Wednesday, December 22, 2010

මූලික ආරෝපණය

මූලික ආරෝපණය (Elimentary Charge)


 ඉලෙක්ට්‍රෝනයක හා ප්‍රෝටොනයක ආරෝපණය සමානයි කියල දන්නවනේ. 
 දන්නෙ නැත්තන් දැන් දැනගන්නකො. 
 මේකට තම කියන්නේ මූලික ආරෝපණය (Elimentary Charge) කියල.

 එකේ අගය ,   e = 1.602 X 10-19 C

කූලෝමය (C) විශාල ඒකකයක් වන අතර +1  අරෝපනයක් ලබා දීමට 6.25 X 1018  ක ඉලෙක්ට්‍රොන සන්ක්යාවක් ඉවත් කල යුතුයි . එබැවින් ආරෝපණ (micro C) වලින් මනිනු ලැබේ.

(සංකේතය mC )

ස්ථිති විද්යුත් ආරෝපණය (Electrostatic Charges)

චලනය නොවන විද්යුත් ආරෝපණ ස්ථිති විද්යුත් ආරෝපණ ලෙස හැදින්වේ. 

ධන ලෙස ආරෝපිත වස්තු (+)
ප්‍රෝටෝන ප්‍රමාණය , ඉලෙක්ට්‍රොන ප්‍රමාණයට වඩා වැඩි 

ඍන ලෙස ආරෝපිත වස්තු (-)
ඉලෙක්ට්‍රොන ප්‍රමාණය , ඉලෙක්ට්‍රොන ප්‍රමාණයට වඩා වැඩි 

උදාසීන වස්තු
ඉලෙක්ට්‍රොන හා ප්‍රෝටෝන සමානව ඇති



ස්ථිති විද්යුත් ක්ෂේත්‍ර

ස්ථිති විද්යුත් ක්ෂේත්‍ර  (Electrostatic Fields
ඒ ලෙවල් සිලබස් එකේ 6 වෙනි පාඩම තමා මේක..



විද්‍යුත් ආරෝපණ (Electric Charges



විශ්වයේ තියෙන ඔක්කොම අන්තර් ක්‍රියා ගුරුත්වාකර්ෂණ සහ විද්‍යුත් චුම්බක ලෙස සහ ප්‍රබල හා දුබල කියල බෙදන්න පුළුවන්.
සරල අන්තර් ක්‍රියාවක් උනත් , ගොඩක් විශාල පරමාණු හා ඉලෙක්ට්‍රොන අතර අන්තර් ක්‍රියාවන් තමයි.
ස්ථිති විද්යුත් ආකර්ෂණ බල මගින් පරමාණු වල න්‍යෂ්ටි හා ඉලෙක්ට්‍රොන බැදී පවතිනවා.
මෙම බැදීම් නිසා ඝන ද්‍රව හැදෙනවා.
අපේ ඇගේ තියෙන දේවල් වල ඉදන් මේ තියෙන හැම ඝනයක්ම හැදිලා තියෙන්නේ පරමාණු වලින් නේ.


විද්යුත් ආරෝපණ එක් වස්තුවක සිට තවත් වස්තුවකට මාරු වීම සිදු වේ...


ආරෝපණ සංස්ථිතිය

"සංවෘත පද්ධතියක මුළු ආරෝපණය නොවෙනස් වේ"
මුළු ආරෝපණය යනු , ආරෝපණ වල වීජීය එකතුවයි. 

මේවා වර්ග 2කි  
  • ධන (+)
  • ඍන (-)
මුළු ආරෝපනයේ වීජීය එකතුව නොවෙනස් වන්නේ ධන හා ඍන ආරෝපණ සමාන වූ සංක්‍යාවක් තිබීම නිසාය.
ආරෝපණ සදහා සාමාන්‍යයෙන් Q හරි q තමා දාන්නේ.

Friday, December 17, 2010

ඇම්පියරය අර්ථ දැක්වීම

ඇම්පියරය අර්ථ දැක්වීම 

මීටර එකක පරතරයක් ඇතිව රික්තයක තබා ඇති , නොගෙනිය හැකි තරමේ වුතාකාර හරස්කඩකින් හා  අපරිමිත දිගකින් යුත් ඍජු සමාන්තර සන්නායක කම්බි දෙකක් තුලින් යම් නියත  ධාරාවක් යෙවූ විට  එම කම්බි වල ඒකක දිගක් මත බලය  2 x 10–7  නම් එම කම්බියේ ගලා ගිය ධාරාව 1A ලෙස අර්ථ දැක්වේ.


මෙයාලු හොයා ගත්තේ..


විද්‍යුත් ධාරාව (Q)


විද්‍යුත් ධාරාව (Q)

සන්නායක යම් හරස්කඩක් තුලින් ආරෝපණ ගලායාමේ සීග්‍රතාව හෙවත් තප්පර 1 කදී ගලායන ආරෝපණ ප්‍රමාණය විද්යුත් ධාරාව ලෙස අර්ථ දැක්වේ. 

t කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය =  Q නම් ,

1s කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය  = Q / t වේ. 

I =Q / t

Q = I t

ධාරාව මනින ඒකකය ඇම්පියර් (A) වේ. 

1mA =  10–3  A ,  1μA = 10–6 A






ධාරා විද්යුතය 01

සන්නායක අග්‍ර අතර විදුලි ධාරාවක් ඇතිවීමේ යාන්ත්‍රනය



 ලෝහ සන්නායකයක් සලකමු. ලෝහ පරමානුවල සන්යුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන නයෂ්ටියේ ආකර්ෂනයෙන් මිදී නිදහස් ඉලෙක්ට්‍රෝන ලෙස හැසිරේ. ලෝහයක තිබෙන සියලුම පරමානු වලට අයත් මෙවැනි නිදහස් ඉලෙක්ට්‍රෝන කාමර උෂ්නත්වයේදී වායුවක අණු මෙන් ඉහල වේගවලින් සසම්භාවී ලෙස නිදහසේ චලනය වේ.. 
                                                                                                        

විදුලි ධාරවක් නොමැති විට


විදුලි ධාරවක් ඇති විට 


සන්නායකයේ අග්‍ර අතර විභව අන්තරයක් යෙදූ විට , ක්ෂණිකව අග්‍ර අතර විද්යුත් ක්ෂේත්‍රයක් ඇති වේ.. මෙම ක්ෂේත්‍රය හේතු කොට ගෙන අහඹු ලෙස චලනය වන ඉලෙක්ට්‍රෝන මත විද්යුත් බල ඇති වී විද්යුත් ක්ෂේත්‍රයට විරුද්දව චලනය වීමට පටන් ගනී. මෙසේ ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් නිසා විද්යුත් ධාරාවක් ඇති වේ.....