Friday, February 4, 2011

බවුතික විද්යාව ප්‍රයෝගික පරීක්ෂණ

බවුතික විද්යාව ප්‍රයෝගික පරීක්ෂණ අංක 01

පදාර්ථයේ ගුණ 

දිග මැනීම : ව'නියර් කැලිපරයෙන් මිනුම්

1.ස්රිජුකොනශ්‍ර ලී කැබැල්ලක මාන
2.සිලින්ඩරාකාර කුහරයක පරිමාව
3. ගෝලයක පරිමාව








1-    බාහිර හනු (පිට හනු) : වස්තුවක් තබා සිර කර ගැනීමෙන් බාහිර විෂ්කම්භය හා දිග.
2-    අභ්‍යන්තර හනු (ඇතුළු හනු) : සිලන්ඩරයක් තුළට ඇතුළු කර සිර කර ගැනීමෙන් අභ්‍යන්තර විෂ්කම්භය.
3-    ගැඹුර මනින කූර : සිලන්ඩරයක් වැනි දේක පතුලට දමා ගැඹූර.
4-    ප්‍රධාන පරිමාණය : කැලිපර වල ප්‍රධාන පරිමාණය සඳහා මිලිමීටර් වලින් ලකුණු කර ඇත.
5-    වර්නියර් පරිමාණය : සර්පණ හනුව තුල පිහිටා ඇත. වර්නියර් කොටස් 10කින් සමන්විතය.
6-    අචල හනුව : වර්නියර් කැලිපරයේ නිශ්චලව තබාගත යුතු කොටස.එක් බාහිර හනුවකුත එක් ඇතුළු හනුවකුත් ප්‍රධාන පරිමාණයත් අයත්.
7-    සර්පණ හනුව : කැලිපරයේ චලනය කළ යුතු කොටස. එක් පිට හනුවකුත් එක් ඇතුළු හනුවකුත් වර්නියර් පරිමාණයත් ගැඹුර මැනීමේ කූරත් අයත් වේ.

 


කුඩාම මිනුම.
ව'නියරයේ කොටස් ගණන n ද ඒ හා සමපාත ප්‍රදාන පරිමාණයේ , කොටස් ගණන N ද නම්.

වනියරයේ කොටස් n = ප්‍රදාන පරිමාණයේ කොටස් N

වනියර් කොටස් 1 = ප්‍රදාන පරිමාණයේ කොටස් N / n

ප්‍රදාන පරිමාණයේ කොටසක් ද වනියර් පරිමාණයේ කොටසක්ද අතර අන්තරය  = ප්‍රදාන පරිමාණයේ කොටස් 1 - N/n


මේ අන්තරය උපකරණයේ කුඩාම මිනුම ලෙස හැදින්වේ.
බොහෝ විට n = 10 , N = 9  බැවින්,
 කුඩාම මිනුම = ප්‍රදාන පරිමාණයේ කොටස්( 1 - 9/10)
                     = ප්‍රදාන පරිමාණයේ කොටස් 0.1


No comments:

Post a Comment