Friday, December 30, 2011

හ්ම්ම් ඩවුන් හලෝ :\

හායි !
හායි !

කොහොමද රිසල්ට්ස් ?
හ්ම්ම් ඩවුන් හලෝ :\

ආහ් එහෙමද, ගනන් ගන්න එපා.. එලග පාර කරල ගොඩ දාගමු..
{ඔවු ඉතින් තොපිලට මොකද. මමනෙ නයිට් ගගහ පාඩම් කලෑඅ. මමනේ රෑ දෙගොඩ යාමෙ පාන්දර 3ට 4ට ක්ලාස් යන්න කියල යාලුවන්ගෙ ගෙවල් වල ඉදල ගෙදර ආවෙ. මමනේ පාන්දර ඇහැරිල උදේට තේක විතරක් බීල ක්ලාස් එකේ රෑ වෙනකන් ගනන් හැදුවෙ. මම වින්ද දුක මමනෙ දන්නෙ. විභාග කොමසාරිස් ඕනවට එපාවට මාර්ක් කෙරුවට මම මොනව කරන්නද} හ්ම්ම් ඔවු ඊලග පාර කරනව..

Friday, December 23, 2011

අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා

මන් දන්නව දැන් මට සමහරක් බනී..
හැබැයි හැම දේකම දෙපැත්තක් තියෙන්නත් ඕනෙ...
මේ දේත් මේ කෑ ගහන උන්දෙල තේරුම් ගන්නවනම් තම හොද....



-පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- 

යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .




Wednesday, December 21, 2011

‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම්




සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය.

කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ. මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉදලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ. ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා. සිරිපා හිමේ හාස්කම් එහෙමයි.



වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට පදුර බිදින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.

තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම ප‍්‍රදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර පවතී. සිරිපා අඩවියට ඇතුළු වන විට තුන් සරණ කීම සිරිතකි. කෙසේ හෝ උපාසක තැනට සිරිපා මළුවට යන්නට ‘‘බෑ’’ කියා කට වැරදුණි. ඔහු අන්තිමේ දී සිරිපා කරුණා කරන්නට ලැබුණොත් වෙහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් වෛත්‍යයක් තනන බවට බාර වීමෙන් පසු දාහතර වැනි අවස්ථාවේ සිරිපා මළුවට යන්නට හැකිවූ බව ඒ අතීතය මතක තිබූ කිහිප දෙනෙක්ම පැවසූහ. ඉර අවරට යන්නට කලින් ගමෙන් පිටත් වන පිරිස රාත‍්‍රිය පුරාම ගමන් කරන්නේ සිරිපා අඩවියෙනි. ඇතැම් අවස්ථාවල ඉතා ළගපාත හේවිසි හඩ ඇහෙන්නට පටන් ගනී. එදා අද මෙන් විදුලි ආලෝකය හෝ වෙනත් සන්නිවේදන පහසුකම් නොතිබුණ නිසා සමහරු මළුව ළග යැයි රැවටෙන අවස්ථා ද තිබුණි. නමුත් ඒ හඩ ළග ඇසුන ද මළුවට ළගා වන්නට පැය දහයක්වත් ගතවු අවස්ථා තිබිණි. රාත‍්‍රි ගමනේ දී අදුර මකා ගන්නේ පන්දම් හෝ ලන්තෑරුම් එළියෙනි. ඒ නිසා නඩයේ සැම දෙනාම පෙනෙන දුරකින් යාම සිරිතකි. යම් හෙයකින් නඩයෙන් ඈත්වී තනි වුණොත් පාර වරදින්නට පුළුවන. එසේ වුවහොත් සතා සිවුපාවාට ගොදුරු විය හැකිය.



මෙවැනි නඩවල සිටින කියන දේ නාහන තරුණ ගැටවු කිහිප දෙනෙක්ම ඒ අකරතැබ්බයන්ට පත්වූ අවස්ථා ඇති බව කියන්නේ සිරිපා අඩවිය අවට ගම්වල වැඩිහිටියන්ය. එක් අවස්ථාවක එසේ නඩයෙන් ඈත්වු තරුණයෙක් රාත‍්‍රියේ අතරමං විය. ඔහු නැති බව නඬේ පිරිසට දැනුනේ අතරමග නැවතී ගිමන් හරින විටය. නඬේ ගුරුන්නාන්සේ අත්දැකීම් ඇති වැඩිහිටියෙක් විය. මුලින්ම ඔහු සමන් දෙවිදුන්ට පඩුරක් බැද බාරයක් විය. හොදින් හද එළිය තිබූ ඒ දිනයේ මේ මග හැරුණු තරුණයා සොයා වැඩිහිටියන් කිහිප දෙනෙක් ආපසු ආවේ නඬේ සෙසු පිරිස එතැන විවේක ගන්නට ඉඩ සලස්වාය. සැතපුමක් දෙකක් ආපසු එන විට පාරෙන් තරමක් දුරින් පුංචි එළියක් එහා මෙහා යනු පැමිණි කිහිප දෙනාට දැක ගන්නට ලැබී තිබේ. ඒ සමගම ගස්වල අතු බිදින ශබ්දයත් ඔවුන්ට ඇසී තිබෙනවා. ඉන් තරමක් බියට පත්වූ පිරිස අතු බිදින ශබ්දය ඇසුණු දෙසට කන් යොමාගෙන අවධානයෙන් ටික වෙලාවක් සිටිය ද කිසිදු ශබ්දයක් ඉන් පසු ඇසී නැහැ. ඒ ශබ්දය ඇසුණු දෙසට කන් යොමද්දී මුලින් දුටු එළිය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී එය නොපෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිරිස එළි වෙන තෙක් අතරමංවූ තරුණයා සෙව්ව ද ඔහු හමුවී නැහැ. එළිය වැටුණු පසු නඬේ අනික් අය බොහෝ දුරකින් ඈත්ව ඇති බව සිතා අතරමංවූ තැනැත්තා සෙවීම නවතා ආපසු ඉදිරියට ගොස් තිබේ. එසේ විනාඩි කිහිපයක් ගත වන විට වන්දනා නඩයක කතාබහක් පිරිසට ඇසී ඒ ගැන සොයා බලද්දී තමන්ගේ නඬේ පිරිස ගිමන් හරිමින් ඉන්නවා දැක තිබේ. පසුව සොයද්දී සැතපුම් ගණනක් ඇවිද තිබෙන්නේ නැවතී සිටි ස්ථානය අවටමය. නඩෙන් අතරංමංවූ තරුණයා තමන් ඉදිරියෙන් පැන්න කළු ගුලියකට බියවී ගහක් මුල සැගවී සිටි බව පවසා ඇතත් ඔහු සැගවි සිටියා යැයි කී තැනට ඔහු සෙවීමට ආ පිරිස කිහිප වතාවක්ම ඇවිත් ගොස් ඇති බව නඬේ ගුරාට අවබෝධවී තිබුණි. මෙය නඬේ කෙනකුගේ කට වරද්දා ගැනීමකින් වුවක් නිසා බව නඬේ ගුරාගේ විශ්වාසය විය. කළු ගුලියක් සේ දිස්ව ගියේ වළසාගේ දිෂ්ටිය බවට ඔහු විශ්වාස කළ බවත් අතු කඩනවා සේ ශබ්දයක් ඇසුනේ අලියාගේ වුවත් එය ද අද්භූත සිදු වීමක් ලෙස එම පිරිස විශ්වාස කළ බව ගැමියන්ගේ මතයයි. මේ සිද්ධිය මතක ඇති වැඩි දෙනෙක් ඉන් පසු සිරිපා ගමනේ දී බොහොම පරිස්සම් වන්නට වූ බව ද ඔවුහු කියති. ගලගම වෙළහාමි මහතා ද මේ ගම්වල සිරිපා නඩවල ගුරුන්නාන්සේ කෙනෙක් ලෙස කටයුතු කළ අයෙකි. වලකඩවල ගමේ පදිංචි හැත්තෑපස් හැවිරිදි එච්.ඒ. පේ‍්‍රමරත්න මහතා එවැනි මතකයන් ඇති කිහිප දෙනාගෙන් කෙනෙකි.




සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ද ඇත. ඒ අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි ද කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්‍ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල ප‍්‍රදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි. සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු ප‍්‍රතිකාර කරගෙන ඇත්තේ ද ඒ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ. මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි.

අවාරය සිරිපා අඩවියේ වන සතුන් නිදහසේ එහාමෙහා යන කාලය ලෙස සිරිපා අඩවිය අවට ගම්වල වැසියෝ කියති. අවාරයට සුදු ඇතා ද සමනොළ අඩවියේ සැරිසරන නිසා සමනොළ කන්ද පාමුල ප‍්‍රදේශයට නොයා යුතුය යන අදහසක් බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ පැරැුණියන් අතර විශ්වාසයක් පවතී. එමෙන්ම රත්නපුර පැරණි රජ මාවත ඔස්සේ ගිලීමලේ රංකොත් විහාරය ද වැද සිරිපා වදින්නට එන බැතිමත්හු අතීතයේ හිරු අවරට ගිය පසු උඩුතුලාන කදිරවාන් ඇළෙන් එගොඩ නරහින්වලින් ඉදිරියට ගමන් නොකරතියි කියති. විශේෂයෙන් රාත‍්‍රි කාලයට මෙතැනට හේවිසි හඩ ඇසෙන බවත් හාස්කම් නිසා මෙසේ රාති‍්‍ර කාලයට නොයන බව ද කියති.



තවත් එක් කතාවකට අනුව ගිනිගත්හේනට නුදුරු සිල්මාතාවක් තවත් සිල්මාතාවන් සමඟ ශ්‍රී පාද වන් දනාවේ ගියාය. වෙහෙසට පත්වූ ඔවුහු පියගැටපෙලේ මඳක වාඩි වී ගිමන් හැරියාහ. දෙපා ඉදිමී තුවාල වලින් දෙකකුල් වැසී ගිය මහල්ලෙක් අවුත් සිල්මාතාවන් පසුකර හැරමිටියක ආධාරයෙන් පියගැටපෙළ නගිමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. සිල් මාතාවට ඇතිවූයේ දැඩි පිළිකුලකි. මේ මහළු තුවාල කරු කවදා කෙසේ ශ්‍රී පාදය නඟින්නදැයි සියල්ලෝම කතාබහ කළහ. ටික වේලාවකින් නැවතත් ගමන පටන් ගත් සිල්මාතාවරු තවත් සැතපුම් 2ක් පමණ ඉහළට ගොස් පියගැටපෙළේ වාඩිවී ගිමන් හරින්නට වූහ. තුවාල පිරී ගිය කකුල් ඉදිමුණු අර මහළු මිනිසා දෙවැනි වරටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. රෝගී මහළු මිනිසා මෙම ස්ථානයට පැමිණි හැටි ඔවුනට පුදුමයක් විය. විවේකය නිමාකොට නැවත ගමන ඇරඹූ සිල්මාතාවරු මහගිරිදඹය අසළ තුන්වැනි වරටත් නැවතී විවේක ගැනීමට වූහ. පාද පුරා තුවාල පිරුණු පිළිකුල් සහගත රෝගී මහල්ලා 3න් වන වරටත් ඔවුන්ව පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා සෙත් පැතුවේය. ඇය පිළිකුලෙන් යුතුව මුහුණ පසෙකට හරවා ගත්තාය. මේ රෝගියා මේ තරම් ඉක්මනින් කඳු මුදුනට ආවේ කෙසේදැයි ඔවුනට ගැටලුවක් විය. ශ්‍රී පාද පද්මය මුදුනට ගිය සිල් මෑණිවරු ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කිරීමට වූහ. පුදුමයකි, නායක සිල් මාතාවගේ මුහුණට එක්වරම අමුතු ආලෝකයක් පතිත විය.
''දරුවා, මං උඹට තුන්සැරයක් කතා කළා. මතකද?'' ඒ හඬ හා ආලෝකය අතුරුදන් විය. නායක සිල් මාතාව සහ ඇගේ පිරිවර උතුරා යන භක්තියෙන් ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දුන්හ.

ඉතිං මේ වගේ ඔයාලත් දන්න සමන් දෙවි අඩවිය හා බැඳුනු කතාන්දර තියෙනවා නම් අපිත් එක්ක මෙතන බෙදා ගන්න කියලා හැම දෙනාටම ආරාධනා කරනවා. හැම දෙනාටම සමන් දෙවිඳු කරුණාවයි !

සැ.යු. ලිපි කිහිපයකින් උපුටා ගත් කරුණු ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලදී.

Friday, December 16, 2011

ඓතිහාසික අසාධාරණයක්‌ නිවැරැදි කළ අවස්‌ථාවක්‌....


1815 වර්ෂයේ දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයට යටත් වීමත් සමඟ සමස්‌ත ශ්‍රී ලංකාව ම යටත් විජිතයක්‌ බවට පත් විය. එහෙත් උඩරට ගිවිසුම නිසා තමන් පත් වූ අසරණ ස්‌වභාවය පිළිබඳව වටහා ගැනීමට හා ගිවිසුම මඟින් තමන් රවටනු ලැබූ බව වටහා ගැනීමට මේ උඩරට සිංහලයන්ට - විශේෂයෙන් උඩරට නායකයන්ට - එතරම් කාලයක්‌ ගත වූයේ නැත. එහි අවසන් (නැත හොත් පළමු) ප්‍රතිඵලය වූයේ 1817 වර්ෂයේ අවසන් භාගයේ දී පමණ ඉංගී්‍රසීන්ට එරෙහි ව උඩරැටියන් නැඟී සිටීම ය.

මේ ඓතිහාසික සිදු වීම ඇතැම් විට හඳුන්වනු ලබන්නේ 'උඩරට කැරැල්ල' නමිනි. විශේෂයෙන් වාර්ෂිකව යෙදෙන සංවත්සරවල දී ජනමාධ්‍ය ඔස්‌සේ අපට මේ වචනය අසන්නට ලැබේ. මේ අරගලයට හේතු වූ කරුණු බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ වී තිබේ. පෙර සඳහන් කළ පරිදි ම ඒ හේතු 1815 දී උඩරැටියන් හා ඉංග්‍රීසීන් අතර ඇති කරගත් ගිවිසුම දක්‌වා යයි. 1818 වර්ෂයේ අග භාගය දක්‌වා පැවැති මේ අරගලය කෙතරම් දරුණු වූවා ද යත් ඇතැම් අවස්‌ථාවල දී බ්‍රිතාන්‍ය පාලකයන් බෙහෙවින් අසරණ වූ බව පෙනේ. අවාසනාවකට මෙන් පාලනය කරගත නොහැකි වූ ඇතැම් හේතු නිසා මේ අරගලය අසාර්ථක විය. ඒ අතර පෞද්ගලික එදිරිවාදිකම් හා අපේ ජාතියේ දුබලකමක්‌ සේ වරින් වර මතු වන ෙද්‍රdaහිත්වය ද තිබේ.  


        

උඩරැටියන් ගේ මේ නැඟී සිටීම මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් ක්‍රියාත්මක කරන ලද ම්ලේච්ඡ ක්‍රියා පටිපාටිය ද බෙහෙවින් විවේචනයට ලක්‌ ව තිබේ. ඔවුන් දරුණු ආකාරයෙන් උඩරැටියන් සමූල ඝාතනයක්‌ සිදු කළ බව වාර්තා වී තිබේ. එසේ ම ඉවක්‌ බවක්‌ නොමැති ව උඩරැටියන් ගේ දේපොළ හා භෝග වගා විනාශ කරමින් ඉංග්‍රීසීන් ක්‍රියාත්මක කළ 'බිම් පාළු' ප්‍රතිපත්තිය තවදුරටත් සටන් කළ නොහැකි තරම් උඩරට වැසියන් අසරණ බවට පත් කිරීමට හේතු විය.

මේ 'පූර්ණ යුද්ධය' හෙවත් මර්දනය නම් වූ ක්‍රියාවලිය අධිරාජ්‍යවාදීන් අනුගමනය කරන අවස්‌ථා ඉන් පසුව ද අපට දැක ගත හැකි ය. 1848 වර්ෂයේ ඇති වූ මාතලේ නිදහස්‌ සටනේ දී හා 1857 දී ඉන්දියාවේ ඇති වූ අරගලය මර්දනය කිරීම සඳහා ද ඔවුන් යොදා ගත්තේ එවැනි ම ක්‍රියාවලියකි. (වර්තමානයේ දී වෙනත් රටවලට මානව හිමිකම් පිළිබඳව පෙන්වා දෙන මේ රටවල් ඉතිහාසය තුළ දී ක්‍රියා කර ඇති අන්දම පෙන්වා දීමට මේ අවස්‌ථා නිදසුන් වේ. එහෙත් එය වෙන ම මාතෘකාවකි)

බ්‍රිතාන්‍යයන් සිදු කළ මේ විනාශයට සාධකයක්‌ ලෙස කැප්පෙටිපොල හා මඩුගල්ලේ ගේ හිස්‌ ගසා දැමීම සම්බන්ධව ලංකා ගැසට්‌ පත්‍රයේ සඳහන් කරන කරුණක්‌ දැක්‌විය හැකි ය. බ්‍රිතාන්‍යයන්ට අනුව 'රුධිරය වරුසාවක්‌' හා 'මහා විනාශයක්‌' ඇති කිරීම සඳහා මේ

කැරැලි නායකයන් ගේ ක්‍රියාකාරිත්වය මුල් වී තිබේ. ඌව වෙල්ලස්‌ස ප්‍රදේශවලට කළ විනාශයේ තරම කෙතරම් ද යන්න මේ කැරැල්ල අවසන් වී තවත් බොහෝ කලක්‌ යනතුරු ඒ පළාත් පෙර පැවැති තත්ත්වයට පත් නො වීමෙන් පෙනේ.

දරුණු මර්දනයකින් හා පරාජයකින් අවසන් වුවත්, වසර දෙ සියයකට ආසන්න කාලයකින් පසුව වුවත් මේ අරගලය පිළිබඳව නො දන්නා අයකු නැති තරම් ය. තමන් උපන් රටේ ඉතිහාසය නූගත් පරපුරක්‌ ද අපේ රටේ ඇති නමුත් (ඒ වැඩි වශයෙන් 1980 හා 1990 දශකවල පාසල් අධ්‍යාපනය ලැබූවන් ය) ඔවුන් අතර පවා මේ ඓතිහාසික අරගලය පිළිබඳව කිසියම් තරමින් දන්නා පිරිස්‌ සිටිති. ඊට හේතුව මේ සිදුවීමෙන් වසර දෙ සියයක්‌ පමණ ගත වී ඇතත් උක්‌ත අරගලය තවමත් සමරනු ලැබීම පමණක්‌ ම නො වේ. තමන් උපන් රටේ අතීතය හා උරුමය පිළිබඳව යම් හෝ සංවේදීතාවක්‌ දක්‌වන්නවුන් හට මේ සිදුවීම වැදගත් සිදුවීමක්‌ වන නිසා ය.

කැරැල්ලක්‌ ද නිදහස්‌ අරගලයක්‌ ද?

ඇතැම් පොත් පත්වල හා අපේ ඇතැම් විද්වතුන් විසින් තවමත් මෙය 'කැරැල්ලක්‌' සේ හඳුන්වනු ලැබුව ද එය 'කැරැල්ලක්‌' නො වේ. නිදහස්‌ සටනක්‌ හෝ නිදහස්‌ අරගලයකි. ඒ සිදුවීම අවස්‌ථාවේ දී මෙරට පාලනය කළ බ්‍රිතාන්‍යයන් හට මේ සිදුවීම ඔවුන් ගේ පාලනයට එරෙහි ව ගැසූ කැරැල්ලක්‌ විය. එසේ ම එය ඔවුන් ගේ බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහි ව ගැසූ කැරැල්ලක්‌ විය.

එහෙත් මෙහි දී සත්‍ය වශයෙන් සිදු වූයේ තමන් හා තම දේශය යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදී (බ්‍රිතාන්‍ය) පාලනයට එරෙහි ව උපන් බිමේ නිදහස වෙනුවෙන් රටේ ස්‌වදේශිකයන් (උඩරැටියන්) කළ නිදහස්‌ සටනකි. එය බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව සිදු වූ පළමු නිදහස්‌ සටන සේ සඳහන් කළ හැකි ය. මේ සඳහා උඩරැටියන් අතර, විශේෂයෙන් ඌව වෙල්ලස්‌ස හා සත්කෝරලේ වැසියන් අතර, පැවැති සහභාගිත්වය මෙන්ම වැදි ජනතාව දැක්‌වූ දායකත්වය ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ හැකි ය. ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට, එසේත් නැත හොත් සිංහලයන්ට, මෙය නිදහස්‌ සටනක්‌ හෙවත් නිදහස්‌ අරගලයක්‌ විය යුතු ය. කෙසේ වෙතත් අවාසනාවකට මෙන් කලක්‌ තිස්‌සේ මේ අරගලය හඳුන්වනු ලැබ ඇත්තේ ඉංග්‍රීසීන් විසින් යොදාගන්නා ලද "කැරැල්ල" යන වචනයෙනි. වාසනාවකට මෙන් මේ වන විට එය වෙනස්‌ වෙමින් තිබේ. 2008 වර්ෂයේ පටන් භාවිත කරනු ලබන 11 වැනි ශ්‍රේණියේ ඉතිහාසය පෙළ පොතේ මේ සිදුවීම 1818 නිදහස්‌ සටන සේ යථා පරිදි හඳුන්වා දී තිබේ. එය දේශයට ආදරය කරන කවරකු ගේ හෝ සිතක පහන් සංවේගයක්‌ ඇති වීමට හේතු වන බව නිසැක ය.

නිදහස්‌ අරගලයේ වීරයෝ

මේ අනුව 1818 නිදහස්‌ අරගලයට වීරයෝ ද සිටිති. ඒ තමන් ගේ සියල්ල අත්හැර, තමන් ගත් ක්‍රියාමාර්ගය නිසා මරණය වුවත් අත්විඳීමට වන බව දැන දැන මේ අරගලයට එක්‌ වූවන් ය. මෙහි දී කැප්පෙටිපොළ දිසාව ගේ භූමිකාව කැපී පෙනේ. ඔහු සමඟ තවත් දහස්‌ ගණනක්‌ මේ සටනට එක්‌ වූ අතර බොහෝ දෙනෙක්‌ එහි දී ජීවිත පූජා කළ හ. තවත් පිරිසක්‌ සිරගත කරන ලද අතර ඇතැම්හු පිටුවහල් කරනු ලැබූ හ. මේ වන විට අප විසින් ඔවුන් වීරයන් සේ සළලකනු ලැබෙන බව අමුතුවෙන් කිව යුතු කරුණක්‌ නො වේ. එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් නිකුත් කරන ලද නිල නිවේදන අනුව ඔවුන් ෙද්‍රdaහීන් ය.

නිදසුනක්‌ ලෙස 1818 වර්ෂයේ ජනවාරි 10 දින දරණ නිකුත් කරන ලද ලංකා ගැසට්‌ පත්‍රය මඟින් කැප්පෙටිපොල දිසාව ඇතුළු තවත් 19 දෙනකු රාජෙද්‍රdaහීන් සේ නම් කර තිබේ. ඒ ෙද්‍රdaහී ලෙස කුමන්ත්‍රණ කිරීම හා කැරැලි ගැසීම යන චෝදනා නිසා ය. එ අනුව ඔවුන්

කැරැලිකරුවන්, අපරාධකරුවන් හා රාජාණ්‌ඩුවේ සතුරන් සේ නම් කරනු ලබන අතර, ඔවුන් ගේ ඉඩම් හා වෙනත් දේපොළ ආණ්‌ඩුවේ භාවිතය සඳහා රාජසන්තක කරනු ලැබ ඇත. (ඇතැම් අය ගේ දේපොළ හෝ ඉන් කොටසක්‌ පසු කලක ආපසු ලබා දුන් අවස්‌ථා තිබේ). උක්‌ත කැරැල්ල සමයේ දී මේ ආකාරයෙන් රාජෙද්‍රdaහීන් සේ නම් කරන ලද මුල් ම පිරිස ඔවුන් ය. ඒ ආකාරයෙන් රාජෙද්‍රdaහී චෝදනා ලද පිරිස ද විශාල ය.

එහෙත් මේ පිරිස අපේ රටේ වීරයෝ වෙති. භාවිතයේ දී ඔවුන් අද අපේ වීරයන් බව සත්‍යයකි. එහෙත් එය නිල වශයෙන් ද විය යුතු ය. මේ මිනිසුන් පිළිබඳව ජාතියක්‌ සේ ආඩම්බර වීමට අපට හැකියාව තිබේ.

මේ වන විට එවැනි ක්‍රියාවලියක්‌ දියත් වෙමින් තිබේ. අපේ මතකයේ හැටියට එවැනි උත්සාහයක්‌ මෑත දී අපට අසන්නට ලැබුණේ 2004 වර්ෂයේ අවසානයේ දී ය. එදා ඒ පිළිබඳව බෙහෙවින් සාකච්ඡා වූ නමුත් කිසියම් අප නො දන්නා හේතුවක්‌ නිසා මේ කාර්යය එදා ඉටු වූයේ නැත. එහෙත් පසුගිය නොවැම්බර් 26 දා කොළඹ දී පැවැති සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ 'ජාතික වීර ප්‍රණාම උළෙලේ' දී අපට අසන්නට ලැබුණේ දැන් එය යථාර්ථයක්‌ බවට පත් වන්නට යන බව ය. ඒ සඳහා නීතිමය ගැටලූවක්‌ නොමැති බව එහි දී ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අනුව අදාළ නිල නිවේදනය ගැසට්‌ පත්‍රයක්‌ ලෙස ළඟ දී ම නිකුත් වනු ඇතැයි යන්න අපේ අපේක්‌ෂාවයි. දේශප්‍රේමීන් හා අපේ ඉතිහාසය දන්නා පිරිස්‌ අපේක්‌ෂාවෙන් පසු වන්නේ මේ පිරිස ෙද්‍රdaහීන් නො ව වීරයන් බවට පත් වන දිනය දැකගන්නට ය. එසේ ම මෙවැනි අරගලවලට නායකත්වය දුන් සෙසු වීරයන් පිළිබඳව ද මේ සාධාරණය ඉටු විය යුතු ය.

මේ නිදහස්‌ සටන මර්දනය කිරීම සඳහා මුල් වූ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් නමින් බ්‍රිතාන්‍යයන් විසින් පසු කලක කොළඹ නම් කර තිබූ මාර්ගය කැප්පෙටිපොළ පාර යනුවෙන් නම් කර මේ වන විට කලක්‌ ගත ව තිබේ. එසේ ම රටේ තැන් කිහිපයක, කැප්පෙටිපොළ හා තවත් නායකයන් සැමරීම සඳහා ස්‌මාරක ගොඩනංවා තිබේ. පාසල් හා වෙනත් ආයතන පවා ඔහු ගේ නමින් නම් කර තිබේ.

මෙය කිසියම් සංකේතාත්මක කරුණක්‌ පමණක්‌ විය හැකි ය. මෙවැනි නිදහස්‌ අරගලවල දී දිවි පිදූ පිරිස්‌ විශාල ය. ඒ ඇතැමුන් පිළිබඳ - බහුතරයක්‌ පිළිබඳව - කිසිදු සඳහනක්‌ ලියෑවී නො තිබීමට ඉඩ තිබේ. එහෙත් ඔවුන් අපේක්‌ෂා කළ හා අප අද ජීවත් වන නිදහස්‌ දේශය ඔවුන් වෙනුවෙන් නියඬ ව සාධක සපයයි. ඉදින් ඒ මිනිසුන් වෙනුවෙන් සාධාරණයක්‌ ඉටු කිරීම අපේ යුතුකමක්‌ ද වේ.

Tuesday, December 13, 2011

ඒ ලෙවල් සහ මේ ලෙවල් #ආස්චර්ය





ඒ ලෙවල් ලිව්ව.. හැබැයි ප්‍රතිපලේ තවම නම් නෑ.. මම මේක ලියන්න පටන් ගන්නකොටනම් දෙපාර්තමේන්තුවෙ හුරතල් අන්කල්ල ඇන්ටිල කියල තියෙනව තව සති 3ක් වත් යයි කියල ඔය ප්‍රතිපලේ එලියට දාන්න.. කමක් නෑ කියමුකො.. මටනම් තව ශුවර් එකක් නෑ පාස්ද නැද්ද කියල.. ඒත් මෙයාල මේ කල් යව යව සෙල්ලන් කරන්නෙ අපේ අනාගතේ එක්ක නේ ?? අගෝස්තු වල ලිව්ව... නිවාඩුව ඉවර වෙද්දි පේපර් මාර්කින්ග් ඉවරයි.. ඔක්තෝබර් වල ඉදන් මේ මගුල එනව.. තවම නෑ...මාස 4ක් ගියා. මේ අපිට තව පාරකට විබාගෙට සුදානම් වෙන්න තියෙන කාලය නේද ? ඇයි දෙයියනේ මේ යක්කුන්ට මේක තෙරෙන්නෙ නැත්තෙ ??? අනේ ආස්චර්ය 

අනේ රටේ අනාගතය


Monday, December 12, 2011

≈≈≈ සීගිරියේ සඟවා දැමූ අභිරහස් ≈≈≈

≈≈≈ සීගිරියේ සඟවා දැමූ අභිරහස් ≈≈≈








සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.

කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

''මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා''

මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්...

"මොකද්ද සීයේ උනේ...?"

මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු.
(H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා)


ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු.

අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා.

එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා.

මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු.

මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න.

හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි.

මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ.

සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.

ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම.

අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල.

විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල)

ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා.

මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි.






Author : kaushala1988
Source : එළකිරි.com

Thursday, December 1, 2011

"පරිසර විනාශය කොතැන ද එතැන දේශපාලනඥයෙක්‌ ඉන්නවා"

"පරිසර විනාශය කොතැන ද එතැන
දේශපාලනඥයෙක්‌ ඉන්නවා"


සමහර ප්‍රදේශවල ගමේ ගොඩේ පරිසර සංවේදී තැන්වල, දර්ශනීය ගල් තලාවල, මැතිවරණ කාලවල දී, දේශපාලනඥයන් ගේ නම් ඡන්ද සලකුණු යනාදිය ඈතට පේන්න සටහන් කරනවා. ගස්‌වල අපි අහවල් දේශපාලනඥයා ගේ කියල දේශපාලනඥයන් ගේ ගෝලයෝ බෝඩ් ගහනවා.

මේ වන විට අපේ පරිසරය බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දිලා. බොහෝ තැන්වල ආපසු හරවන්න බැරි තරමට ම පරිසරය විනාශ වෙලා. පරිසර විනාශය කොතැන ද එතන දේශපාලනඥයකුත් ඉන්නවා" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසී ය.
පසුගිය දා කොරළඉම ඔළබොඩුව මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම "කොඩිගහකන්ද" පරිසර පද්ධතිය ආශ්‍රිතව සංවිධානය කළ සම්මන්ත්‍රණයක දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ විදුර වික්‍රමනායක මහතා, "කොඩිගහකන්ද වටේට තිබෙන්නේ ගල් කඩන තැන්. මේ ගමේ අය ජීවත් වන්නේ කළු ගල් එක්‌ක. මේ අය ගේ දරුවන්ටත් අත් කර දෙන්නේ ඒ ඉරණම නම් එතැන සංවර්ධනයක්‌ තිබෙනවා ද? කොපමණ අමාරුකම් තිබුණත් මේ වැඩිහිටි පරපුරත් බාල පරපුරත් ළඟ දී ම අභය භූමියක්‌ වන කොඩිගහකන්ද රකිනවා.
කොහොම වුණත් මම දකින සංවර්ධනය තවම අපේ රටට ඇවිල්ලා නෑ. ඇයි අපි හිතට දැනෙන සංවර්ධනයක්‌ ගැන කථා නො කරන්නේ? මෙතැන දී තමයි අපිට බුදු දහම පිටිවහලක්‌ වෙන්නේ. දහම් පාසලේ වටිනාකම දැනෙන්නේ. පරිසරය සුරකින සමාජයක්‌ දහම් පාසලෙන් බිහි කළ යුතුයි. එහෙම සමාජයකට සිතට එකඟව පරිසරය විනාශ කරන්න බැහැ. මෙවැනි අවස්‌ථාවක දී තමයි පරිසර සංවිධානවල අගය වැටහෙන්නේ. ආණ්‌ඩුවක්‌ නිවැරැදි ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කරනවා නම් ජනතාව ගේ සහාය ලබාගන්න අපහසු වෙන්නේ නෑ. මේ රටේ ජනතාව හරි දෙයක්‌ කරන කොට උපරිම සහාය ලබා දෙනවා. හොඳ ම උදාහරණයක්‌ තමයි වසර 2007, 2008 යන කාලවල දී ත්‍රස්‌තවාදය පරාජය කිරීම." යනුවෙන් පැවසී ය.
 

Wednesday, November 9, 2011

ජීවිතේ බරක් නැතුව නුගේගොඩ චාටර් උන ඒ අවුරුදු 2 තරම් කාලයක් ආයෙ කවදා එයිද ?

Reply With Quote

ඩ්රයිවින් ලයිෂන් එකට දෙන විබාගේ ප්රශ්න පත්තර ටික - 02

කස්ටියක් පේන්නෙ නෑ කීව...
තව කස්ටියක් පිස්සු හු*** කියල හොද කියල තිබ්බ.. මුන්ට මේව දෙනවට අපිට ගහන්න ඕනෙ.. හැබැයි ඉතින් මේව වැඩක් තියෙන මිනිස්සුත් ඉන්න නිසා මෙන්න ආයෙත් අප්ලෝඩ් කලා...
ක්ලික් කලාම ලොකු වෙයි..[ (පින්තූරේ ) තිත් දෙක පී ]


Tuesday, November 8, 2011

ඩ්රයිවින් ලයිෂන් එකට දෙන විබාගේ ප්රශ්න පත්තර ටික - 02

ටිකක් පරක්කු උනා 2වෙනි එක දෙන්න...
සොරි වෙන්ට ඕනා...



 



පිටිකිරි බීමෙන් ඔස්‌ටියෝපොරෝසිස්‌ සුව වන්නේ නෑ

පිටිකිරි බීමෙන් ඔස්‌ටියෝපොරෝසිස්‌ සුව වන්නේ නෑ

  


"ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගී තත්ත්වය නිසා කොඳු ඇට පෙළේ ඇති වන වකගැසීම, කල් පවතින කොන්දේ වේදනාව සහ සෘජුකාය විලාසයේ වෙනස්‌කම් ඇති වන අතර මේ රෝගීන් ගේ ඇවිදීමේ හා සිටගෙන සිටීමේ විලාසයේ ද වෙනස්‌කම් ඇති වනවා. ඒ වගේ ම මෙය වයස්‌ගත කාන්තාවන් හා පිරිමින් අතර බහුල ව පවතින රෝගයක්‌." යනුවෙන් කරාපිටිය වෛද්‍ය පීඨයේ කාය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත් ලේකම්වසම් පැවසී ය. ඔක්‌තෝබර් 20 වැනි දිනට යෙදුණු ලෝක ඔස්‌ටියෝපොරෝසිස්‌ දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය ලේකම්වසම් "ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගයෙන් පෙළෙන කෙනකු එයින් වැළකීම සඳහා වෛද්‍යවරයකු ගේ උපදෙස්‌ අනුව ප්‍රතිකාර කරගත යුතුයි. කැල්සියම් වැඩිපුර ගැනීමෙන් ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගය සුව වේ යෑයි සිතීම නුවණට හුරු නැහැ. ඒ නිසා පිටිකිරි වර්ග මඟින් හෝ ආහාර මඟින් හෝ පෙති වර්ග මඟින් කැල්සියම් ශරීරයට ලබා දීමෙන් ඔස්‌ටියෝපොරෝසිස්‌ සුව වනවා යෑයි කියා දැන්වීම් ප්‍රචාරය කිරීම ජනතාව මුළා කිරීමක්‌. මේ රෝගී තත්ත්වය වයස්‌ගත වීම නිසා ම ඇති වන්නේ නෑ. අස්‌ථි බිඳී යැම මේ රෝගයේ සංකීර්ණ ම අවස්‌ථාවයි. කෙනකු මේ රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ දැයි අස්‌ථි ඝනත්වය මැන ගැනීමෙන් දැනගන්න පුළුවන්. මේ සඳහා අස්‌ථි ඝනත්ව මානය (Bone dencitometer) නම් උපකරණය භාවිත කරනවා. මේ උපකරණය ශ්‍රී ලංකාවේ සීමිත රෝහල් ප්‍රමාණයක තිබෙනවා. මෙවැනි පරීක්‍ෂණයකින් කිසියම් අයකුට ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගය වැළඳීමේ අවදානමක්‌ ඇති දැයි සොයා ගැනීමෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අස්‌ථි නිරෝගීතාව රැකගන්න පුළුවන්" යනුවෙන් පැවසී ය. මෙහි දී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ රක්‌තවාතවේද විශේෂඥ වෛද්‍ය ලලිත්

විඡේරත්න, ශරීරයේ අස්‌ථි නිර්මාණය වී තිබෙන අස්‌ථි බදාම දුර්වල වීමෙන් අස්‌ථි ව්‍යqහය වෙනස්‌ වෙනවා. මෙය ඔස්‌ටියෝපොරෝසිස්‌ නම් රෝගය ඇති වීමට හේතුවක්‌. අස්‌ථි බිඳී යැම මෙහි සුලබ ලක්‌ෂණයයි. ගෝලීය වශයෙන් කාන්තාවන් මිලියන 200ක්‌ පමණ මේ රෝගයෙන් පීඩා විඳිනවා. යුරෝපයේ ඇමෙරිකාවේ සහ ජපානයේ පමණක්‌ මිලියන 75ක්‌ පමණ කාන්තාවෝ මේ රෝගයෙන් පීඩා විඳිනවා. සාමාන්‍යයෙන් වසය අවුරුදු 60ත් 70ත් අතර කාන්තාවන් තිදෙනකු ගෙන් එක්‌ අයකු මේ ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගයෙන් පෙළෙන අතර වයස අවුරුදු 80 ඉක්‌මවූ කාන්තාවන් තිදෙනකු ගෙන් දෙදෙනකු මේ රෝගයෙන් පීඩා විඳින බැව් සමීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා. ලෝකයේ සැම තත්පර 3කට වරක්‌ වැටීමෙන් අස්‌ථි බිඳී යැමක්‌ සිදු වනවා. ශ්‍රී ලංකාවේ වසර 2006 දී උකුළු ඇට බිඳී යැම් 2700ක්‌ පමණ සිදු වුණා. වසර 2040 වන විට මේ සංඛ්‍යාව 7000ක්‌ වේ යෑයි අනුමාන කරනවා. මේ නිසා දැඩි අවදානම් සහිත පුද්ගලයන් තෝරාගෙන ප්‍රතිකාර කිරීමෙන් හා අස්‌ථි නිරෝගීතාවට මුල සිට ම යොමු කිරීමෙන් අස්‌ථි බිඳී යැම් වළක්‌වා ගත හැකියි" යනුවෙන් පැවසී ය.



 
මහාචාර්ය සරත් ලේකම්වසම්


MBBS(Peradeniya) 1983, MD(Colombo) 1989, MRCP(UK) 1993, FRCP(London) 2000, FCCP(2006)
Professor in Medicine

Special interests:
Osteoporosis and other metabolic bone diseases, Diseases of the elderly.


 

Tuesday, October 18, 2011

A/L කිරිල්ල..........

A/L කිරිල්ල.......... 





Chemistry කරේ තියන්.....
Physicsසුත් පිටේ බැදන්....
Applied pure කරනවා......
කොල්ලො නුබ නාඩන්.....
තව පොඩ්ඩක් හිටපන්......
තව F4ක් එනවා........

O/Lකරපු කාලෙ
පිස්සුම කෙලපු කාලෙ
දැන්නම් හිනහත් යනවා........
කට් කර පැනපු කාලෙ
ගුටිකකා අඩපු කාලෙ
දන්නම් පුදුම හිතෙනවා........

ආලෝකය බලමින්
කම්පනයට ගැහෙමින්
තාපෙන් අපිත් දැවෙනවා.........
Syllabus cover කරන
අදහස හිතේ තියන්
Tuition Class දුවනවා.......

Sunday, October 16, 2011

විෂය කරුණු මතක තබා ගන්නේ කොහොම ද ?

විෂය කරුණු මතක තබා ගන්නේ කොහොම ද?






අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට ඇත්තේ ඉතා කෙටි කාලයකි. අනාගතය තීරණය කරන ප්‍රබල කඩඉමක්‌ වන මේ විභාගයේ දී බොහෝ විට ඔබ ගේ මතකය මැන බැලේ. තාර්කික බුද්ධිය ද ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා අවශ්‍ය ය. එහෙත් මතකය නොමැති නම් ඇතැම් තර්ක ගොඩනඟා ගැනීම ද අපහසු ය. එහෙයින් විභාගයට සැරසෙන ඔබ මතකය දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය ය. විභාගයකට මුහුණ දෙන හෝ දුන් බොහෝ දෙනා පවසන දෙයක්‌ වන්නේ "පාඩම් කරනවා, ඒත් මතක නැහැ" කියා ය. මේ ලිපියෙහි මූලික අරමුණ වන්නේ විභාගයට සැරසෙන ඔබට මතකය දියුණු කරගෙන ප්‍රශ්න පත්‍රයට හොඳින් පිළිතුරු ලියන්නේ කෙලෙස ද යන්න ගැන ඉඟි කීපයක්‌ දීම ය.

1. ආත්ම විශ්වාසය දියුණු කරගන්න

පළමුවෙන් ම කළ යුතු වන්නේ ආත්ම විශ්වාසය දියුණු කර ගැනීමයි. ඔබට ඇත්තට ම පාඩම් කරන කිසි ම දෙයක්‌ මතක නැතිවා වෙන්නට පුළුවන. එහෙත් "අනේ මට මතක හිටින්නේ නැහැ නේ" කියා දුක්‌ වෙමින් සිටින්නට එපා. "මට හොඳ මතකයක්‌ තිබෙනවා, මට මතක හිටිනවා, මං විභාගය පාස්‌ වෙනවා"යි ඔබට ම කියා ගන්න. හැබැයි එසේ කියා ගනිමින් පාඩම් නො කර සිටියොත් කිසිදු ඵලයක්‌ අත් වන්නේ නැත. සිතට මේ දේ කියා ගන්නා ගමන් ම වැඩි වැඩියෙන් පාඩම් කරන්න. සිසු දරු දැරියන් මුහුණ පාන ගැටලුවක්‌ වන්නේ මාපියන් හෝ වැඩිහිටියන් හෝ දරුවන් ගේ ආත්ම විශ්වාසය (පාඩම් කිරීමට අදාළ) බිඳ දැමීමයි. "ඔයාට නම් පාඩම් කරන්න බැහැ. ඔයා ගේ මතකය සවුත්තුයි. ඔයා අසමත් වෙයි" කියා පවසන වැඩිහිටියෝ සිටිති. ඇතැම් විට ගුරුවරු ද මේ දේ කරති. මේ වැඩිහිටියන් මෙවැනි දේ කියන්නේ දරුවාට අවැඩක්‌ කිරීමේ අටියෙන් නො විය හැකි ය. එහෙත් ඉන් අවැඩක්‌ වේ. කවුරුන් ඔබට ඔබ ගේ මතකය හෝ බුද්ධිය ගැන චෝදනා නැඟුවත් ඉන් අධෛර්ය වන්න එපා. ඒ කරුණ ද සැලකිල්ලට ගෙන වඩාත් හොඳින් වඩාත් වැඩිපුර පාඩම් කරන්න. තමන් මෝඩයකු යෑයි තමන්ට සිතෙන්නට ඉඩ දෙන්න එපා. සමහර විට ගිය වසරේ දී ඔබ පංතියේ අන්තිමයා විය හැකියි. එහෙත් මෙවර ඔබට පළමු වැනියා දෙවැනියා වන්නට බැරිකමක්‌ නැත.

2. බොහෝ දරුවන් නගන මැසිවිල්ලක්‌ වන්නේ "පාඩම් කරනව කරනවා මතක නැහැ. කොච්චර පාඩම් කළත් ඵලයක්‌ නැහැ" යන්නයි. අප පාඩම් කරන දේ අපට අමතක වන්නේ ඇයි? එක්‌කෝ එය පාඩම් කරන ක්‍රමවේදයේ වරදක්‌ විය හැකියි. සමහර විට ඔබ අදාළ කරුණු නිවැරරැදිව වටහා නො ගෙන පාඩම් කරනවා විය හැකියි. එවිට කට පාඩම් කළ දේ මතක තිබුණත් ප්‍රශ්නයක්‌ වෙනත් විදිහකට ඇසුවොත් උත්තර දෙන්නට බැරි වේ. එනිසා හැකිතාක්‌ දුරට නිරවද්‍යව කරුණු වටහාගෙන පාඩම් කරන්න.

3. කෙටි සටහන් පිළියෙල කරගන්න

ඔබ පාසලේ හෝ පෞද්ගලික පංතියේ ලබා ගන්නා සටහන් බොහෝ විට ඉතා දිගු ය. ඒවායේ ඇත්තේ දිගු වාක්‍යයන් ය. සමහර විට වාක්‍ය පහක්‌ හයක්‌ මගින් ද කියෑවෙන්නේ එක්‌ වැදගත් කරුණකි. එනිසා මේ පාඩම් කියවා සාරාංශ කරගෙන කෙටි සටහන් පිළියෙල කරගන්න. කෙටි සටහන කොපමණ දිගු විය යුතු ද යන්න ගැන නිශ්චිත නියමයක්‌ නැත. අවශ්‍ය ම කරුණු ඇතුළත් වන පරිදි ඔබට පහසු විදිහට එය කරන්න. නිදසුනක්‌ දක්‌වත හොත් අයනීකරණ ශක්‌තිය ගැන විස්‌තර කෙරෙන පාඩම පිටු පහක්‌ පුරා දිවෙන්නට ඉඩ ඇත. හැකි නම් එය තනි පිටුවකට ගොනු කරගන්න. මූලද්‍රව්‍යවල තාපාංකය පරමාණුක ක්‍රමාංකය අනුව වෙනස්‌ වීම ගැන උසස්‌පෙළ දී මෙන්ම සාමාන්‍ය පෙළ දීත් හදාරන්නට සිදු වේ. පරමාණුක ක්‍රමාංකය ඉහළ යැමේ දී Li, Be, B, C, N අතරෙන් ඉහළ ම තාපාංකය පෙන්වන්නේ කාබන් ය. මේ දිගු වාක්‍යය "කා-තාපා වැඩියි" ලෙස කෙටි කරගන්නට පුළුවන. නැතිනම් තවත් කෙටි කර "කතා වැඩි" යනුවෙන් කෙටි කරගන්න. කෙටි සටහන් තමන්ට තේරුම් ගත හැකි පරිදි තමා ම පිළියෙල කර ගන්නවා නම් වඩා හොඳයි. එයට යම් කාලයක්‌ ගත වනවා. ඔබට පෙර විභාගය කළ අයියා කෙනකු, අක්‌කා කෙනකු සැකසූ කෙටි සටහන් ඉල්ලා ගැනීම ද කළ හැකියි.

3. නිර්මාණශීලී මතකය වර්ධනය කරගන්න

කලින් සාකච්ඡා කළ තාපාංක දත්ත මතක තබා ගැනීමේ පවා සුළු නිර්මාණශීලී බවක්‌a ඇත. කාබන් මෙන්ම සිලිකන්වල ද තාපාංකය ඉතා ඉහළ ය. ඒ වාක්‍ය දෙක ම එක්‌ කොට "කා-සිතා" යනුවෙන් කෙටි කර ගන්නට ද පුළුවන. එසේ ම ආවර්තිතා වගුව සක්‍රියතා ශ්‍රෝණිය ආදිය සඳහා කවි තිබේ. බොහෝ දෙනකු අද ද සක්‍රියතා ශ්‍රේණිය ලියන්නේ මීට දශක ගණනාවකට පෙර නිර්මාණශීලී පුද්ගලයකු බිහි කළ කවියක්‌ උදව් කර ගනිමිනි. අවශ්‍ය නම් ඔබට ද මෙවැනි කරුණු සඳහා කවි නිර්මාණය කළ හැකි ය. කවි පමණක්‌ නො ව සිංදු ද නිර්මාණය කළ හැකි ය. අපට විශ්වවිද්‍යාලයයේ සත්ත්ව විද්‍යාව ඉගැන්වූ එක්‌ ආචාර්යවරයකු පක්‌ෂීන් ගේ සංකීර්ණ ලක්‌ෂණ මෙන්ම මානව ජීව විද්‍යාවට අදාළ කරුණු මතක තබා ගැනීමට ගී කියා දුන් අතර ඒවා දිගු කලක්‌ මතකයේ තිබිණි. ඔබ කලා විෂයය හදාරන සිසුවකු නම් ඔබට පහසුවෙන් මේ දේ කළ හැකි ය. අනෙක්‌ අතට මේ කවි නිර්මාණය සඳහා විශාල සාහිත්‍ය දැනුමක්‌ ද අවශ්‍ය නො වේ. අද, මේ දැන් ම මේ ලිපිය කියවීමෙන් පසු අසීරු තොරතුරු ගොන්නක්‌ කවියකට පෙරළා ලියා පාඩම් කරන්න. ඔබ අනිවාර්යයෙන් ම සාර්ථක වනු ඇත.

4. අමතක වන දේ නැවත නැවත පාඩම් කරන්න. Repetition Learning යනු එයයි. අප නිතර ම දකින දේ අපට වැඩියෙන් මතක සිටී. ඔබට යම් වගුවක්‌ හෝ සමීකරණයක්‌ හෝ අමතක වනවා යෑයි සිතන්න. එය නැවත නැවත ලියන්න. රූපවාහිනි දැන්වීම් ඔබට පාඩම් නො කර ම කටපාඩම් වන්නේ ඒවා නැවත නැවත දකින නිසයි.

5. අමතක වන දේ ලොකුවට සටහන් කරගෙන කාමරයේ හෝ ඔබ නිතර යන එන තැනක තබන්න. ඔබට ආවර්තිතා වගුව අමතක නම් පාඩම් කරන කාමරයේ ලොකු ආවර්තිතා වගුවක්‌ එල්ලා ගන්න. වෙනත් වගු සටහන් ආදිය ලොකු අකුරෙන් සටහන් කරගෙන ඒ තැන්වල තබන්න. ඔබ ගැහැනු ළමයකු නම් ඔබ නිතර ම අම්මලාට උදව් වීමට කුස්‌සියට යනු ඇත. කුස්‌සියේ ඔබ වැඩ කරන තැන ඉහළින් ද මේ රූප තබාගත හැකියි.

6. තම ගෙදර සාමාජිකයන් ගේ හා ඥාති මිත්‍රාදීන් ගේ උදව් ලබා ගන්න. මතක තබාගත යුතු එහෙත් මතක නැති කරුණු මතකයට ගන්නට පිටස්‌තර උදව් ලබා ගැනීමේ වරදක්‌ නැත. ඔබ එක්‌කෝ පාඩම් පොත මවට/පියාට සහෝදරයාට දී එය මතකයෙන් කියවන්න. 



ඉතිරිය පස්සට









Saturday, July 2, 2011

ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාව

ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාව

ඝන ද්‍රව්‍ය පිළිබඳයාන්ත්‍ර විද්‍යාව , භෞතික විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රයන්ගේ උපක්ෂත්‍රයක් වන අතර එහිදී බාහිර ක්‍රියා යටතේ ඝන පදාර්ථකය් හැසීරීම අධ්‍යනය කෙරේ. මෙහි සලකා බැලෙන බාහිර ක්‍රියා සඳහා බාහිර බල ,උෂ්නත්ව විචලන, සහ සිදුකෙරෙන විස්ථාපන ආදිය උදාහරණවේ. සමම ක්ෂේත්‍රය සන්තත යාන්ත්‍ර විද්‍යාව නම් වඩාත් විශාල ක්ෂේත්‍රයට අයත් කොටසක් වේ.
නිදහසේ පවතින ඝන වස්තුවකට නිෂ්චිත හැඩයක් පවතින අතර ප්‍රත්‍යාබල හේතුවෙන් එහි හැඩය වෙස්වේ. මෙහිදී වස්තුවේ හැඩය එහි මුල් ස්වරූපයෙන් අපගමනය වීම විරූපනය ලෙස හැඳින්වේ. විරූපනය මුල් ප්‍රමාණයට දරණ අනුපාතය වික්‍රියාව නම් වේ. යොදනු ලබන ප්‍රත්‍යබලය ප්‍රමාණවත් තරම් අඩු අගයක් වේ නම් (නැතහොත් යොදනු ලබන වික්‍රියාව ප්‍රමාණවත් තරම් කුඩා වේ නම්) සිළුම ඝන ද්‍රව්‍ය පාහේ වික්‍රියාව යොදනු ලබනප්‍රත්‍යා බලයට සෘජුව සමානුපාතික වන පරිදි හැසිරේ. මෙම අවස්ථාවට අනුරූප සමානුපාතික නියතය ප්‍රත්‍යස්ථතා මාපාංකය හෙවත් යං මාපාංකය නම් වේ. තවද මෙම විරූපණ කලාපය රේඛීය ප්‍රත්‍යස්ථතා කලාපය ලෙස හැඳින්වේ.

ඝන ද්‍රව්‍ය ප්‍රත්‍යාබලයන්ට ප්‍රතිචාර දක්වන ආකාර පිළිබඳ සම්මත ආකෘති කිහිපයක් ඇත.

  1. ප්‍රත්‍යස්ථ- රේඛීය ප්‍රත්‍යස්ථ ද්‍රව්‍ය රේඛීය ප්‍රත්‍යස්ථතා සමීකරණය මගින් විස්තර කල හැක. හුක් නියමයට අනුකූල වන දුන්නක් සාමාන්‍ය ප්‍රත්‍යස්ථ වස්තුවක ඒකමාන, රේඛීය ආකාරයවේ. අර්ථ දැක්වීම අනුව ප්‍රත්‍යාබලය ඉවත් කල විට වස්තුවේ ප්‍රථ්‍යස්ථ විරූපනය ඉවත්ව එය නැවත මුල් තත්වයට පත්වේ.
  2. දුස්ස්‍රාවී ප්‍රත්‍යාස්ථ- මෙම වර්ගයට අයත් වන්නේ පරිමන්දනයද දක්වන ප්‍රත්‍යස්ථ ද්‍රව්‍යවේ. මේවා මත බල යොදන විට හා බල ඉවත් කරන විට පරිමන්දනයට එරෙහිවද යම් කාර්යයක් කල යුතුය. මෙම කාර්යය ද්‍රව්‍යය තුලදී තාපය බවට පරිවර්තනය වේ. මේ හේතුවෙන් ප්‍රත්‍යා බල- වික්‍රියා වක්‍රයේ මන්දාගත පුඩුවක් හට ගනී.
  3. සුවිකාර්ය (ප්ලාස්ටික්)- ප්‍රත්‍යා බලය කිසියම් අගයක් (අවනති ප්‍රත්‍යා බලය) ඉක්මවූ විට ඊට ප්‍රතිචාර වශයෙන් ස්ථිරවම හැඩය වෙනස් කරගන්නා ද්‍රව්‍යවේ. පොදු ව්‍යවහාරයේ “ප්ලාස්ටික් “ ලෙස හැඳින්වෙන ද්‍රව්‍ය මෙම ගුණ දක්වන හෙයින් ඒවාට එම නම ලැබී ඇත. යෙදූ බලය ඉවත්කලද සුවිකාර්ය විරූපනය ඉවත් නොවේ. කෙසේ නමුත් අවනති අගය දක්වා වන ප්‍රත්‍යස්ථ විරූපනය සාමාන්‍යයෙන් ඉවත් වේ.
ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාව ප්‍රායෝගිකව වඩාත් බහුලව භාවිතා වන අවස්ථාවක් ලෙස ඉයුලර් - බර්නූලි කදම්භ සමීකරණය හැඳින්විය හැක.
ප්‍රත්‍යාබල,වික්‍රියා සහ ඒවා අතර සම්බන්ධ විස්තර කිරීම සඳහා ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාවේදී ආතානක බහුලව භාවිතාවේ.
සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍ය පිළිබඳ යාන්ත්‍ර විද්‍යාවේදී ප්‍රත්‍ය බල හා වික්‍රියා අතර සම්බන්ධයන් රේඛීය ආකෘති ඇසුරින් දක්වනු ලැබේ.කෙසේ නමුත් තාත්වික පදාර්ථ/ද්‍රව්‍ය ‍ෙබාහෝ විට රේඛීය නොවන හැසිරීමක් පෙන්වයි.

Tuesday, April 26, 2011

d ගොනුවේ රසායනය




අවසාන ඉලෙක්ට්‍රොන d උප කවචයට පිරෙන අවස්ථා මෙසේ හදුන්වයි.
මෙහිදී 3d මූල ද්‍රව්‍ය පිලිබදව සලකනු ලැබේ.

අසම්පූර්ණ ලෙස පිරුණු d උප ශක්ති මට්ටමක් සහිත එකදු අයනයක් සාදන මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය වේ.. 
මේ සදහා 3d හි Sc සහ Zn  ඇතුලත් නොවේ..

d ගොනුවේ මූලද්‍රව්‍ය වල පොධු ලක්ෂණ

01. ලෝහ ලක්ෂණ
  s සහ p ගොනු මෙන් නොව  ගොනුවේ සියල්ල ලෝහ වේ. ඉහල පරමාණුක අරය නිසා සාපේක්ෂව අයනීකරණ ශක්ති අඩු අගයක් ගනී. මේ නිසා ධන යන සාදමින් ලෝහ බවට පත්වීමේ හැකියාවක් තිබේ.

02. තාපය සහ විද්‍යුත් සන්නායකතාවය.

   සියලුම d ගොනුවේදී ලෝහ වල සචල ඉලෙක්ට්‍රොන හේතුවෙන් විදුලිය හා තාපය හොදින් සන්නයනය කරයි. 

03. දැඩි තාවය

ප්‍රබල ලෝහක බන්දන තිබීම නිසා s,p ගොනු වල ලෝහ වලට වැඩ මෙහි ලෝහ වල දෘඩතාවය වැඩිය. භාගිකව පිරුණු වැඩි කාක්ෂික ගණනක් අතර අතිච්චාධන සිදුවන විට ලෝහක බන්දන ප්‍රභල වේ. මේ නිසා  3d ශ්‍රේණියේ වැඩිම දැඩිතාවය Cr සතු වන අතර අවමය Zn සතුවේ.. 

Monday, April 11, 2011

රසායනික සමතුලිතතාව

රසායනික සමතුලිතතාව





පද්ධතිය : අපගේ අවධානයට ලක්වන්න වූ ඕනෑම දෙයක් පද්ධතියකි...
     උදා : කෙල්ලෙක් ( මොවුන්හට කෑල්ලක් කියා ඇමතීමට වඩා පද්ධතියක් යනුවෙන් ඇමතීම ඔබින වේ...)
පරිසරය : පද්ධතිය හැරුණු විට අවට ප්‍රදේශය 
    උදා : කෙල්ල අවට පරිසරය :ඩී
මායිම : පද්ධතිය හා පරිසරය වෙන් වන මායිම...
   උදා : හිතාගන්න

මායිම හරහා ශක්තිය හා පධාර්තය හුවමාරු වන ස්වභාවය මත පද්ධති 3කි.

1. විවුර්ත පද්ධති : ශක්තිය හා පධාර්ත්ය යන 2 ම මායිම හරහා හුවමාරු වේ.
2. සන්වුර්ත පද්ධති : ශක්තිය හුවමාරු වුවධ පධාර්ථය හුවමාරු නොවේ..
3. පරිපූර්ණ පද්ධති : ශක්තිය හෝ පධාර්ත හුවමාරු නොවේ..

සන්වුර්ත පද්ධතියක් තුල සිදුවන ප්‍රතික්‍රිය ආකාර 2 කි.

1. අප්‍රතිවර්ත්ය 
2. ප්‍රතිවර්ත්‍ය. 

Thursday, March 24, 2011


 තාප දායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක එක්ව ඵල සැදීමේදී බාහිරයට තාපය මුදා හරින බැවින් සෑදෙන ඵල වල ශක්තිය ප්‍රතික්‍රියක වල ශක්තියට වැඩ අඩු වේ.
 ΔE  = ප්‍රතිපල වල ශක්තිය - ප්‍රතික්‍රියක වල ශක්තිය


ΔE  = Ep - Er
 
එසේම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක පරිසරයෙන් තාපය ලබාගන්න බැවින් ප්‍රතිපල වල ශක්තිය ප්‍රතික්‍රියක වල ශක්තියට වැඩ වැඩිය.
 



තාප රසායනය

ඕනෑම රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ශක්ති විපර්යාසයක් සිදුවේ. එය තාප විපර්යාසයක් ලෙස සිදුවන අතර ප්‍රතික්‍රියාව සිදුවීමේදී පද්ධතිය විසින් පරිසරය වෙත තාපය පිට කරයි නම් ඒවා , තාප දායක ප්‍රතික්‍රියා (Exothermic reaction) ලෙසද ප්‍රතික්‍රියාව සිදු වීමේදී පද්ධතිය විසින් පරිසරයෙන් තාපය ලබා ගනී නම් ඒවා තාප අවශෝෂක ප්‍රතික්‍රිය (Endothermic reaction) ලෙසද හැදින්වේ. 


තාප දායක ප්‍රතික්‍රියා  



තාප අවශෝෂක ප්‍රතික්‍රිය

Monday, March 21, 2011

කාබනික රසායන පරීක්ෂණ සාරාංශ

කාබනික රසායන පරීක්ෂණ සාරාංශ

1. මූලධ්‍රව්‍ය හදුනා ගැනීම

1.ලැසෙන් නිස්සාරිතය පිළියෙළ කිරීම

වියලි කාබනික සංයෝගය ජ්වලන නලයකට ගෙන මුන් ඇටයක පමණ Na කැබැල්ලක් යොදා එය තාප කර කාබනික සංයෝගය මතට වැස්සීමට සලස්වන්න.
පසුව එය දිලිසෙන තෙක් තදින් රත් කර එසේ තිබියධී ඇසෘත ජලයට එක කරන්න. පෙරා පෙරනය වෙන් කරන්න.

ස.යු : ද්‍රවමය කාබනික සංයෝගයක් නම් Na2CO3 සමග මිශ්‍ර කර ගුලියක් සාදා ජ්වලන නලයට එක කරන්න.


Wednesday, March 16, 2011

” බැහැ කියල දෙයක් නෑ. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියනවා . ස්ටෑන්ඩර්ඩ් solution එක හරියන්නේ නැත්තන් තව තව ක්‍රම සහ විදි තියෙනවා.”


.මම කතාවේ ඔරිජිනල් කතානායකයා කියපු විදියටම කියන්නම්. එයා කවුද කියනවනම් එයා "SCIENCE PROFESSOR" කෙනෙක්...

මිනිහ කතාව පටන් ගන්නවා , “මගේ මිත්‍රයා...., අපේ CAMPUS එකේ PHYSICS PROFESSOR කෙනෙක් .දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින් නියමිත වෙලාවට මම ඒ පන්තියට ගිහින් දෙන්නම මුණගැසුන. ප්‍රශ්නය වුනේ අවසාන PHYSICS විබාගයේදී එක ප්‍රශ්නයකට ශිෂ්‍යයාට බින්දුවක් ලැබිල..

මිනිහ LECTURER එක්ක රණ්ඩු වෙනවලු දීපු උත්තරය හරි මුළු ලකුණු ගණනම ඕනා කියල...
මේකයි මට බේරන්න වෙලා තියෙන්නේ....මම විබාගේ ප්‍රශ්නය කියෙව්වා...
ප්‍රශ්නය මෙහෙමයි .”බැරෝමීටරයක් භාවිතා කර තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලක උස මනින්නේ කෙසේද ?”

කොල්ල දීල තියෙන උත්තරය,”බැරෝමීටරය අරගෙන බිල්ඩිමේ වහල උඩට ගිහින් බැරෝමීටෙරය ලනුවක අගට බැඳලා බිමට පහත් කරලා ,ලනුව සලකුණු කරලා, ආපහු අරගෙන ලනුව මැනලා බිල්ඩිමේ උස දැනගන්න.”

ඉතින් LECTURER කියනවලු මේ උත්තරේට ලකුණු දෙන්නේ නෑ කියල.ඉතින් මේ කොල්ල පොඩි හර්තාල් එකක්....
මම ශිෂ්‍යයාට කිව්වා පිළිතුරේ සම්පුර්ණයි, පැහැදිලියි . නමුත් PHYSICS වලට අදාළ නෑ , පුලුවන්නම් PHYSICS වලින් උත්තරයක් දෙන්න, ලකුණු ඕනෙනම්. විනාඩි හයක් ඇතුලත . ඉතින් කොල්ලත් කැමති වෙලා , කොලයක් එහෙම අරගෙන ආපහු වැඩේට බැස්සා...

මගේ යාලු lecturer ත් පැත්තකින් ඉඳගෙන ඉන්නවා . විනාඩි පහක් ගියාම මම ඔලුව උස්සල බැලුව කොල්ල ලියන පාටක් නෑ .”දැන්වත් පිළිගන්නවද තමුන් වැරදියි කියල ?” මම ඇහුවා .එතකොට ඌ කියපි උත්තර ගණනාවක් තියනවා මම කල්පනා කරන්නේ මොකක්ද හොඳම එක කියලයි .එහෙම කියල මිනිහ ආපහු පටන් අර ගත්ත පාර ලියාගෙන ලියාගෙන ගිහින් කොහොමහරි විනාඩි හය ඇතුලත මට උත්තර කොලය අරන් ආව.මම කියවල බැලුවම මිනිහ ලියල ” බැරෝමීටරය රැගෙන බිල්ඩිම මුදුනට ගිහින් BAROMETER එක පොළොවට අත හරින්න. මෙහිදී BAROMETER එක පොලවට පතිත වෙන්නට ගතවෙන කාලය STOPWATCH එකකින් මැන ගන්න. ඉන් පසු ඒ දත්තයන් X=0.5*a t^2, සුත්‍රය භාවිතා කර බිල්ඩිමේ උස ගණනය කරන්න . මම උත්තරය කියවල මගේ මිත්‍ර lecturer ට දීල ඇහුව මොකද කියන්නේ කියල .මිත්‍රය කිසි කතාවක් නැතුව සම්පුර්ණ ලකුණු ගාණම දුන්නා . ප්‍රශ්නය විසඳුනා .ඔක්කොමල්ල හැපි...

මේ කතාවේ හොඳම හරිය එන්නේ දැන්....
දැන් ඉතින් ප්‍රශ්නේ විසඳුනා . මම වැඩය වගේ පිටත් වෙලා එන්න හදන කොට මට මතක් වුණා මේ හාදයා කිව්වා නේද තව උත්තර ගණනාවක් තියෙනවා කියල. ඉතින් මම පොඩ්ඩක් නැවතිලා කොල්ල ගෙන් ඇහුව ඒ ගැන.එතකොට මිනිහ කියනවා. ඔව් ඔව් තව ක්‍රමවල් ගොඩක් තියනෙවා....

“තව එක විදියක් තමයි අව්ව තියෙන දවසක බිල්ඩිමේ හෙවනැල්ල මැනල ඒ එක්කම barometer එකේ හෙවනැල්ලත් මැනල ඒ දත්ත දෙක සංසන්දනය කරලා උත්තරය හොයා ගන්න පුළුවන්.”
මම ඇහැව්වා තව මොනවද කියල.මිනිහ තව උත්තරයක් දෙනවා.

”barometer එක අරගෙන පඩිපෙළ දිගේ බිල්ඩිම උඩට නගින ගමන් අඩි කෝදුවක් වගේ BAROMETER එකෙන් මනින්න . මෙහෙම ගියාම අන්තිමේදී බිල්ඩිමේ උස BAROMETER ඒකක වලින් නිගමනය කරන්න පුළුවන්.ඒක බොහොම සරල විදියක් .
එකට වැඩිය සංකීර්ණ විසඳුමක් ඕනෙනම් barometer එක නුලක අගට ගැට ගහල ඒක pendulum(සරල අවලම්බයක්) එකක් වගේ පද්දන්න පොලොව මට්ටමෙන් සහ බිල්ඩිම මුදුනෙන් .මෙහිදී ගුරුත්වාකර්ෂණ අගයන් දෙකක් ලැබේවි . ඒ පොලොව මට්ටමේදී අගයයි බිල්ඩිම මුදුනේදී අගයයි . ඒ අගයන් දෙකේ වෙනස උපයෝගී කරගෙන බිල්ඩිමේ උස ( in principle ) හොයා ගන්න පුළුවන් .ඒ ආකාරයටම ආයෙත් BAROMETER එක ලනුවක ගැට ගස බිල්ඩිම මුදුනට ගිහින් ලනුව පොලවට කිට්ටුවට පාත් කර ආපහු පද්දල ඒ පැද්දෙන දුර period of precession අනුව යමින් නිසි උත්තරය හොයාගන්නත් පුළුවන් . ( *මගේ නම් මචන් PHYSICS අන්තිමයි. ඒ නිසා මේවා තේරුම් කරන්නනම් අහන්න එපා..)

මේ ඔක්කොම වලින් ලේසිම මමත් කැමතිම විදිය තමයි BAROMETER එක අරගෙන බිල්ඩිම නඩත්තු කරන සුපිරින්ටෙන්ඩන්ට් ගේ office ට ගිහින් දොරට තට්ටු කරන්න .මිනිහ දොර ඇරියම බොහොම ගරු සරු ඇතුව මිනිහට කතා කරල කියන්න “සුපිරින්ටෙන්ඩන්ට් මහත්තයෝ.මෙන්න ඔහෙට බොහොම වටිනා හොඳ BAROMETER එකක් ගෙනාවා . මේක අරගෙන . තරහ නොගෙන මේ බිල්ඩිමේ උස හරියටම කීයදැ කියල මට කියන්නකෝ.” මිනිහ උත්තරේ දෙයි පටස් ගාල...


ඔය වගේ ක්‍රම සහ විදි රාශියක් තියෙනවා BAROMETER එකක් උපයෝගී කරගෙන බිල්ඩිම්වල උස මනින්න, කියල කොල්ල දෙසා බැවා...

ඉතින් මේ විදියට මේ උත්තර ටික දීගෙන යනකොට මට වුනත් තේරෙනවා මූ මෝඩයෙක් නෙවෙයි කියල .මම ඒ පාර ඇහැව්වා තමුසේ ඇත්තටම හරි උත්තරේ දන්නේ නැතිද කියල...එතකොට ඌ කියපි අර lecturer බලාපොරොත්තු වෙන “නිවැරදි” උත්තරෙත් ඌ දන්නවා. හැබැයි ඌට එදා ඉඳන් අරහන් ඔය පොතේ හැටියටම ,සම්මතෙන් පිට නොගිහින්, උන් හිතන යල් පැන ගිය විදියටම අපිවත් යවන්න හදන ගුරුවරුන්ව . ඒකයි මෙහෙම කලේ කියලා....

මේ ගෝලයා ඇත්තටම පස්සේ කාලෙක ලොකු scientist කෙනෙක් වෙලා 1922 නොබෙල් තෑග්ගත් දින්නා....

මිනිහගේ නම Niel Bohr . කස්ටිය නම් දන්නවත් ඇති....ඔය පහළින් ඉන්නෙ යස අපූරුවට නළුව වගේ


” බැහැ කියල දෙයක් නෑ. ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් තියනවා . ස්ටෑන්ඩර්ඩ් solution එක හරියන්නේ නැත්තන් තව තව ක්‍රම සහ විදි තියෙනවා.”