රතු )
පර්මැංගනේට් ලවණ ( දම් )
මැංගනීස් ලවණ ( ලා රෝස )
ක්‍රෝමියම් ලවණ ( දම් )

ජලීය ද්‍රාවණවලදී d ගොනුවේ අයනවල වර්ණය
Fe+2 - ලා කොළ / කිලිටි කොළ
Fe+3 - කහ / දුඹුරු
Cu+2 - නිල්
Zn+2 - අවර්ණ
Co+3 - නිල්
Co+2 - ලා රෝස
Mn+2 - ලා රෝස
Mn+3 - දම් / රතු
Cr+2 - නිල්
Cr+3 - දම් / කොළ
V+2 - දම්
V+3 - කොළ
Sc+3 - අවර්ණ

4 comments:

  1. අනුන්ගේ ලිපි කොපි කරන්න එපා. ලිපියක් උපුටා ගත්තම ගත්ත තැන ලින්ක් එක දෙන්න ඕනි කියලා දන්නේ නැද්ද? ඔය ලිපියෙ යටින් දාන්න සියපත උපුටා ගැනීමකි කියලා. ඊට පස්සේ ගත්ත තැන් ලින්ක් එක http://chathuranuwan.blogspot.com/2011/01/blog-post_11.html කියලා දාන්න. වැඩ වරද්දගන්න හදන්න එපා.

    ReplyDelete
  2. ලෝකෙ හරිම පුංචියි මලේ.

    ReplyDelete
  3. අය්යල වැරද්දක් කළා නම් සමා වෙන්න
    මම ඔරිජිනල් එක ඔය නමේ හයිපලින්ක් කල්ල තියෙන්නේ
    සමහරවිට ඔයාල දකින්නේ නැතුව ඇති
    අව්ලක් නෑ
    සහයෝගයට ස්තූතී.

    ReplyDelete
  4. salenna epa samahara wita eya dakinne natuwa ati oya eka link kalla tiyenawa..
    magen suba pathum digatama taniyenma karagena yanna.

    ReplyDelete