Thursday, December 1, 2011

"පරිසර විනාශය කොතැන ද එතැන දේශපාලනඥයෙක්‌ ඉන්නවා"

"පරිසර විනාශය කොතැන ද එතැන
දේශපාලනඥයෙක්‌ ඉන්නවා"


සමහර ප්‍රදේශවල ගමේ ගොඩේ පරිසර සංවේදී තැන්වල, දර්ශනීය ගල් තලාවල, මැතිවරණ කාලවල දී, දේශපාලනඥයන් ගේ නම් ඡන්ද සලකුණු යනාදිය ඈතට පේන්න සටහන් කරනවා. ගස්‌වල අපි අහවල් දේශපාලනඥයා ගේ කියල දේශපාලනඥයන් ගේ ගෝලයෝ බෝඩ් ගහනවා.

මේ වන විට අපේ පරිසරය බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දිලා. බොහෝ තැන්වල ආපසු හරවන්න බැරි තරමට ම පරිසරය විනාශ වෙලා. පරිසර විනාශය කොතැන ද එතන දේශපාලනඥයකුත් ඉන්නවා" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසී ය.
පසුගිය දා කොරළඉම ඔළබොඩුව මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම "කොඩිගහකන්ද" පරිසර පද්ධතිය ආශ්‍රිතව සංවිධානය කළ සම්මන්ත්‍රණයක දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ විදුර වික්‍රමනායක මහතා, "කොඩිගහකන්ද වටේට තිබෙන්නේ ගල් කඩන තැන්. මේ ගමේ අය ජීවත් වන්නේ කළු ගල් එක්‌ක. මේ අය ගේ දරුවන්ටත් අත් කර දෙන්නේ ඒ ඉරණම නම් එතැන සංවර්ධනයක්‌ තිබෙනවා ද? කොපමණ අමාරුකම් තිබුණත් මේ වැඩිහිටි පරපුරත් බාල පරපුරත් ළඟ දී ම අභය භූමියක්‌ වන කොඩිගහකන්ද රකිනවා.
කොහොම වුණත් මම දකින සංවර්ධනය තවම අපේ රටට ඇවිල්ලා නෑ. ඇයි අපි හිතට දැනෙන සංවර්ධනයක්‌ ගැන කථා නො කරන්නේ? මෙතැන දී තමයි අපිට බුදු දහම පිටිවහලක්‌ වෙන්නේ. දහම් පාසලේ වටිනාකම දැනෙන්නේ. පරිසරය සුරකින සමාජයක්‌ දහම් පාසලෙන් බිහි කළ යුතුයි. එහෙම සමාජයකට සිතට එකඟව පරිසරය විනාශ කරන්න බැහැ. මෙවැනි අවස්‌ථාවක දී තමයි පරිසර සංවිධානවල අගය වැටහෙන්නේ. ආණ්‌ඩුවක්‌ නිවැරැදි ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කරනවා නම් ජනතාව ගේ සහාය ලබාගන්න අපහසු වෙන්නේ නෑ. මේ රටේ ජනතාව හරි දෙයක්‌ කරන කොට උපරිම සහාය ලබා දෙනවා. හොඳ ම උදාහරණයක්‌ තමයි වසර 2007, 2008 යන කාලවල දී ත්‍රස්‌තවාදය පරාජය කිරීම." යනුවෙන් පැවසී ය.
 

1 comment:

  1. ඔබේ කතාව ඇත්ත. පරිසරය පමණක් නොවෙයි..ඕනෑම විනාශයක් පිටුපස දේශපාළනය ගෑවී තියෙනවාමයි. පරිසරය සම්බන්ධව කතා කරනවානම් මට ඉස්සෙල්ලාම මතකයට එන්නෙ අම්බුළුවාගල කන්දට කරපු අපරාධය. ඇයි, මෑතකදී සිංහරාජය මැදින් දේශපාලකයෙකුගේ උවමනාවට කපන පාර..? ඇත්තටම මෙයාලාට දේශ පාළුවො කියන නම නම් හුඟක් ගැලපෙනවා.

    ReplyDelete