Friday, December 17, 2010

ධාරා විද්යුතය 01

සන්නායක අග්‍ර අතර විදුලි ධාරාවක් ඇතිවීමේ යාන්ත්‍රනය



 ලෝහ සන්නායකයක් සලකමු. ලෝහ පරමානුවල සන්යුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන නයෂ්ටියේ ආකර්ෂනයෙන් මිදී නිදහස් ඉලෙක්ට්‍රෝන ලෙස හැසිරේ. ලෝහයක තිබෙන සියලුම පරමානු වලට අයත් මෙවැනි නිදහස් ඉලෙක්ට්‍රෝන කාමර උෂ්නත්වයේදී වායුවක අණු මෙන් ඉහල වේගවලින් සසම්භාවී ලෙස නිදහසේ චලනය වේ.. 
                                                                                                        

විදුලි ධාරවක් නොමැති විට


විදුලි ධාරවක් ඇති විට 


සන්නායකයේ අග්‍ර අතර විභව අන්තරයක් යෙදූ විට , ක්ෂණිකව අග්‍ර අතර විද්යුත් ක්ෂේත්‍රයක් ඇති වේ.. මෙම ක්ෂේත්‍රය හේතු කොට ගෙන අහඹු ලෙස චලනය වන ඉලෙක්ට්‍රෝන මත විද්යුත් බල ඇති වී විද්යුත් ක්ෂේත්‍රයට විරුද්දව චලනය වීමට පටන් ගනී. මෙසේ ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් නිසා විද්යුත් ධාරාවක් ඇති වේ.....








2 comments: