Wednesday, February 13, 2013

වැලන්ටයින් උබත් ආවේ

වැලන්ටයින් උබත් ආවේ




වල්ඩ් කප් පැරදුනා නේ , ඉසෙඩ් අකුරකුත් හිර උනේ, අර මේජර් කෙනෙකුත් ගුටිකාලා තව ඉන්දියාවේ නම තිබ්බ හාදයෙකුත් මරුනේ, සෝනු නිගමුයි ජෝන් සිකාඩයි ඉස්ටැන් කෙලීත් ආවේ , විබාගේ ප්‍රශ්නත් පිට උනේ, ඒ අස්සෙනේ ෆෝන් වලට මයිටවොත් ආවේ , ඇයි පාට පාට වැහි හිටන් වැස්සනෙ , කොහොම හරි ලෝක විනාසේත් ආවනේ , නයෙක් උසාවිත් ගියේ, දක්ෂිණ අධිවේගේ කන්ටිමකුත් ඇරියනේ ,  පාර්ලිමේන්තුවේ මෙනු එකත් වෙනස් උනානේ, ලැම්බෝගිනි නිකන් වගේ නේ, ඔය අස්සේ අසරණ රිසානවත් මරුවනේ, උල්කාපාතත් වැටුනනේ , ඇයි අප්පේ ඔබාමාත් ආයේ දින්නේ , ගැන්ග්නම් ස්ටයිල් හිටන් අවේ, හලාල් සිද්දියකුත් ඇදිල තියෙන අස්සෙනේ වැලන්ටයින් උබත් ආවේ. වරෙන් වරෙන් ඉඩ තියෙනවා ඕන තරම්....