ප්‍රතික්‍රියාවක සීග්‍රතාව කෙරෙහි උත්ප්‍රේරක බලපෑම
Monday, January 31, 2011
චාලක රසායනය
චාලක රසායනය Chemical Kinetics
සීග්‍රතාව :
ඒකක කාලයකධී සිදුවන වෙනස්වීම් ප්‍රමාණය.. = වෙනස්වීම් ප්‍රමාණය / කාලය
ප්‍රතික්‍රියාවක සීග්‍රතාව :
ඒකක කාලයකදී සෑදෙන ඵල හෝ වැය වන ප්‍රතික්‍රියක ප්‍රමාණය.
A + 2B ----> 3C + D
R = Δ A / Δ t = Δ B / Δ t x 2 = Δ C / Δ t x 3 = Δ D / Δt
ප්‍රතික්‍රියාවක සීග්‍රතාවය කෙරෙහි බලපාන සාධක
- උෂ්ණත්වය
- සාන්ද්‍රණය
- උත්ප්‍රේරක
- භවුතික ස්වභාවය
- තරංග හා විකිරණ
- ධාරාව
- මන්තනය ( අමතර කරුණකි)
Tuesday, January 11, 2011
සංයෝග හා අයනවල වර්ණ - Color of chemicals
සංයෝග හා අයනවල වර්ණ Color of chemicals
ස්ට්රොන්ටියම් කාබනේට් - SrCO3
කැල්සියම් කාබනේට් - CaCO3
ලෙඩ් ක්ලෝරයිඩ් - PbCl2
ලෙඩ් බ්‍රෝමයිඩ් - PbBr2
සිල්වර් ක්ලෝරයිඩ් - AgCl
සිල්වර් කාබනේට් - Ag2CO3
බේරියම් සල්ෆේට් - BaSO4
කැඩ්මියම් සයනයිඩ් - Cd(CN)2
බිස්මත් හයිඩ්රොක්සයිඩ් - Bi(OH)2
සින්ක් හයිඩ්රොක්සයිඩ් - Zn(OH)2
ලෙඩ් සල්ෆේට් - PbSO4
මැංගනීස් හයිඩ්රොක්සයිඩ් - Mn(OH)2
මර්කියුරස් ක්ලෝරයිඩ් - Hg2Cl2
බේරියම් සල්ෆයිට් - BaSO4
හයිඩ්රජන් ක්ලෝරයිඩ් වායුව - HCl
කැඩ්මියම් හයිඩ්රොක්සයිඩ් - Cd(OH)2
සින්ක් සල්ෆයිඩ් - ZnS
සිල්වර් බ්‍රෝමයිඩ් - AgBr ( ලා කහ )
සිල්වර් අයඩයිඩ් - AgI ( තද කහ )
සෝඩියම් ක්‍රෝමේට් - Na2CrO4
මර්කියුරික් ඔක්සයිඩ් - HgO
මර්කියුරස් අයඩයිඩ් - Hg2I2 ( කොළ / කහ )
කැඩ්මියම් සල්ෆයිඩ් - CdS
ආසනික් සල්ෆයිඩ් - As2S3
ස්ටැනික් සල්ෆයිඩ් - SnS2
ලෙඩ් මොනොක්සයිඩ් - PbO
Zn(OH)2 , ZnCO3 , ZnC2O4 , Zn(NO2)2 හා Zn(NO3)2 තදින් රත් කළ විට කහපාට වන අතර සිසිල් වු විට සුදු පාට වේ.
ක්‍රෝමේට් ලවණ කහ පාට වේ.. ෆෙරික් අයන අඩංගු සංයෝග කහ පාට ( දුඹුරු පාටට හුරු ) වේ.
ෆෙරෝසයනයිඩ් කහ පාට සංයෝග වේ. නෙස්ලර් ප්‍රතිකාරකය (K2HgI4) කහ පාට වේ.
නිකල් සල්ෆේට් - NiSO4
නිකල් හයිඩ්රොක්සයිඩ් - Ni(OH)2
ක්රෝමික් හයිඩ්රොක්සයිඩ් - Cr(OH)3 ( නිලට හුරු කොළ )
පොටෑසියම් මැංගනේට් - K2MnO4
ක්‍රෝමියම් සල්පේට් - Cr2(SO4)3
ෆෙරස් ඔක්සයිඩ් - FeO
ක්‍රෝමියම් සෙක්ස්වි ඔක්සයිඩ් - Cr2O3
කොපර් කාබනේට් - CuCO3
ෆෙරස් හයිඩ් රොක්සයිඩ් - Fe(OH)2
කොපර් , ක්‍රෝමියම් සහ නිකල් ලවණ කොළ පාට වේ. ෆෙරස් ලවණ ලා කොළ පාට වේ.
කියුප්රික් හයිඩ්රොක්සයිඩ් - Cu(OH)2 ( ලා නිල් )
කොපර් සල්ෆේට් - CuSO4 ( ජලීය ද්‍රාවණ නිල් පාටයි )
කොපර් නයිට්රේට් - Cu(NO3)2
ඇතැම් කොපර් ලවණ සහ නිර්ජලීය කොබෝල්ට් ලවණ නිල් පාට වේ.
කියුප් රික්ඔක්සයිඩ් - CuO
කොපර් සල්ෆයිඩ් - CuS
සිල්වර් සල්ෆයිඩ් - Ag2S
මර්කියුරික් ඔක්සයිඩ් - HgO
ෆෙරාසෝ ෆෙරික් ඔක්සයිඩ් - Fe3O4
මර්කියුරික් සල්ෆයිඩ් - HgS
ලෙඩ් සල්ෆයිඩ් - PbS
බිස්මත් සල්ෆයිඩ් - Bi2S3
නිකල් සල්ෆයිඩ් - NiS
කොබෝල්ට් සල්ෆයිඩ් - CoS
ප'මැංගනික් අම්ලය - HMnO4 ( ලා රතු / ලා දම් )
ෆෙරික් හයිඩ්රොක්සයිඩ් - Fe(OH)3 ( රතට හුරු දුඹුරු )
ෆෙරික් තයෝසයනේට් - Fe(CNS)3 ( තද රතු )
මැංගනීස් ඩයොක්සයිඩ් - MnO2 ( තද දුඹුරු )
මැංගනීස් හයිඩ්රොක්සයිඩ් - Mn(OH)3 ( දුඹුරු )
කොබෝල්ට් සයනයිඩ් - Co(CN)2 ( රතට හුරු දුඹුරු )
කොෆර් පෙරොසයනයිඩ් - Cu2Fe(CN)6 ( තද දුඹුරු )
සිල්වර් ක්‍රෝමේට් - Ag2CrO4 ( ගඩොල් රතු )
සිල්වර් ඔක්සයිඩ් - Ag2O ( දුඹුරු )
ම'කියුරික් අයඩයිඩ් - HgI2 ( තද රතු )
ඇන්ටිමනි සල්ෆයිඩ් - Sb2S3 ( තැඹිලි )
ස්ටැනස් සල්ෆයිඩ් - SnS ( දුඹුරු )
පොටෑසියම් ෆෙරිසයනයිඩ් - K3Fe(CN)6 ( දුඹුරු පාට ද්‍රාවනයකි. ස්ඵටික තැඹිලි පාටයි )
ෆෙරික් ඔක්සයිඩ් - Fe2O3 ( රතට හුරු දුඹුරු )
ඇමෝනියම් ඩයික්‍රෝමේට් - (NH4)2Cr2O7 ( තැඹිලි )
ලෙඩ් ඩයොක්සයිඩ් - PbO2 ( තද දුඹුරු )
කියුප්රස් ඔක්සයිඩ් - Cu2O ( රතු )
මර්කියුරස් ඔක්සයිඩ් - Hg2O ( රතු )
ලෙඩ් ටෙට්ට්රොක්සයිඩ් - Pb3O4 ( රතු )
ලෙඩ් ක්‍රෝමේට් - PbCrO4 ( රතු )
කියුප්රස් ක්ලෝරයිඩ් - CuCl ( දුඹුරු )
ජලීය කෝබෝල්ට් ලවණ ( ලා රතු )
ෆෙරීසයනයිඩ් සංයෝග ( රතට හුරු දුඹුරු )
ඩ්යික්රෝමේට් ලවණ ( රතු )
පර්මැංගනේට් ලවණ ( දම් )
මැංගනීස් ලවණ ( ලා රෝස )
ක්‍රෝමියම් ලවණ ( දම් )
ජලීය ද්‍රාවණවලදී d ගොනුවේ අයනවල වර්ණය
Fe+2 - ලා කොළ / කිලිටි කොළ
Fe+3 - කහ / දුඹුරු
Cu+2 - නිල්
Zn+2 - අවර්ණ
Co+3 - නිල්
Co+2 - ලා රෝස
Mn+2 - ලා රෝස
Mn+3 - දම් / රතු
Cr+2 - නිල්
Cr+3 - දම් / කොළ
V+2 - දම්
V+3 - කොළ
Sc+3 - අවර්ණ
1. සුදු පාට සංයෝග
බේරියම් කාබනේට්- BaCO3ස්ට්රොන්ටියම් කාබනේට් - SrCO3
කැල්සියම් කාබනේට් - CaCO3
ලෙඩ් ක්ලෝරයිඩ් - PbCl2
ලෙඩ් බ්‍රෝමයිඩ් - PbBr2
සිල්වර් ක්ලෝරයිඩ් - AgCl
සිල්වර් කාබනේට් - Ag2CO3
බේරියම් සල්ෆේට් - BaSO4
කැඩ්මියම් සයනයිඩ් - Cd(CN)2
බිස්මත් හයිඩ්රොක්සයිඩ් - Bi(OH)2
සින්ක් හයිඩ්රොක්සයිඩ් - Zn(OH)2
ලෙඩ් සල්ෆේට් - PbSO4
මැංගනීස් හයිඩ්රොක්සයිඩ් - Mn(OH)2
මර්කියුරස් ක්ලෝරයිඩ් - Hg2Cl2
බේරියම් සල්ෆයිට් - BaSO4
හයිඩ්රජන් ක්ලෝරයිඩ් වායුව - HCl
කැඩ්මියම් හයිඩ්රොක්සයිඩ් - Cd(OH)2
සින්ක් සල්ෆයිඩ් - ZnS
2. කහ පාට සංයෝග
ලෙඩ් අයඩයිඩ් - PbI2සිල්වර් බ්‍රෝමයිඩ් - AgBr ( ලා කහ )
සිල්වර් අයඩයිඩ් - AgI ( තද කහ )
සෝඩියම් ක්‍රෝමේට් - Na2CrO4
මර්කියුරික් ඔක්සයිඩ් - HgO
මර්කියුරස් අයඩයිඩ් - Hg2I2 ( කොළ / කහ )
කැඩ්මියම් සල්ෆයිඩ් - CdS
ආසනික් සල්ෆයිඩ් - As2S3
ස්ටැනික් සල්ෆයිඩ් - SnS2
ලෙඩ් මොනොක්සයිඩ් - PbO
Zn(OH)2 , ZnCO3 , ZnC2O4 , Zn(NO2)2 හා Zn(NO3)2 තදින් රත් කළ විට කහපාට වන අතර සිසිල් වු විට සුදු පාට වේ.
ක්‍රෝමේට් ලවණ කහ පාට වේ.. ෆෙරික් අයන අඩංගු සංයෝග කහ පාට ( දුඹුරු පාටට හුරු ) වේ.
ෆෙරෝසයනයිඩ් කහ පාට සංයෝග වේ. නෙස්ලර් ප්‍රතිකාරකය (K2HgI4) කහ පාට වේ.
3. කොළ පාට සංයෝග
ෆෙරස් හයිඩ්රොක්සයිඩ් - Fe(OH)2 ( කිලිටි කොළ )නිකල් සල්ෆේට් - NiSO4
නිකල් හයිඩ්රොක්සයිඩ් - Ni(OH)2
ක්රෝමික් හයිඩ්රොක්සයිඩ් - Cr(OH)3 ( නිලට හුරු කොළ )
පොටෑසියම් මැංගනේට් - K2MnO4
ක්‍රෝමියම් සල්පේට් - Cr2(SO4)3
ෆෙරස් ඔක්සයිඩ් - FeO
ක්‍රෝමියම් සෙක්ස්වි ඔක්සයිඩ් - Cr2O3
කොපර් කාබනේට් - CuCO3
ෆෙරස් හයිඩ් රොක්සයිඩ් - Fe(OH)2
කොපර් , ක්‍රෝමියම් සහ නිකල් ලවණ කොළ පාට වේ. ෆෙරස් ලවණ ලා කොළ පාට වේ.
4. නිල් පාට සංයෝග
පොටෑසියම් ෆෙරොෆෙරිසයනයිඩ් - KFe[Fe(CN)6] ( ප්‍රශියන් නිල් )කියුප්රික් හයිඩ්රොක්සයිඩ් - Cu(OH)2 ( ලා නිල් )
කොපර් සල්ෆේට් - CuSO4 ( ජලීය ද්‍රාවණ නිල් පාටයි )
කොපර් නයිට්රේට් - Cu(NO3)2
ඇතැම් කොපර් ලවණ සහ නිර්ජලීය කොබෝල්ට් ලවණ නිල් පාට වේ.
5. කලු පාට සංයෝග
ෆෙරස් සල්ෆයිඩ් - Fesකියුප් රික්ඔක්සයිඩ් - CuO
කොපර් සල්ෆයිඩ් - CuS
සිල්වර් සල්ෆයිඩ් - Ag2S
මර්කියුරික් ඔක්සයිඩ් - HgO
ෆෙරාසෝ ෆෙරික් ඔක්සයිඩ් - Fe3O4
මර්කියුරික් සල්ෆයිඩ් - HgS
ලෙඩ් සල්ෆයිඩ් - PbS
බිස්මත් සල්ෆයිඩ් - Bi2S3
නිකල් සල්ෆයිඩ් - NiS
කොබෝල්ට් සල්ෆයිඩ් - CoS
5. රතු පාට , දුඹුරු පාට , තැඹිලි පාට සංයෝග
මැංගනීස් සල්ෆයිඩ් - MnS ( ලා රතු / ලා දම් )ප'මැංගනික් අම්ලය - HMnO4 ( ලා රතු / ලා දම් )
ෆෙරික් හයිඩ්රොක්සයිඩ් - Fe(OH)3 ( රතට හුරු දුඹුරු )
ෆෙරික් තයෝසයනේට් - Fe(CNS)3 ( තද රතු )
මැංගනීස් ඩයොක්සයිඩ් - MnO2 ( තද දුඹුරු )
මැංගනීස් හයිඩ්රොක්සයිඩ් - Mn(OH)3 ( දුඹුරු )
කොබෝල්ට් සයනයිඩ් - Co(CN)2 ( රතට හුරු දුඹුරු )
කොෆර් පෙරොසයනයිඩ් - Cu2Fe(CN)6 ( තද දුඹුරු )
සිල්වර් ක්‍රෝමේට් - Ag2CrO4 ( ගඩොල් රතු )
සිල්වර් ඔක්සයිඩ් - Ag2O ( දුඹුරු )
ම'කියුරික් අයඩයිඩ් - HgI2 ( තද රතු )
ඇන්ටිමනි සල්ෆයිඩ් - Sb2S3 ( තැඹිලි )
ස්ටැනස් සල්ෆයිඩ් - SnS ( දුඹුරු )
පොටෑසියම් ෆෙරිසයනයිඩ් - K3Fe(CN)6 ( දුඹුරු පාට ද්‍රාවනයකි. ස්ඵටික තැඹිලි පාටයි )
ෆෙරික් ඔක්සයිඩ් - Fe2O3 ( රතට හුරු දුඹුරු )
ඇමෝනියම් ඩයික්‍රෝමේට් - (NH4)2Cr2O7 ( තැඹිලි )
ලෙඩ් ඩයොක්සයිඩ් - PbO2 ( තද දුඹුරු )
කියුප්රස් ඔක්සයිඩ් - Cu2O ( රතු )
මර්කියුරස් ඔක්සයිඩ් - Hg2O ( රතු )
ලෙඩ් ටෙට්ට්රොක්සයිඩ් - Pb3O4 ( රතු )
ලෙඩ් ක්‍රෝමේට් - PbCrO4 ( රතු )
කියුප්රස් ක්ලෝරයිඩ් - CuCl ( දුඹුරු )
ජලීය කෝබෝල්ට් ලවණ ( ලා රතු )
ෆෙරීසයනයිඩ් සංයෝග ( රතට හුරු දුඹුරු )
ඩ්යික්රෝමේට් ලවණ ( රතු )
පර්මැංගනේට් ලවණ ( දම් )
මැංගනීස් ලවණ ( ලා රෝස )
ක්‍රෝමියම් ලවණ ( දම් )
ජලීය ද්‍රාවණවලදී d ගොනුවේ අයනවල වර්ණය
Fe+2 - ලා කොළ / කිලිටි කොළ
Fe+3 - කහ / දුඹුරු
Cu+2 - නිල්
Zn+2 - අවර්ණ
Co+3 - නිල්
Co+2 - ලා රෝස
Mn+2 - ලා රෝස
Mn+3 - දම් / රතු
Cr+2 - නිල්
Cr+3 - දම් / කොළ
V+2 - දම්
V+3 - කොළ
Sc+3 - අවර්ණ
ඩොප්ලර් ආචරණය – Doppler effect
ඩොප්ලර් ආචරණය – Doppler effect
නලාව නාද කරමින් ඔබ වෙතට පැමිණෙන රථයක නලා හඩෙහි සංඛ්‍යාතය වැඩිවන බවත්, ඔබෙන් රථය ඉවතට යන විට නලා හඩෙහි සංඛ්‍යාතය අඩුවන බවත්, ඔබට හැගී ඇතිබව නොඅනුමානය.
මෙසේ ප්රභවය (නලා ශබ්දය) හා නිරීක්ෂකයා (නලා ශබ්දය ශ්‍රවනය කරන්නා) අතර සාපේක්ෂව ඇතිවන චලිතය හේතුකොට ගෙන දෘෂ්‍ය සංඛ්‍යාතය (අපට ශ්‍රවනය වන ශබ්දය) ප්‍රභවයේ නියම සංඛ්‍යාතයට වඩා වෙනස් වීම ඩොප්ලර් ආචරණය ලෙස හැදින්වේ.
මෙය මුලින්ම අධ්‍යයනය කරන ලද්දේ 1842 දී ක්‍රිස්ටියන් ඩොප්ලර් නැමති භෞතික විද්‍යාඥයා විසිනි.
ප්රභවය නිරීක්ෂකයා වෙතට ලඟාවන විට හෝ නිරීක්ෂකයා ප්රභවය වෙතට ලඟාවන විට හෝ ප්රභවය හා නිරීක්ෂකයා යන දෙදෙනාම එකිනෙක වෙතට ලඟාවන විට හෝ ඇසෙන ස්වරයේ සංඛ්‍යාතය ප්‍රභවයේ නිපදවන නියම සංඛ්‍යාතය වඩා වැඩි වේ.
ප්රභවය නිරීක්ෂකයාගෙන් ඉවතට චලිතවන විට හෝ නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට චලිත වන විට හෝ හෝ ප්රභවය හා නිරීක්ෂකයා යන දෙදෙනාම ඉවතට චලිත වන විට හෝ ඇසෙන ස්වරයේ සංඛ්‍යාතය ප්‍රභවයේ නිපදවන නියම සංඛ්‍යාතය වඩා අඩු වේ.
සියලුම තරංග වල ඩොප්ලර් ආචරණය සිදුවේ. එනම් ධ්වනි තරංග වල පමණක් නොව ආලෝක තරංග වලද මෙම ඩොප්ලර් ආචරණය සිදුවේ.
ඩොප්ලර් ආචරණයේ යෙදීම්
1. පොලිස් රේඩාර් මගින් චලනය වන වාහනයක වේගය නිර්ණය කිරීම
පොලිස් නිලධාරීන් සතුව ඇති රේඩාර් (RADAR- Radio Detection and Ranging ). තරංග උපකරණයකින් වේගය නිර්ණය කළ යුතු රථය වෙත, රේඩාර් තරංග නිකුත් කරයි. රථයෙන් පරාවර්තනය වනු ලබන මෙම තරංගයේ සංඛ්‍යාතය උපකරණය මගින් නිර්ණය කරයි. එමගින් රථයේ වේගය ගණනය කිරීමට වේග නිර්ණයකට (Speed detector) හැකිවේ.
2. වවුලන් අතිධ්වනි තරංග යොදා ගනිමින් ඩොප්ලර් ආචරණයට අනුව ඔවුන්ට ගොදුරුවන කෘමින් ආදී සතුන් හෝ පියාඹන වේගය පිළිබද අවබෝධයක් ලබා ගැනීම සිදුකරයි.
3. අතිධ්වනි තරංග යවා මව්කුස තුල සිටින දරුවකුගේ හෘද ස්පන්ධන වේගය නිර්ණය කිරීමට ඩොප්ලර් ආචරණය වැදගත් වේ.
4. රුධිර සෛලවල වේගය නිර්ණය කිරීම සඳහා
අතිධ්වනි තරංග දේහය තුලට යවා රතු රුධිර සෛල මගින් පරාවර්තන වී පැමිණෙන විට ඇතිවන සංඛ්‍යාත වෙනස මගින් රුධිර ප්රවාහයේ වේගය නිර්ණය කල හැකිය.
5. විශ්වය ප්‍රසාරණය වන බව පැහැදිලි කිරීමටද ඩොප්ලර් ආචරණය යොදාගනී.
6. තාරකා වල භ්‍රමණ සහ උත්තාරණ වේගය නිර්ණයට ද යොදා ගනී.
Friday, January 7, 2011
ක්ලාස් eka
ගසති මරති මහ යුද්දෙකි....
ලේ වැගිරීම් දසත ගලති....
ඒ මැද්දට මැදිවු මා
අසරණයෙකි..
ඔරලෝසු කටු කැරකුණි..
කඩු හරඹ නිම වුනි
ක්ලාස් eka ඇරුනි
සාමය උදාවුනි.
හෙළ වදන් සිහි කරමිනි
සුද්දන්ට බනිමිනි
වරුසාව මැදිනි
යන්නට ආවෙමි
වරුසාව තද වුනි
කැන්ටිමට රිංගුවෙමි
කේන්තිය නිවෙන තෙක්
බඩපුරා කෑවෙමි
ලේ වැගිරීම් දසත ගලති....
ඒ මැද්දට මැදිවු මා
අසරණයෙකි..
ඔරලෝසු කටු කැරකුණි..
කඩු හරඹ නිම වුනි
ක්ලාස් eka ඇරුනි
සාමය උදාවුනි.
හෙළ වදන් සිහි කරමිනි
සුද්දන්ට බනිමිනි
වරුසාව මැදිනි
යන්නට ආවෙමි
වරුසාව තද වුනි
කැන්ටිමට රිංගුවෙමි
කේන්තිය නිවෙන තෙක්
බඩපුරා කෑවෙමි
ගුරුත්වාකර්ෂණ බල ( ශ්‍රාව) රේඛා
ගුරුත්වාකර්ෂණ බල ( ශ්‍රාව) රේඛා ( Gravitational Field lines / Gravitational Flux)
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රයක නිධහස් කල අංශු මාත්‍රීය ස්කන්ධයක් , ඒ මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය යටතේ ගමන් කිරීමට පෙලබෙන පථයයි.
උදා : ගෝලීය ස්කන්ධයක් අවට ශ්‍රාව රේඛා
ක්ෂේත්‍ර 02 - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
ක්ෂේත්‍ර 02
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර (Gravitational Field )
ස්කන්ධයක් මත බලයක් ඇති කල හැකි ප්රදේශයයි.
සෑම ස්කන්ධයක් අවටම මෙවැනි ක්ෂේත්රයක් පවතී.
- ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර බල ක්ෂේත්‍ර වේ
- ස්කන්ධ අතර හට ගන්න බල ගුරුත්ව බල වන අතර ඒවා සෑම විටම ආකර්ෂණය වේ.
- යම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ ක්ෂේත්රයක් පවතී දැයි සෙවීමට එම ලක්ශයෙහි තැබූ කුඩා ස්කන්ධයක් මත බලයක් යෙදේ දැයි පරික්ෂ කල යුතුය.
Monday, January 3, 2011
මිනිස් කණ

මේක ගොඩක් අය අඳුරනවා ඇති කියලා හිතනවා.මිනිස් කණ තමා මේ.මේකේ පොඩි සිද්දියක් කියලා දෙන්නම්.
මේකේ බාහිර කණේ ඇති නාළයේ දිග 25mm විතර වෙනවා.ගොඩක් අය දන්නවා ඇති අපිට ඇහෙන පරාසය (20-20000)Hz බව එත් ඇහෙන්න නම් තව සාධකයක් තියෙන්න ඔන. ඒක තමා තීව්‍රතාව.සාමාන්යෙන් 3300Hz විතර තමා අඩුම තිව්රතාව තියෙන්නේ.මේ සංඛයාතයේදි කණේ බාහිර නාළය මූලිකයෙන් අනුනාද වෙනවා.මෙන්න ඔප්පුකිරීම.
(වාතයේ ධ්වනි ප්‍රවෙගය 330m/s කියලා ගත්තා)

ආකිමිඩිස් නියමයේ අපට නොපෙනෙන පැත්ත.
ආකිමිඩිස් නියමයේ අපට නොපෙනෙන පැත්ත.
ආකිමිඩිස් නියමය
වස්තුවක් භාගික වශයෙන් හෝ සම්පූර්නයෙන් නිශ්චල අසම්පීඩ්ය් තරලයක ගිලී පවතින විට එහි ඇති වන උඩුකුරු තෙරපුම එමගින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ.
සාධනය
තරලයේ ගිලී ඇති විට පීඩන ඇති වන්නෙ මේ අයුරිනි.
ඝනකයක් සලකා

A = ඝනකයේ පතුලේ පෘෂ්ට වර්ගඵලය
H-h = ඝනකයේ උස
A(H-h) = පරිමාව = V
ඉහල පෘෂ්ටය මත පීඩනය = hpg
බලය = Ahpg
පහල පෘෂ්ටය මත පීඩනය = Hpg
බලය = AHpg
ඉහලට බලය = A(H-h)pg
= Vpg
උඩුකුරු තෙරපුම = VPg
පහලට මුලු බලය = Mg -Vpg
= Vg(d-p)
නමුත් මෙහිදී ඝනකයට යටින් තරලය නොපැවතුනේ නම් පහලින් පීඩනයක් ඇති නොවේ.
එවිට ඉහලින් පහලට ඇති වන බලය පමණක් සම්ප්‍රයුක්ත බලයක් ලෙස තිබේ.
එවිට
එවිට වස්තුවෙ බර හා සම්ප්‍රයුක්ත බලය යන දෙකම පහලට තිබෙන නිසා රසදිය තුල රිජුෆෝම් වැනි දෙයක් වුවද ගිල්වා තැබිය හැක.
මෙය practically කිරීමේදී ගැටලු ඇතිවිය හැකිය.නමුත් යටින් ඇති ස්තරය මැලියම් වැනි දෙයකින්(තරලයක් නොවන) අදාල පෘෂ්ටය සමග සම්බන්ධ කල විට එම ගැටලුව මග හැරී යනු ඇත.
ප.ලි. මොකක් හරි අව්ලක් තියෙනවනම් කියල වැරෙද්ද කමෙන්ට් කරන්න.
ආකිමිඩිස් නියමය
වස්තුවක් භාගික වශයෙන් හෝ සම්පූර්නයෙන් නිශ්චල අසම්පීඩ්ය් තරලයක ගිලී පවතින විට එහි ඇති වන උඩුකුරු තෙරපුම එමගින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ.
සාධනය
තරලයේ ගිලී ඇති විට පීඩන ඇති වන්නෙ මේ අයුරිනි.

ඝනකයක් සලකා

A = ඝනකයේ පතුලේ පෘෂ්ට වර්ගඵලය
H-h = ඝනකයේ උස
A(H-h) = පරිමාව = V
ඉහල පෘෂ්ටය මත පීඩනය = hpg
බලය = Ahpg
පහල පෘෂ්ටය මත පීඩනය = Hpg
බලය = AHpg
ඉහලට බලය = A(H-h)pg
= Vpg
උඩුකුරු තෙරපුම = VPg
පහලට මුලු බලය = Mg -Vpg
= Vg(d-p)
නමුත් මෙහිදී ඝනකයට යටින් තරලය නොපැවතුනේ නම් පහලින් පීඩනයක් ඇති නොවේ.
එවිට ඉහලින් පහලට ඇති වන බලය පමණක් සම්ප්‍රයුක්ත බලයක් ලෙස තිබේ.
එවිට


මෙය practically කිරීමේදී ගැටලු ඇතිවිය හැකිය.නමුත් යටින් ඇති ස්තරය මැලියම් වැනි දෙයකින්(තරලයක් නොවන) අදාල පෘෂ්ටය සමග සම්බන්ධ කල විට එම ගැටලුව මග හැරී යනු ඇත.
ප.ලි. මොකක් හරි අව්ලක් තියෙනවනම් කියල වැරෙද්ද කමෙන්ට් කරන්න.
Subscribe to:
Posts (Atom)