Friday, March 14, 2014

හිත තියෙන්නෙ කුහකකම් කරන්න..


කට තියෙන්නෙ බොරු කියන්න
ඇස් තියෙන්නෙ පියා ගන්න
කන් තියෙන්නෙ වහගෙන ඉන්න
නහය තියෙන්නෙ කුඩු උරන්න
අත් තියෙන්නෙ එක එකාට ගහන්න
කකුල් තියෙන්නෙ පන එපා කියල දුවන්න
අක්මාව තියෙන්නෙ බීල නරක් කරගන්න
පපුව තියෙන්නෙ ජරාව පුරෝ ගන්න
හිත තියෙන්නෙ කුහකකම් කරන්න..

Saturday, January 11, 2014

කෙලවීමක් අත ලග

කෙලවීමක් අත ලග



සමහරු ගිය ආත්ම වල ෆික්ස් ඩිපොසිට් දාගෙන ඇවිත් කරන දේවල් දැක්කම අපි විතරක් මොකෝ මෙහෙම ඕ ඩී වලින් දුවන්නේ කියල හිතෙනවා විතරක් නෙමේ දුක හිතෙනවා. කමක් නෑ මේ ආත්මේ දාගන්න ෆික්ස් ඩිපොසිට් ලබන ආත්මෙට වැඩ කරයි නේ...කොහොම කොහොම හරි තේරෙන විදියටනම් කෙලවීමක් අත ලග කියල හිතට දෙනෙනවා... බලමු....

Wednesday, February 13, 2013

වැලන්ටයින් උබත් ආවේ

වැලන්ටයින් උබත් ආවේ




වල්ඩ් කප් පැරදුනා නේ , ඉසෙඩ් අකුරකුත් හිර උනේ, අර මේජර් කෙනෙකුත් ගුටිකාලා තව ඉන්දියාවේ නම තිබ්බ හාදයෙකුත් මරුනේ, සෝනු නිගමුයි ජෝන් සිකාඩයි ඉස්ටැන් කෙලීත් ආවේ , විබාගේ ප්‍රශ්නත් පිට උනේ, ඒ අස්සෙනේ ෆෝන් වලට මයිටවොත් ආවේ , ඇයි පාට පාට වැහි හිටන් වැස්සනෙ , කොහොම හරි ලෝක විනාසේත් ආවනේ , නයෙක් උසාවිත් ගියේ, දක්ෂිණ අධිවේගේ කන්ටිමකුත් ඇරියනේ ,  පාර්ලිමේන්තුවේ මෙනු එකත් වෙනස් උනානේ, ලැම්බෝගිනි නිකන් වගේ නේ, ඔය අස්සේ අසරණ රිසානවත් මරුවනේ, උල්කාපාතත් වැටුනනේ , ඇයි අප්පේ ඔබාමාත් ආයේ දින්නේ , ගැන්ග්නම් ස්ටයිල් හිටන් අවේ, හලාල් සිද්දියකුත් ඇදිල තියෙන අස්සෙනේ වැලන්ටයින් උබත් ආවේ. වරෙන් වරෙන් ඉඩ තියෙනවා ඕන තරම්....

Friday, May 25, 2012

නා ගන්නවානම් සබන් ගාලම නා ගන්න සබන් නිෂ්පාදනය

නා ගන්නවානම් සබන් ගාලම නා ගන්න සබන් නිෂ්පාදනය 

 

සබන් පිළිබඳ මුල් ම ප්‍රවාදය නිර්මාණය වන්නේ රෝමයේ දී ය. එහි වූ "සැපෝ" කන්දෙහි මුදුන එවකට පුදබිමක්‌ ව පැවත ඇත. තම බාරහාර පිළිගැන්වීම සඳහා සැපෝ කඳු මුදුනෙහි සතුන් ඝාතනය සහ පිළිස්‌සීම මෙන්ම සුගන්ධවත් දර දැවීම ද සිදු කරන ලදී. මේ උණු අළු සහ සත්ත්ව මේදය එකට මිශ්‍ර වන අතර වැසි සමයේ කඳු මුදුන සේදී ගලා හැළෙන වැසි ජලය කඳු පාමුල ඇති ටයිබර් නදියට පැමිණෙන්නේ මැටි මිශ්‍ර සැපෝ කඳු ආනත ඔස්‌සේ ය. රෙදි පිරිසිදු කර ගැනීමට ටයිබර් නදිය වෙත පැමිණෙන්නෝ සැපෝ කන්දෙහි වූ මැටි ගුලියක්‌ රෙදි මත ඇතිල්ලීමෙන් එම ඇඳුම් ඉතා පහසුවෙන් පිරිසිදු වන බව අත්දැකීමෙන් ම අවබෝධ කර ගත් හ. සබන් නිෂ්පාදනය කෙරෙන ප්‍රතික්‍රියාව අද පවා අප හඳුන්වන්නේ "සැපොනිකරණය" නමින් වන අතර සබන් යන්න හඳුන්වන්නේ සෝප් යනුවෙනි. මේ දෙවදන ම "සැපෝ" කන්දෙහි නම ඇසුරෙන් නිර්මාණය වී ඇති බව විද්වත් මතයයි.



මෙහි අමුද්‍රව්‍ය : තෙල් , මේද, මේද අම්ල හා ජාල ද්‍රාව්‍ය අකාබනික භෂ්ම (NaOH, KOH) භාවිත වේ.

මෙහි පියවර 4 කි.
1. සැපොනීකරණය






මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ සත්ව මේද, ශාක තෙල්, හෝ පොල් තෙල් NaOH සමග මිශ්‍ර කර එම මිශ්‍රණයට තාපය සැපයීමයි. මෙම ක්‍රියාවලිය මගින් සබන් හෙවත් දිගු ධාම කාබෝක්සිලික් අම්ල වල ලවනය නිර්මාණය වේ...


2. ග්ලිසරින් ඉවත් කිරීම



ග්ලිසරින් සබන් වලට වැඩ ඉතා ඉහල වටිනාකමක් ගනී. ඒ නිසා ඒවායින් වැඩි කොටසක් සුවද විලවුන් නිෂ්පාදනයට යොදා ගනී. ග්ලිසරින් මද වශයෙන් සබන් වලට ඉතිරි කරන්නේ සබන් වල මෘධු බව හා සිනිදු සුමට බව රැකීමටයි.

3. සබන් පවිත්‍රකරණය

සබන් පවිත්රකරනයදී සිදුවන්නේ මිශ්‍රණයේ ඉතිරි වන NaOH සිට්‍රික් අම්ලය වැනි දුබල අම්ලයක් සමග උදාසීන කිරීමයි. සංශුද්ද සබන් ගැනීමටනම් ඇති ජාල පරිමාවෙන් 2/3 ක් ඉවත් කරනු ලබයි.

4. නිමාව.



අවසන් වශයෙන් මෙමෙ සබන් වලට වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය , විලවුන් වර්ග හා ශාක සාර අන්තර්ගත කර කැට වශයෙන් වෙළද පලට නිකුත් කරයි.

Sunday, May 20, 2012

වයසෙ වැරැද්ද..


අවුරුදු 10 දි  අවුරුදු 15දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 15 දි  අවුරුදු 18දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 16 දි  අවුරුදු 19දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 17 දි  අවුරුදු 20දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 18 දි  අවුරුදු 22දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 20 දි  අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලා
අවුරුදු 25 දි  අවුරුදු 25දි කරන්න ඕන දේවල් කලා


හ්ම්ම් අවුරුදු 5ක් එතකොට කරන්න දෙයක් නැතුව නිකන්ම හිටියද ?
නැත්තන් කරන්න තියෙන ඔක්කොම දේවල් කරල තියෙන හින්ද ඒවම ආයෙ ආයෙත් කර කර හිටියද ?

ස්ස් මල්ලි , උබල අපි කරපු දේවල් කරන්න හිතලවත් නෑ..
බම්බුව තමයි...

Monday, February 27, 2012

විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ....

මදැයි ඉදල ඉදල බ්ලොග් පෝස්ට් එක ලිව්වම ඒක පත්තරෙත් වැටිල... කිරි අප්පට බල්ලො බුරපි... කියල දැම්මනම් ඉවරයිනේ... කොල්ලො කියනකන් මමවට් දන්නෙ නෑ....


Sunday, January 29, 2012

සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්....



මේකෙ කිසි විද්යාවවක් නම් නෑ..
හැබැයි මේක මේ ඉවසන් ඉන්න බැරිම තැන ලියන්නේ.. අහන අහන හැම එකාම කියන්නෙ කොල්ලො අඩන්නෙ නෑ. නිකන් අඩල මෙතන කෙල්ලෙක් වෙන්න හදන්න එපා.. කොල්ලෙක් උනාම සන්වේදී වෙන්න හොද නෑ.. ඇයි යකෝ, කොහෙද මොන පොතෙද ලියල තියෙන්නෙ සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් රදා පවතිනව කියල ??? කොල්ලෙක් ඇඩුව කියල මොකක්ද වෙන්නෙ ? ඇයි කොල්ලන්ට අඩන්න හොද නැද්ද ??? සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්....