ආකිමිඩිස් නියමය
වස්තුවක් භාගික වශයෙන් හෝ සම්පූර්නයෙන් නිශ්චල අසම්පීඩ්‍ය් තරලයක ගිලී පවතින විට එහි ඇති වන උඩුකුරු තෙරපුම එමගින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ.
සාධනය
තරලයේ ගිලී ඇති විට පීඩන ඇති වන්නෙ මේ අයුරිනි.

ඝනකයක් සලකා

A = ඝනකයේ පතුලේ පෘෂ්ට වර්ගඵලය
H-h = ඝනකයේ උස
A(H-h) = පරිමාව = V
ඉහල පෘෂ්ටය මත පීඩනය = hpg
බලය = Ahpg
පහල පෘෂ්ටය මත පීඩනය = Hpg
බලය = AHpg
ඉහලට බලය = A(H-h)pg
= Vpg
උඩුකුරු තෙරපුම = VPg
පහලට මුලු බලය = Mg -Vpg
= Vg(d-p)
නමුත් මෙහිදී ඝනකයට යටින් තරලය නොපැවතුනේ නම් පහලින් පීඩනයක් ඇති නොවේ.
එවිට ඉහලින් පහලට ඇති වන බලය පමණක් සම්ප්‍රයුක්ත බලයක් ලෙස තිබේ.
එවිට


මෙය practically කිරීමේදී ගැටලු ඇතිවිය හැකිය.නමුත් යටින් ඇති ස්තරය මැලියම් වැනි දෙයකින්(තරලයක් නොවන) අදාල පෘෂ්ටය සමග සම්බන්ධ කල විට එම ගැටලුව මග හැරී යනු ඇත.
ප.ලි. මොකක් හරි අව්ලක් තියෙනවනම් කියල වැරෙද්ද කමෙන්ට් කරන්න.
හොඳ උත්සහයක්.හොඳ ලිපියක්. දිගටම ලියන්න. පුළුවන්නම් විද්‍යාව.com[http://vidyawa.com] අඩවිය සමඟ සම්බන්ධ වෙන්න.
ReplyDeleteadmin{at}vidyawa{dot}com
මට ටිකක් අපැහැදිලියි ඔබ අදහස් කරන දෙය.
ReplyDeleteඇත්ත යටින් තරලය නැති නම් ඉහළින් පමණක් ඇති බලය නිසා එම වස්තුව ගිලී පැවතිය යුතුයි තමා.
නමුත් මැලියම් ගෑමෙන් සිදුවන්නේ පහලින් තවත්, පහලට යොමුවන ආතති බලයක් වස්තුවට ලබාදීමයි, එම බලය මගින් උඩිකුරු තෙරපුම ඉක්මවා යාම නිසා වස්තුව පතුළේම රැඳෙනවා.
නැතුව තරලය නැති නිසා නෙමෙයි. ඔබ කිව්වා වගේ මේක ප්‍රායෝගිකව නම් කරන්න ඉතාම අපහසු වෙයි. නමුත් උත්සාහ කරල බලන්න වටිනවා. :)
නමුත් ඇත්තටම මේක වෙනවාද???
ශිරෝෂන් : ඇරයුමට ස්තූතී. තව කලක් ගිය පසු සිතා බලන්නම්. :)
ReplyDeleteමාධව : මැලියම් ගෑමෙන් එය යම් රදවා ගැනීමට උත්සයක් යෙදෙයි. එවිට තරලය යටට ගමන් නොකර වටේ පමණක් රැදෙනවා.ඇත්ත , මමත් උත්සහ කල්ල නම් නෑ..
කමෙන්ට් වලට ඔබලාට තුති.
ඒත් මැලියම් මගින් වස්තුව පහලට ඇද බැඳ තබා ගන්නා නිසා (adhesive bond එකක් හැදෙනවානෙ) නේද එතකොට වස්තුව පහල රැඳෙන්නෙ?
ReplyDeleteඔබට ඔබ කිව් දෙය කළ හැකි ක්‍රමයක් තිබෙනවා. වෙනමම රබර් වල්ලක් වැනි දෙයක් අලවන්න වස්තුවේ පතුලට. ඉන්පසු එය ද්‍රවය තුළ ගිල්වීමෙන් පසු අර වලල්ල තුළ තිබෙන ද්‍රවය ඉවත් කරන්න. (පොම්පයක් මගින් මෙය කළ හැකියිනෙ. ඔබට අවශ්‍ය වෙන්නෙත් වස්තුවට යටින් ද්‍රවය ඉවත් කිරීමනෙ.) එතකොට වස්තුවට යටින් රික්තකයක් ඇතිඋ වීම නිසා පහළින් යෙදෙන පීඩනය නැති වෙනවානෙ.