Wednesday, February 16, 2011

සමතුලිතතා නියතය


K අදාල උෂ්ණත්වයේ දී පද්දතියේ සමතුලිතතා නියත ලෙස හැදින්වේ. 
දෙන ලද විපර්යාසයක් සදහා සමතුලිතතා නියතය ප්‍රකාශ කිරීමේදී පහත සදහන් අවශ්‍යතා සපුරාලිය යුතුය.

  •  අදාල තුලිත ප්‍රතික්‍රිය සමීකරණය ලියා දැක්විය යුතුය. 
  •  අදාළ උෂ්ණත්වය සදහන් කල යුතුය.
  •  එක එක ප්‍රතික්‍රියකයේ සහ ඵල වල භවුතික අවස්තාව සදහන් කල යුතුය. 
මීට අමතරව පධ්දතියක සමතුලිතතා නියතය සම්බන්ධ පහත කරුණු කෙරෙහි අවධානය යොමු කල යුතුය.
  •      සමතුලිතතා නියතය මගින් ප්‍රතික්‍රියාවේ ශීග්රතාවය පිලිබදව කිසිදු තොරතුරක් ලබා නොදෙයි. 
  •      K හී අගය ක්‍රියාවලියට සම්බන්ධ ආරම්භක සාන්ධ්රන මත රදා නොපවතී.
  •      K හී අගය උෂ්ණත්වය සමග වෙනස් වේ. 
  •   සම්මුතියක් වශයෙන් K සදහා ප්‍රකාශනය ලියනු ලබන්නේ ඵල ලවයෙහි ඇතුලත් වන පරිධිය.
  •  ඝණයක හෝ සංශුධ්ධ ද්‍රව්‍යයක හෝ සාන්ද්‍රණය සෑම විටම නියතයක් සේ සලකනු ලැබේ. සමතුලිතතා නියතය සදහා ප්‍රකාශය ලිවීමේදී එම නියත අගය සමතුලිතතා නියතයට ඇතුලත් වන පරිදි ගණිත කර්ම කරනු ලබයි.
  •     සමතුලිතතා නියතයේ ඒකක ,  K  සදහා වන ප්‍රකාශය මත රැදෙයි. 

සමතුලිතතා නියමය

සමතුලිතතා නියමය
 

සංවෘත පද්දතියක කිසියම් උෂ්ණත්වයකදී සිදුවන පහත  සදහන් විපර්යාසය සලකන්න.
 
aA + bB <-> cC + dD

පද්දතිය සමතුලිතතාවේ පවතී නම් , ඒ සදහා පහත සදහන් ප්‍රකාශය ලිවිය හැක.

K = [C]c[D]d
       [A]a[B]b 

මෙහි [ ] යන්නෙන් අධාල ද්‍රව්‍ය වල සමතුලිතතා සාන්ද්‍රණය සංකේතවත් කෙරේ. පද්ධතියේ අරම්බක සාන්ද්‍රණ හෝ අවසාන සාන්ධ්රන හෝ කුමක් වුවද මෙහි K යනු උෂ්ණත්වය මත පමණක් රැදී පවතින නියතයකි.

Thursday, February 10, 2011

අයිසෙක් නිවුටන්...

අයිසෙක් නිවුටන් අපිත් දකින්නැති

 
ගණන් හදන්නැති ඒ කාලේ.........
 

 
කැම්පස් යන්නට අකුරක් මදි ඇති ... 
 


ඒකයි තවමත් මහ පාරේ.........

Friday, February 4, 2011

බවුතික විද්යාව ප්‍රයෝගික පරීක්ෂණ

බවුතික විද්යාව ප්‍රයෝගික පරීක්ෂණ අංක 01

පදාර්ථයේ ගුණ 

දිග මැනීම : ව'නියර් කැලිපරයෙන් මිනුම්

1.ස්රිජුකොනශ්‍ර ලී කැබැල්ලක මාන
2.සිලින්ඩරාකාර කුහරයක පරිමාව
3. ගෝලයක පරිමාව








1-    බාහිර හනු (පිට හනු) : වස්තුවක් තබා සිර කර ගැනීමෙන් බාහිර විෂ්කම්භය හා දිග.
2-    අභ්‍යන්තර හනු (ඇතුළු හනු) : සිලන්ඩරයක් තුළට ඇතුළු කර සිර කර ගැනීමෙන් අභ්‍යන්තර විෂ්කම්භය.
3-    ගැඹුර මනින කූර : සිලන්ඩරයක් වැනි දේක පතුලට දමා ගැඹූර.
4-    ප්‍රධාන පරිමාණය : කැලිපර වල ප්‍රධාන පරිමාණය සඳහා මිලිමීටර් වලින් ලකුණු කර ඇත.
5-    වර්නියර් පරිමාණය : සර්පණ හනුව තුල පිහිටා ඇත. වර්නියර් කොටස් 10කින් සමන්විතය.
6-    අචල හනුව : වර්නියර් කැලිපරයේ නිශ්චලව තබාගත යුතු කොටස.එක් බාහිර හනුවකුත එක් ඇතුළු හනුවකුත් ප්‍රධාන පරිමාණයත් අයත්.
7-    සර්පණ හනුව : කැලිපරයේ චලනය කළ යුතු කොටස. එක් පිට හනුවකුත් එක් ඇතුළු හනුවකුත් වර්නියර් පරිමාණයත් ගැඹුර මැනීමේ කූරත් අයත් වේ.

 


කුඩාම මිනුම.
ව'නියරයේ කොටස් ගණන n ද ඒ හා සමපාත ප්‍රදාන පරිමාණයේ , කොටස් ගණන N ද නම්.

වනියරයේ කොටස් n = ප්‍රදාන පරිමාණයේ කොටස් N

වනියර් කොටස් 1 = ප්‍රදාන පරිමාණයේ කොටස් N / n

ප්‍රදාන පරිමාණයේ කොටසක් ද වනියර් පරිමාණයේ කොටසක්ද අතර අන්තරය  = ප්‍රදාන පරිමාණයේ කොටස් 1 - N/n


මේ අන්තරය උපකරණයේ කුඩාම මිනුම ලෙස හැදින්වේ.
බොහෝ විට n = 10 , N = 9  බැවින්,
 කුඩාම මිනුම = ප්‍රදාන පරිමාණයේ කොටස්( 1 - 9/10)
                     = ප්‍රදාන පරිමාණයේ කොටස් 0.1


Tuesday, February 1, 2011

ප්‍රතික්‍රියාවක සීග්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියක වල භවුතික ස්වභාවයේ බලපෑම

 ප්‍රතික්‍රියාවක සීග්‍රතාවය කෙරෙහි ප්‍රතික්‍රියක වල භවුතික ස්වභාවයේ බලපෑම 
  

2 HCl + CaCO-> CaCl+ CO+ H2O


















  • CO2 වායු බුබුළු පිටවන සීග්‍රතාවය නිරීක්ෂණය කරයි.