Wednesday, December 22, 2010

ස්ථිති විද්යුත් ක්ෂේත්‍ර

ස්ථිති විද්යුත් ක්ෂේත්‍ර  (Electrostatic Fields
ඒ ලෙවල් සිලබස් එකේ 6 වෙනි පාඩම තමා මේක..



විද්‍යුත් ආරෝපණ (Electric Charges



විශ්වයේ තියෙන ඔක්කොම අන්තර් ක්‍රියා ගුරුත්වාකර්ෂණ සහ විද්‍යුත් චුම්බක ලෙස සහ ප්‍රබල හා දුබල කියල බෙදන්න පුළුවන්.
සරල අන්තර් ක්‍රියාවක් උනත් , ගොඩක් විශාල පරමාණු හා ඉලෙක්ට්‍රොන අතර අන්තර් ක්‍රියාවන් තමයි.
ස්ථිති විද්යුත් ආකර්ෂණ බල මගින් පරමාණු වල න්‍යෂ්ටි හා ඉලෙක්ට්‍රොන බැදී පවතිනවා.
මෙම බැදීම් නිසා ඝන ද්‍රව හැදෙනවා.
අපේ ඇගේ තියෙන දේවල් වල ඉදන් මේ තියෙන හැම ඝනයක්ම හැදිලා තියෙන්නේ පරමාණු වලින් නේ.


විද්යුත් ආරෝපණ එක් වස්තුවක සිට තවත් වස්තුවකට මාරු වීම සිදු වේ...


ආරෝපණ සංස්ථිතිය

"සංවෘත පද්ධතියක මුළු ආරෝපණය නොවෙනස් වේ"
මුළු ආරෝපණය යනු , ආරෝපණ වල වීජීය එකතුවයි. 

මේවා වර්ග 2කි  
  • ධන (+)
  • ඍන (-)
මුළු ආරෝපනයේ වීජීය එකතුව නොවෙනස් වන්නේ ධන හා ඍන ආරෝපණ සමාන වූ සංක්‍යාවක් තිබීම නිසාය.
ආරෝපණ සදහා සාමාන්‍යයෙන් Q හරි q තමා දාන්නේ.

No comments:

Post a Comment