Sunday, January 29, 2012

සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්....



මේකෙ කිසි විද්යාවවක් නම් නෑ..
හැබැයි මේක මේ ඉවසන් ඉන්න බැරිම තැන ලියන්නේ.. අහන අහන හැම එකාම කියන්නෙ කොල්ලො අඩන්නෙ නෑ. නිකන් අඩල මෙතන කෙල්ලෙක් වෙන්න හදන්න එපා.. කොල්ලෙක් උනාම සන්වේදී වෙන්න හොද නෑ.. ඇයි යකෝ, කොහෙද මොන පොතෙද ලියල තියෙන්නෙ සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් රදා පවතිනව කියල ??? කොල්ලෙක් ඇඩුව කියල මොකක්ද වෙන්නෙ ? ඇයි කොල්ලන්ට අඩන්න හොද නැද්ද ??? සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් පරායත්ත නැති බව මතක තියා ගනින්....

Monday, January 9, 2012

පත්තරේ තියෙන දේ තමා මේ... ඇත්තටම මෙහෙමවත් ගනනයක් සිදු උනාද ???

පත්තරේ තියෙන දේ තමා මේ...
ඇත්තටම මෙහෙමවත් ගනනයක් සිදු උනාද ???



ඉසෙඩ් ලකුණ ගැන කාටත් වැටහෙන පැහැදිලි කිරීමක්‌


අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු
BSc.(Eng), EDBA




සරත් හා ගාමිණී ව්‍යාපාරිකයෝ වෙති. 2011 දෙසැම්බර් 31 වැනි දින සරත් ගේ හා ගාමිණී ගේ වාහන වෙළෙඳසල්වල වාහන 4 බැගින් ඉතිරි වී තිබිණි. මේ වාහන හැරුණු විට දෙදෙනාට කිසි ම වත්කමක්‌ නොමැති යෑයි සිතමු.

සරත් හා ගාමිණී දෙදෙනා ගෙන් වැඩි වත්කමක්‌ ඇත්තේ කාට ද? දෙදෙනාට ම වාහන 4 බැගින් හිමි නිසා දෙදෙනා ගේ වත්කම් සමාන යෑයි සිතිය හැකි ය. වාහන සම්බන්ධව අන් කිසි තොරතුරක්‌ නො දන්නේ නම් වත්කම් සමාන යෑයි සිතීමට යමකු පෙලඹිය හැකි ය.

එහෙත් දෙදෙනා ගේ වත්කම් පිළිබඳ වඩා නිවැරැදි නිගමනයකට පැමිණීමට වාහන වර්ග, ඒවායේ අලුත් හෝ

පැරැණි ස්‌වභාවය සැලකිල්ලට ගත යුතු ය. කොටින් ම දෙදෙනා ගේ වාහනවල වටිනාකම් පිළිබඳව රුපියල් ශතවලින් නිවැරැදි හෝ පිළිගත හැකි ඇස්‌තමේන්තුවක්‌ ලබාගෙන ඒ අනුව වාහනවල වටිනාකම් පොදු සාධාරණ ඒකකයකට ගෙන ආ යුතු ය. දැන් එම වටිනාකම් එකතු කර බැලීමෙන් වැඩි වත්කමක්‌ ඇත්තේ සරත්ට ද, නැත හොත් ගාමිණීට දැයි වඩා නිවරැදිව නිගමනය කළ හැකි ය.

අපි තවත් උදාහරණයක්‌ ගමු. කාන්ති හා ශීලා පිටරට රැකියා කර එක ම දිනයක ලංකාවට පැමිණෙන්නේ යෑයි සිතමු. ඔවුන් ගෙදර රැගෙන එන විදේශීය මුදල් පහත දැක්‌වෙන්නේ යෑයි සිතමු.

            කාන්ති  ශීලා

ඩොලර්     230   340

පවුම්        40     60

දිනාර්       620   490

එකතුව     890  890

මේ දෙදෙනා ගේ මුදල් වර්ග නො සලකා එකතු කළ හොත් එක ම අගයක්‌ ලැබී තිබේ. එහෙත් වැඩිපුර වටිනාකමක්‌ ඇති මුදල් ගෙදර ගෙනෙන්නේ කවුද? නිවැරැදි තීරණයක්‌ ගැනීමට හොඳ ම ක්‍රමය නම් ඩොලර්, පවුම් හා දිනාර් එක ම මුදල් ඒකකයකට පරිවර්තනය කර සලකා බැලීම බව පැහැදිලි ය. මෙහි දී වඩාත් ම යෝග්‍ය ඒකකය රුපියල් ශත බව පැහැදිලි වේ.

සුනිල් හා ජයන්ත උසස්‌ පෙළ අවසන් කළ සිසුන් දෙදෙනෙකි. ඔවුහු 2009 වසරේ අගෝස්‌තු මාසයේ භෞතික විද්‍යාව, සංයුක්‌ත ගණිතය හා ජීව විද්‍යාව යන විෂයයන් තුන සඳහා උසස්‌ පෙළ විභාගයට වාඩි වූ හ. දෙදෙනා ගේ ප්‍රතිඵල සඳහා දළ (අමු) ලකුණු (raw marks)) පහත දැක්‌වේ.



එක්‌තරා උසස්‌ අධ්‍යාපන ආයතනයක එක ම විෂය පථයක්‌ හැදෑරීමට ඉතිරි වී ඇති එක ම එක පුරප්පාඩුවක්‌ සඳහා සුනිල් හා ජයන්ත යන දෙදෙනා ම අයදුම් කළේ යෑයි සිතමු. මේ දෙදෙනා ගැන ලබාගත හැක්‌කේ ඉහත සඳහන් උසස්‌ පෙළ ලකුණු පිළිබඳ දත්ත පමණක්‌ නම් ආයතනය විසින් මේ දෙදෙනා ගෙන් තෝරාගත යුත්තේ කවු ද? සුනිල් ද? ජයන්ත ද?

දෙදෙනා ගේ ම ලකුණු එකතුව සමාන ය. එහෙත් ඉහත දැක්‌වූ වාහන පිළිබඳ ප්‍රශ්නයේ දී හෝ විදේශීය මුදල් පිළිබඳ ප්‍රශ්නයේ දී හෝ මෙන් මේ ලකුණු තුළ ද, අන්තර්ගත යම් ප්‍රශ්නයක්‌, යම් විෂමතාවක්‌ තිබිය හැකි ය.

දෙදෙනා ගේ ලකුණු එකතුව සමාන නමුත්, විෂයයන් වශයෙන් දෙදෙනා ගේ ලකුණු වෙනස්‌ ය. වැඩි වටිනාකමක්‌ ඇති ලකුණු ඇත්තේ කාට ද? මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට විවිධ විදේශීය මුදල් එක ම ඒකකයක්‌ වූ රුපියල් ශතවලට ගෙන ආවාක්‌ මෙන් විවිධ විෂයන් ගේ ලකුණු කිසියම් පිළිගත හැකි, සම්මත, සාධාරණ හා විද්‍යාත්මක පොදු ඒකකයකට ගෙන ආ යුතු බව පැහැදිලි ය. දෙදෙනා ගේ ලකුණු එකතුවට වඩාත් නිවරැදි වටිනාකමක්‌, වඩා සාධාරණ අර්ථයක්‌ ලැබෙන්නේ එවිට බව පැහැදිලි ය.

උදාහරණයකට 2009 වසරේ උසස්‌ පෙළ විභාගයේ සංයුක්‌ත ගණිත විෂය පිළිබඳ ප්‍රශ්න පත්‍රය සාපේක්‌ෂව අසීරු විය හැකි ය. විභාගයට පෙනී සිටි වැඩි දෙනකුට මෙකී අමාරු ප්‍රශ්න පත්‍රය සඳහා අඩු ලකුණු ලැබී තිබුණේ නම් එම වසරේ සංයුක්‌ත ගණිතය සඳහා යම් අපේක්‌ෂකයකු ලබා ගත් ලකුණුවලට වැඩි වටිනාකමක්‌ දිය යුතු ය. එසේ ම එම වසරේ ජීව විද්‍යාව විෂයය සඳහා විභාග අපේක්‌ෂකයන්ට වැඩි ලකුණු ලැබී තිබුණේ නම් ඒ අනුව ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සාපේක්‌ෂව සරල යෑයි තීරණය කළ හැකි ය. එවිට ජීව විද්‍යාව සඳහා ශිෂ්‍යයකු වැඩි ලකුණු ලබා තිබුණ ද, එකී ලකුණක සාපේක්‌ෂ වටිනාකමේ අඩුවක්‌ ගැන සිතිය හැකි ය.

දැන් සුනිල් හා ජයන්ත ගේ ලකුණු අධ්‍යයනය කළ හොත්, වඩා අමාරු සංයුක්‌ත ගණිත විෂයයට වැඩි ලකුණු (90) ගත් ජයන්ත ගේ ලකුණුවලට වැඩි වටිනාකමක්‌ තැබිය හැකි බව බැලු බැල්මට පෙනේ.

යම් තරමක අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා ඉහත විස්‌තර කළ උදාහරණ හා තීරණ ඉතා නිවැරැදි හා විද්‍යානුකූල නො වූවත්, සුනිල් ගේ හා ජයන්ත ගේ ලකුණුවලට ඉතා විද්‍යාත්මකව හා සාධාරණව නිවැරැදි වටිනාකම් දීමට ලොව පිළිගත් ගණිතමය ක්‍රමයක්‌ සංඛ්‍යානය (Statistics) හරහා ඉදිරිපත් කළ හැකි ය. මේ සධාරණ ක්‍රමය නම් ඉසෙඩ් ලකුණු (Z-Score) සොයා ලකුණු සංසන්දනය කොට තීරණයක්‌ ගැනීම වේ.

අ.පො.ස. උසස්‌ පෙළ විභාගය ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ද්විතීය අධ්‍යාපනයේ අවසන් සහතිකකරණ විභාගයයි. 1990 දී අයදුම්කරුවන් 149,949ක්‌ ඉල්ලුම් කළ මේ විභාගයට 2009 දී අයදුම්කරුවෝ 238,921ක්‌ ඉල්ලුම් කළ හ. 1964 දී ආරම්භ කළ අ.පො.ස. (උ.පෙළ) විභාගය මඟින් මෙරට විශ්වවිද්‍යාල ප්‍රවේශය මෙන්ම අධ්‍යාපන විද්‍යා පීඨවලට ප්‍රවේශය ද තීරණය වේ. එබැවින් මේ විභාගය ඉතා තරගකාරී ය. ඊට අමතරව රැකියා සඳහා මූලික සුදුසුකමක්‌ ලෙස මෙන්ම, පෞද්ගලික අනුබද්ධිත උසස්‌ අධ්‍යාපන ආයතනවලට, නීති විද්‍යාල, වරලත් ගණකාධිකරණය, CIMA වැනි සමහර උසස්‌ අධ්‍යාපන පාඨමාලාවලට ද මෙය මූලික සුදුසුකමක්‌ ලෙස සැලකේ. විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට බලාපොරොත්තු වන සිසුන්ට ද, මේ සුදුසුකම් භාවිත කළ හැක්‌කේ එකී විශ්වවිද්‍යාල පවා අප විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වා අගයනු ලබන මෙකී විභාගය (ලොව පුරා) පිළිගන්නා බැවිනි.

එකී පිළිගැනීම් ආරක්‌ෂා වීම පිණිසත්, සැම අපේක්‌ෂකයකුට ම සාධාරණය ඉටු වීම පිණිසත් ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී හා ලකුණු දීමේ දී විභාග දෙපාර්තමේන්තුව පරීක්‌ෂකවරුන් ගේ හා ප්‍රශ්න පත්‍ර මණ්‌ඩලවලින් බලාපොරොත්තු වන කරුණු කීපයක්‌ කෙටියෙන් පහත දැක්‌වේ.

(1) අපේක්‌ෂකයන් ගේ මානසික වයසට හා අත්දැකීම්වලට සරිලන පරිදි ප්‍රශ්න පත්‍ර සැකසීම.

(2) මුළු නිර්දේශය ආවරණය වන විද්‍යානුකූල පදනමක පිහිටීම.

(3) ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා ඉහළ මානසික හැකියා මැනීමට ඉඩ තැබීම.

(4) විෂය නිර්දේශය එදිනෙදා ජීවිතයට හා වත්මන් සිදුවීම්වලට ගැලපීම.

(5) ජාතික පොදු අරමුණු හා නිපුණතා සාක්‌ෂාත් කර ගැනීමේ අවධානය.

(6) නිර්දේශයක වෙනස්‌ ඒකකවලින් දෙන ප්‍රශ්න සංඛ්‍යාව තීරණය කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම.

(7) අදාළ විෂයය කාණ්‌ඩයේ සෙසු විෂයයන් ගේ සාධන මට්‌ටම් සැලකිල්ලට ගැනීම.

(8) විකල්ප ප්‍රශ්න අතර සමාන මට්‌ටමක්‌ පවත්වාගෙන යැම.

(9) හැකි සැම විට ම ව්‍යqහගත ස්‌වරූපයෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම.

(10) අපේක්‌ෂිත පිළිතුර ලබා ගැනීමට උචිත ම වචන යොදා ගැනීම.

(11) නිවැරැදි පාරිභාෂිත වචන මාලාව.

(12) නිවැරැදි ලකුණු දීමේ පටිපාටිය.

(13) ලකුණු දීමේ දී ප්‍රශ්න විසඳීමට ගත වන කාලය පිළිබඳව සැලකීම.

(14) ලකුණු ප්‍රමාණ ප්‍රශ්න පත්‍රයේ ම සටහන් කිරීම ආදියයි.

මේ සියලු කරුණු බලාපොරොත්තු වුව ද, සියල්ල සිදු කරන්නේ මනුෂ්‍යයන් බැවින්, පරීක්‌ෂණ ලකුණු මත ශිෂ්‍ය සාධනය සම්බන්ධ තීරණ ගන්නා විභාග ක්‍රමයක්‌ පවතින අප රටේ මෙකී විභාග ක්‍රමය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක්‌ නම් පරීක්‌ෂකවරුන් ගේ ලකුණුවලත්, ප්‍රශ්න පත්‍රවල සරල හෝ අසීරු භාවයන් ගේත් දක්‌නට ලැබෙන විචල්‍යතාවන් ය. මේ නිසග විචල්‍යතාවන් නිසා පරීක්‌ෂණ ලකුණු මුල් කරගෙන ගන්නා තීරණවල විශ්වාසය පිළිබඳව ගැටලු ඇති වේ.

මේ නිසා පරීක්‌ෂණ කටයුතුවල දී සංඛ්‍යාන විද්‍යාව (Statistics) අනුව දක්‌වා ඇති විද්‍යානුකූල ක්‍රම යොදාගෙන පරීක්‌ෂකයන් ගේ ලකුණු අතරත්, අවසාන ලකුණු එකතුවලත් ඇති විචල්‍යතා අවම කිරීමට ප්‍රයත්න දරනු ලැබේ. මේ සඳහා පරීක්‌ෂකයන් ගේ දළ ලකුණුත්, විවිධ විෂයන් පිළිබඳ දළ ලකුණුත් වෙනත් පරිමාණවලට පරිවර්තනය කිරීම දක්‌නට ලැබේ. මෙසේ සිදු කරන පරිවර්තන අතර දළ දකුණු (අමු ලකුණු) සංඛ්‍යානය අනුව වූ Z නමැති ලකුණකට පරිවර්තනය කිරීම මඟින් එම ලකුණු ආශ්‍රිතව වඩා නිවැරැදි තීරණවලට එළැඹිය හැකි යෑයි පරීක්‌ෂණ පිළිබඳ විශේෂඥයෝ විශ්වාස කරති.

මේ පිළිබඳව සාමාන්‍ය මට්‌ටමේ අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා නැවතත් සුනිල් ගේ හා ජයන්ත ගේ උසස්‌ පෙළ ලකුණු පිළිබඳ ප්‍රශ්නයට යමු.

දෙදෙනා ගෙන් තෝරා ගන්නේ කවුද යන්න පිළිබඳ වඩා නිවැරැදි තීරණයක්‌ ගැනීමට ඔවුන් විෂය පිළිබඳව ලබාගෙන ඇති වෙනස්‌ වූ ලකුණුවලට, වඩාත්

නිවැරැදි වටිනාකමක්‌ දිය යුතු බව පැහැදිලි කරන ලදි.

යම් ප්‍රශ්න පත්‍රයකට සිසුන් ලබා ගත් ලකුණු පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී ළමයින් ඒ ඒ විෂයට ලබා ගත් ලකුණුවල සමාන්තර සාමාන්‍යය එනම් මධ්‍යන්‍යය (average or mean) වැදගත් සාධකයකි. එකී විෂයයෙන් විභාගයට පෙනී සිටි සියලු ළමයින්ගේ ලකුණු එකතු කොට, එකී එකතුව ළමයින් සංඛ්‍යාවෙන් බෙදීමෙන් ළමයකු ලබාගත් ලකුණුවල සාමාන්‍යය එනම් මධ්‍යන්‍යය ලැබේ.

උදාහරණ වශයෙන් 2009 අගෝස්‌තු උ.පෙළ විභාගයේ සංයුක්‌ත ගණිතයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 24,793ක්‌ ද, ළමයින් ලබාගත් සියලු ලකුණුවල එකතුව 738,583ක්‌ ද වේ.

මේ අනුව සංයුක්‌ත ගණිතය සඳහා සමාන්තර සාමාන්‍ය (මධ්‍යන්‍යය) ලකුණ

      කි.

මේ අයුරින් ම ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව සඳහා සාමාන්‍ය ලකුණු පිළිවෙළින්

   ක්‌ ද ක්‌ ද විය.

දැන් මධ්‍යන්‍යයන් අනුව බැලු බැල්මට විෂයයන් තුනෙන් සිසුන් සාමාන්‍යයෙන් සාපේක්‌ෂව වැඩි ලකුණු ලබා ඇත්තේ ජීව විද්‍යාවට බවත්, අඩු ලකුණු ලබා ඇත්තේ සංයුක්‌ත ගණිතයට බවත් පෙනේ. එවිට වැඩි දෙනකු අඩු ලකුණු ලබාගත් ගණිත විෂයයට වැඩි ලකුණු (90ක්‌) ලබා ගත් ජයන්ත ගේ ලකුණුවලට වැඩි වටිනාකමක්‌ දිය යුතු යෑයි අනුමාන කළ හැකි ය. එහෙත් මේ අනුමානය ඉතා විද්‍යාත්මක නො වේ.

මේ ලකුණුවල නිවැරැදි වටිනාකම විද්‍යාත්මකව සෙවීමට, කලින් විස්‌තර කළ Z ලකුණු සොයාගත යුතු ය. සංඛ්‍යානය නො දන්නේ නම් Z ලකුණ පිළිබඳ විස්‌තරය තේරුම් ගැනීම එතරම් සරල නො වූවත් පහත දැක්‌වෙන්නේ යම් තරමක විස්‌තරයකි.

යම් ලකුණක ප්‍රමිත ලකුණ එනම් Z ලකුණ සෙවීමට එකී ලකුණු ශේ්‍රණියේ සම්මත අපගමනය (S) නමැති තවත් රාශියක්‌ සොයාගත යුතු ය. සම්මත අපගමනය යනු ලකුණු ශේ්‍රණියක එක්‌ එක්‌ ලකුණ එම ශේ්‍රණියේ මධ්‍යන්‍යයෙන් ඈත් වන ප්‍රමාණය දැක්‌විය හැකි මිම්මකි. ප්‍රායෝගික ලකුණු ශේ්‍රණියක සම්මත අපගමනය (S) සෙවීමට අනුගමනය කළ හැකි ගණිත සූත්‍රය පසුව දක්‌වමු.

දැනට තවදුරටත් Z ලකුණ තේරුම් ගැනීමට උත්සාහ කරමු.

විෂයයක්‌ සඳහා වූ යම් ලකුණක (X); ප්‍රමිත ලකුණ හෙවත් Z ලකුණ යනු, එකී ලකුණ, විෂය සඳහා අනෙකුත් සිසුන් ලබාගත් ලකුණු විසිරීමේ (ව්‍යාප්තියේ) මැද අගයේ (එනම් මධ්‍යන්‍යයේ) () සිට කවර සම්මත අපගමන (S) ප්‍රමාණයක්‌ වැඩි පැත්තට හෝ අඩු පැත්තට හෝ පිහිටන්නේ ද යන්නයි. මධ්‍යන්‍යයෙන් වැඩි පැත්තේ ඇති ලකුණක්‌ සඳහා Z අගය ධන (+) ද, අඩු පැත්තේ ඇති ලකුණක්‌ සඳහා Z අගය සෘණ (-) ද වේ. මෙහි සම්මත අපගමනය (S) එකී ලකුණු විසිරීමට අදාළ සම්මත අපගමනය වේ.

තවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම්, Z ලකුණ යනු යම් ලකුණක්‌ (X), සියලු ළමයින් එකී විෂය සඳහා ලබා ගත් ලකුණු ශේ්‍රණියේ මධ්‍යන්‍යයේ () සිට ඈත් වන ප්‍රමාණය එම ලකුණු විසිරීමේ (ව්‍යාප්තියේ) සම්මත අපගමනයෙහි (S) භාගයක්‌ ලෙස ඉදිරිපත් කළ විට ලැබෙන අගයයි.

මෙය ගණිතමයව ලබා ගැනීමට අදාළ ලකුණු (X) හා මධ්‍යන්‍ය () අතර වෙනස ලකුණු ශේ්‍රණියේ සම්මත අපගමනයෙන් (S) බෙදිය යුතු ය.

මේ අනුව     වේ.

මේ කරුණු තවදුරටත් තේරුම් ගැනීමට පහත දැක්‌වෙන උදාහරණය සලකා බලමු. මෙහි විෂයයන් තුනකට ළමයින් 7 දෙනකු ලබාගත් ලකුණු වගුවක්‌ ඉතා සෛද්ධාන්තිකව ගොඩනඟා තිබේ. මෙහි ලකුණු වුවමනාවෙන් ම ක්‍රමානුකූල විසිරීමක්‌ අනුව සකස්‌ කර ඇත්තේ අමාරු ගණිතයකට නො ගොස්‌ සම්මත අපගමනය සොයාගත හැකි වීම පිණිසත්, තේරුම් කිරීම, සරල කිරීම පිණිසත් ය. එහෙත් ප්‍රායෝගික උදාහරණයක මෙකී ගණනය කිරීම මීට අමාරු වුවත්, මේ සරල උදාහරණයෙන් Z ලකුණ ගැන සැලකිය යුතු අවබෝධයක්‌ ලබාගත හැකි යෑයි සිතමි. මෙය මනඃකල්පිත උදාහරණයක්‌ පමණක්‌ බව සලකන්න. මේ වගුව ක්‍රමානුකූලව පිළියෙල කර ඇත්තේ සම්මත අපගමනය පහසුවෙන් ම පෙනෙන පරිදි ය.

ඉහත දළ ලකුණු වගුව ඉතා හොඳින් හා ඉවසීමෙන් පරීක්‌ෂා කරන්න. එහි දී ගණිත විෂය සඳහා සිසුන් අඩු සාධන මට්‌ටමක්‌ පෙන්නුම් කර ඇති බව පෙනේ. සමහර විට පරීක්‌ෂකවරයා අඩුවෙන් ලකුණු දෙන ක්‍රමයක්‌ අනුගමනය කරන්නට ඇති. නැත හොත් ප්‍රශ්න පත්‍රය අමාරු වැඩි ය. සමහර විට මෙවැනි කරුණු කීපයක්‌ වැඩි අඩුවෙන් මිශ්‍ර වී තිබෙන්නට පුළුවන. මේ අයුරින් අනෙක්‌ විෂයයන් ගැන ද අනුමාන කිරීම් කළ හැකි ය.

එහෙත් ඒ ඒ ලකුණු සඳහා Z ලකුණු බැලූ විට අර්ථය වෙනස්‌ වී පෙනේ. ඉන් ප්‍රකාශ වන්නේ එක්‌ එක්‌ ලකුණ එයට අයත් ශේ්‍රණියේ මැද සිට කොපමණ දුරකින් වැඩි හෝ අඩු පැත්තේ තිබේ ද යන්න සම්මත අපගමනයේ භාගයක්‌ ලෙසට ය. මේ අනුව ලකුණු ශේ්‍රණිය යම් බලපෑමකට යටත් වුවත්, Z ලකුණ මඟින් යම් දළ ලකුණක්‌ අදාළ ශේ්‍රණිය තුළ පිහිටන ස්‌ථානය වඩා ස්‌වාධීනව ප්‍රකාශ කිරීමක්‌ බව පැහැදිලි ය.

මෙසේ අපේක්‌ෂකයකු ගේ දළ ලකුණු අදාළ, ලකුණු ශේ්‍රණියේ පිහිටන ස්‌ථානය පිළිබඳ අවබෝධයක්‌ Z ලකුණෙන් ලැබෙන නිසා එය ලකුණු සැසඳීමටත්, ලකුණු එකතු කිරීමටත්, තීරණ ගැනීමටත් වඩා හොඳ නැත හොත් වඩා සාධාරණ පදනමක්‌ ලබා දෙයි.

කෙසේ වුව ද, ඉහත වගුව, පැහැදිලි කිරීම සඳහා ක්‍රමවත්ව සකසන ලද විශේෂ වගුවකි. එහි ලකුණු ක්‍රමවත්ව (වුවමනාවෙන් ම) පෙළ ගසා ඇති බැවින්, ගණිත සමීකරණයකට නො ගොස්‌ සම්මත අපගමන (S) බැලූ බැල්මට ම පෙනේ. භෞතික විද්‍යාව සඳහා සම්මත අපගමනය 6ක්‌ ද, මධ්‍යන්‍යය 43ක්‌ ද ආදී වශයෙනි.



එහෙත් ප්‍රායෝගික දළ ලකුණු ශේ්‍රණියක සම්මත අපගමනය (S) සෙවීමට ගණිතමය ක්‍රමයක්‌ අනුගමනය කළ යුතු ය. එම සමීකරණය පැහැදිලි කිරීම මෙහි දී අසීරු වුවත්, සමීකරණය පහත දැක්‌වේ.



මෙසේ සම්මත අපගමනය ගණනය කළ හැක්‌කේ බොහෝ උසස්‌ පෙළ විෂයයන් සඳහා සිසුන් ලබා ගන්නා ලකුණු ව්‍යාප්ති ප්‍රමත වක්‍රයක පිහිටා තිබීම නිසා ය.

දැන් සුනිල් ගේ හා ජයන්ත ගේ 2009 අගෝස්‌තු විභාගයේ ලකුණු නැවතත් සලකා බලමු.

ඉහත සමීකරණ අනුව ගණනය කළ, 2009 වසරේ භෞතික විද්‍යාව, සංයුක්‌ත ගණිතය හා ජීව විද්‍යාව සඳහා සම්මත අපගමනවල සත්‍ය වටිනාකම් 15.92, 18.37 හා 14.85 විය. මේ අනුව සිසුන් දෙදෙනා ගේ Z ලකුණු මෙසේ ගණනය කළ හැකි ය.



මේ අනුව වඩා සාධාරණ ලෙස ලකුණු එකතුව විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ සංයුක්‌ත ගණිතයට ජයන්තට වඩා අඩු ලකුණු ලබාගෙන තිබුණත්, සුනිල් ගේ ලකුණුවලට වැඩි වටිනාකමක්‌ ඇති බවයි. එබැවින් දෙදෙනා ගේ දළ ලකුණු එකතුව සමාන වුවත්, තෝරාගැනීමේ තීරණයේ දී සුනිල්ව තෝරා ගැනීම වඩාත් නිවැරැදි වේ.

2011 වසරේ උසස්‌ පෙළ ප්‍රතිඵල සංසන්දනය කිරීම මීටත් වඩා සංකීර්ණ වූයේ විෂය නිර්දේශයන් වෙනස්‌ වූ නිසා, එක ම විෂයයක්‌ සඳහා වුව ද, පළමු වර විභාගයට පෙනී සිටින්නන් අලුත් නිර්දේශය අනුව එක්‌ ප්‍රශ්න පත්‍රයකට ද, දෙවැනි වර පෙනී සිටින්නන් පැරැණි නිර්දේශය අනුව තවත් ප්‍රශ්න පත්‍රයකට ද පෙනී සිටි බැවිනි.

විභාග දෙකකින් ලකුණු ගත් සිසුන් ගේ ලකුණු සඳහා යම් විෂයයකට ඒකරාශි කළ Z අගයන් (Pooled Z Score)) ලබා දීම පිණිස දී ඇති විෂයකට විභාග දෙක සඳහා ඒකරාශි කළ මධ්‍යන්‍යයක්‌ (Pooled Mean) හා ඒකරාශි කළ සම්මත අපගමනයක්‌ (Pooled Standard Deviation) ලබා ගත යුතු විය. මේ සඳහා දී ඇති විෂයක ප්‍රශ්න පත්‍ර දෙක සඳහා ලකුණු ව්‍යාප්ති සැසඳිය යුතු වූ අතර, ඒකරාශි කළ මධ්‍යන්‍යය හා ඒකරාශි කළ සම්මත අපගමනය ලබා ගැනීමේ ක්‍රමය සඳහා ගණිත මහාචාර්යවරුන් ගෙන් සමන්විත කමිටුවක උපදෙස්‌ ලබාගන්නටත්, වෙන ම පරිගණක ක්‍රමලේඛන මෙහෙයුම් කරන්නටත් සිදු විය. මේ නිසා මෙවර උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම වෙන දාට වඩා ප්‍රමාද විය.

එපමණක්‌ නො ව මානසික පීඩනය යටතේ කාලය හා සටන් කරමින් නිලධාරීන් විසින් මෙය සිදු කරනු ලැබීමේ දී දිස්‌ත්‍රික්‌ක පිළිබඳව ඇති වූ සුළු පරිගණක දෝෂයක්‌ නිසා සිසුන් ගණනාවකට බලපාන ලෙස මුලින් නිකුත් කළ ප්‍රතිඵලවල දිස්‌ත්‍රික්‌ක කුසලතා ශේ්‍රණිගත කිරීම්වල දෝෂ ඇති විය. මෙය ප්‍රතිඵලවලට හෝ Z ලකුණුවලට හෝ විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සඳහා හෝ දිවයිනේ ශේ්‍රණිගත කිරීමට බල නො පෑ නමුත්, අහිංසක සිසුන් ගණනාවක ව්‍යාකූලත්වයකට හේතු විය. මෙවැනි කටයුත්තක දී කෙතරම් උනන්දුවෙන් හා වගකීමකින් ක්‍රියා කළ යුතු ද යන්නත්, සුළු දෝෂයක්‌ වුව ද කෙතරම් දෙනකුට බලපෑවේ ද යන්නත් ඉතා පැහැදිලි ය. එබැවින් එකී වගකීමෙන් පැන යන්නට අදාළ කිසිවකුට අයිතියක්‌ නැත.

කෙසේ වුව ද, පැය කිහිපයක්‌ ඇතුළත මේ දෝෂය නිවැරැදි කර යළි දිස්‌ත්‍රික්‌ කුසලතා ශේ්‍රණිගත කිරීම ඉදිරිපත් කරන ලදි. එහෙත්, සමහර දූ දරුවන් ගේ තැලුණු මනසට සැනසුමක්‌ ගෙන ආ හැක්‌කේ කෙසේ ද? මේ පිළිබඳව වාද විවාද කිරීමට වඩා වැදගත් වන්නේ කණගාටුව ප්‍රකාශ කර නැවත මෙවැනි සුළු ප්‍රශ්නයක්‌ වුව ද ඇති නො වීමට වගබලා ගැනීම ය.

Friday, December 30, 2011

හ්ම්ම් ඩවුන් හලෝ :\

හායි !
හායි !

කොහොමද රිසල්ට්ස් ?
හ්ම්ම් ඩවුන් හලෝ :\

ආහ් එහෙමද, ගනන් ගන්න එපා.. එලග පාර කරල ගොඩ දාගමු..
{ඔවු ඉතින් තොපිලට මොකද. මමනෙ නයිට් ගගහ පාඩම් කලෑඅ. මමනේ රෑ දෙගොඩ යාමෙ පාන්දර 3ට 4ට ක්ලාස් යන්න කියල යාලුවන්ගෙ ගෙවල් වල ඉදල ගෙදර ආවෙ. මමනේ පාන්දර ඇහැරිල උදේට තේක විතරක් බීල ක්ලාස් එකේ රෑ වෙනකන් ගනන් හැදුවෙ. මම වින්ද දුක මමනෙ දන්නෙ. විභාග කොමසාරිස් ඕනවට එපාවට මාර්ක් කෙරුවට මම මොනව කරන්නද} හ්ම්ම් ඔවු ඊලග පාර කරනව..

Friday, December 23, 2011

අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා

මන් දන්නව දැන් මට සමහරක් බනී..
හැබැයි හැම දේකම දෙපැත්තක් තියෙන්නත් ඕනෙ...
මේ දේත් මේ කෑ ගහන උන්දෙල තේරුම් ගන්නවනම් තම හොද....



-පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- 

යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .




Wednesday, December 21, 2011

‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම්




සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය.

කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිමේ යනකොට පිලී ජාති ගෙනියන්නේ නෑ. මෙයා කපුවා හින්දා කරවල ජාති එහෙම අරගෙන ගිහිං තිබුණා. දවසක් සියලූ දෙනාම එකතුවෙලා උදේම උයලා කෑමටික වාඩියෙ තියලා ගරන්න ගිහිං තිබුනා. මෙහෙ වාගේ තුන හතර වෙනකම් හිමේ වැඩකරන්න බෑ. උදේ දහයේ ඉදලා හවස දෙක වෙනකම් විතර තමයි වැඩ කරන්න පුලූවන්. ඉතිං මේ අය වැඩකරලා නාගෙන දෙකට විතර ඇවිත් කන්න බලනකොට බත් මුට්ටියේ ඉහඳ පනුවොලූ. ඉතිං ඒක දැකපු කපුවා බයවෙලා කට්ටිය එක්ක ආපහු එන්න ආවා. නමුත් මිනිහ ගමට එන කොට පිස්සු හැදිලා. ඒ පිස්සුව සනීප වුනේ නෑ. පස්සේ ඒ පිස්සුවෙන්ම මිනිහා මැරුනා. සිරිපා හිමේ හාස්කම් එහෙමයි.



වරක් සමනල අඩවියට ගිය පිටගංකාරයෙක් ‘‘සමන් දෙවි හාමුදුරුවන්ගේ අලියා පෙන්නන්කො’’ කියලා තියනවා. එතකොටම එතන ළග තිබුණ බටපදුර බිදින ශබ්දය ඇහිලා. අලි තමයි ඒ බට පදුර බිදින්නේ කියලා කට්ටිය දුවලා. නමුත් පස්සේ ඇවිත් බලන කොට අලි ඉදලා නෑ. කට වරද්දාගැනීම නිසා ඒ වගේ අමාරුවෙත් වැටෙනව කියලයි ගම්මු කියන්නේ.

තිහේ දශකයේ බෙලිහුල්ඔය ගලගම ප‍්‍රදේශයේ සිටි කිරිඅප්පුහාමි නම් උපාසක මහත්මයකු මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරද්දී කට වරද්දා ගැනීම නිසා දහතුන් වතාවක් ඔහුට සිරිපා මලූවට යාමට නොහැකිවූ පුවතක් පැරණි ගැමියන් අතර පවතී. සිරිපා අඩවියට ඇතුළු වන විට තුන් සරණ කීම සිරිතකි. කෙසේ හෝ උපාසක තැනට සිරිපා මළුවට යන්නට ‘‘බෑ’’ කියා කට වැරදුණි. ඔහු අන්තිමේ දී සිරිපා කරුණා කරන්නට ලැබුණොත් වෙහෙරගොඩ පන්සලේ කිරිමැටියෙන් වෛත්‍යයක් තනන බවට බාර වීමෙන් පසු දාහතර වැනි අවස්ථාවේ සිරිපා මළුවට යන්නට හැකිවූ බව ඒ අතීතය මතක තිබූ කිහිප දෙනෙක්ම පැවසූහ. ඉර අවරට යන්නට කලින් ගමෙන් පිටත් වන පිරිස රාත‍්‍රිය පුරාම ගමන් කරන්නේ සිරිපා අඩවියෙනි. ඇතැම් අවස්ථාවල ඉතා ළගපාත හේවිසි හඩ ඇහෙන්නට පටන් ගනී. එදා අද මෙන් විදුලි ආලෝකය හෝ වෙනත් සන්නිවේදන පහසුකම් නොතිබුණ නිසා සමහරු මළුව ළග යැයි රැවටෙන අවස්ථා ද තිබුණි. නමුත් ඒ හඩ ළග ඇසුන ද මළුවට ළගා වන්නට පැය දහයක්වත් ගතවු අවස්ථා තිබිණි. රාත‍්‍රි ගමනේ දී අදුර මකා ගන්නේ පන්දම් හෝ ලන්තෑරුම් එළියෙනි. ඒ නිසා නඩයේ සැම දෙනාම පෙනෙන දුරකින් යාම සිරිතකි. යම් හෙයකින් නඩයෙන් ඈත්වී තනි වුණොත් පාර වරදින්නට පුළුවන. එසේ වුවහොත් සතා සිවුපාවාට ගොදුරු විය හැකිය.



මෙවැනි නඩවල සිටින කියන දේ නාහන තරුණ ගැටවු කිහිප දෙනෙක්ම ඒ අකරතැබ්බයන්ට පත්වූ අවස්ථා ඇති බව කියන්නේ සිරිපා අඩවිය අවට ගම්වල වැඩිහිටියන්ය. එක් අවස්ථාවක එසේ නඩයෙන් ඈත්වු තරුණයෙක් රාත‍්‍රියේ අතරමං විය. ඔහු නැති බව නඬේ පිරිසට දැනුනේ අතරමග නැවතී ගිමන් හරින විටය. නඬේ ගුරුන්නාන්සේ අත්දැකීම් ඇති වැඩිහිටියෙක් විය. මුලින්ම ඔහු සමන් දෙවිදුන්ට පඩුරක් බැද බාරයක් විය. හොදින් හද එළිය තිබූ ඒ දිනයේ මේ මග හැරුණු තරුණයා සොයා වැඩිහිටියන් කිහිප දෙනෙක් ආපසු ආවේ නඬේ සෙසු පිරිස එතැන විවේක ගන්නට ඉඩ සලස්වාය. සැතපුමක් දෙකක් ආපසු එන විට පාරෙන් තරමක් දුරින් පුංචි එළියක් එහා මෙහා යනු පැමිණි කිහිප දෙනාට දැක ගන්නට ලැබී තිබේ. ඒ සමගම ගස්වල අතු බිදින ශබ්දයත් ඔවුන්ට ඇසී තිබෙනවා. ඉන් තරමක් බියට පත්වූ පිරිස අතු බිදින ශබ්දය ඇසුණු දෙසට කන් යොමාගෙන අවධානයෙන් ටික වෙලාවක් සිටිය ද කිසිදු ශබ්දයක් ඉන් පසු ඇසී නැහැ. ඒ ශබ්දය ඇසුණු දෙසට කන් යොමද්දී මුලින් දුටු එළිය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී එය නොපෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිරිස එළි වෙන තෙක් අතරමංවූ තරුණයා සෙව්ව ද ඔහු හමුවී නැහැ. එළිය වැටුණු පසු නඬේ අනික් අය බොහෝ දුරකින් ඈත්ව ඇති බව සිතා අතරමංවූ තැනැත්තා සෙවීම නවතා ආපසු ඉදිරියට ගොස් තිබේ. එසේ විනාඩි කිහිපයක් ගත වන විට වන්දනා නඩයක කතාබහක් පිරිසට ඇසී ඒ ගැන සොයා බලද්දී තමන්ගේ නඬේ පිරිස ගිමන් හරිමින් ඉන්නවා දැක තිබේ. පසුව සොයද්දී සැතපුම් ගණනක් ඇවිද තිබෙන්නේ නැවතී සිටි ස්ථානය අවටමය. නඩෙන් අතරංමංවූ තරුණයා තමන් ඉදිරියෙන් පැන්න කළු ගුලියකට බියවී ගහක් මුල සැගවී සිටි බව පවසා ඇතත් ඔහු සැගවි සිටියා යැයි කී තැනට ඔහු සෙවීමට ආ පිරිස කිහිප වතාවක්ම ඇවිත් ගොස් ඇති බව නඬේ ගුරාට අවබෝධවී තිබුණි. මෙය නඬේ කෙනකුගේ කට වරද්දා ගැනීමකින් වුවක් නිසා බව නඬේ ගුරාගේ විශ්වාසය විය. කළු ගුලියක් සේ දිස්ව ගියේ වළසාගේ දිෂ්ටිය බවට ඔහු විශ්වාස කළ බවත් අතු කඩනවා සේ ශබ්දයක් ඇසුනේ අලියාගේ වුවත් එය ද අද්භූත සිදු වීමක් ලෙස එම පිරිස විශ්වාස කළ බව ගැමියන්ගේ මතයයි. මේ සිද්ධිය මතක ඇති වැඩි දෙනෙක් ඉන් පසු සිරිපා ගමනේ දී බොහොම පරිස්සම් වන්නට වූ බව ද ඔවුහු කියති. ගලගම වෙළහාමි මහතා ද මේ ගම්වල සිරිපා නඩවල ගුරුන්නාන්සේ කෙනෙක් ලෙස කටයුතු කළ අයෙකි. වලකඩවල ගමේ පදිංචි හැත්තෑපස් හැවිරිදි එච්.ඒ. පේ‍්‍රමරත්න මහතා එවැනි මතකයන් ඇති කිහිප දෙනාගෙන් කෙනෙකි.




සිරිපා අඩවියේ බවුන් වඩන හිමිවරු ගැන කතා ද ඇත. ඒ අතර වලහා පැන්න හාමුදුරුවන් ගැන ගම් කිහිපයකදීම අසන්නට ලැබුණි. මේ වන විට ජීවතුන් අතර නොමැති බව පවසන මේ හිමිනම සිරිපා අඩවියේ දී දැක ඇත්තේ කිහිප දෙනෙක් පමණකැයි ද කියති. ඇසින් දුටුවන් කියුවැයි පවසන උදවිය පවසන්නේ සිහින් සිරුරකින් හෙබි භික්‍ෂූ නමක් එලෙස සිරිපා අඩවියේ කුණුදියගල ප‍්‍රදේශයේ ගල් ගුහාවක බවුන් වැඩූ බවයි. සිරිපා අඩවියේ වැඩෙන ඵලවැල අනුභව කරමින් මිනිස් වාසයෙන් බැහැරව විසූ උන්වහන්සේගේ මුහුණට සිරිපා අඩවියේ වෙසෙන වලසෙක් පැන හානි කිරීමෙන් පසු මුහුණෙහි යම් විකෘති බවක් ඇතිව තිබූ බවයි. වලසා පැනීමෙන් පසු ප‍්‍රතිකාර කරගෙන ඇත්තේ ද ඒ හිමියන් විසින් බවත් කැලෑ කොළ ඖෂධ ලෙස භාවිත කර ඇති බවත් සිද්ධිය ගැන දන්නා වැඩිහිටියෝ කිහිප දෙනෙක්ම කීහ. මේ අතර තවත් තොරතුරකින් කියවුණේ ජීවිතයේ සැදෑ සමයේ මේ හිමිනම සිරිපා අඩවියෙන් ගම්මානයකට පැමිණ විහාරස්ථානයක වැඩ විසිමින් සිටිය දී අපවත්වූ බවයි.

අවාරය සිරිපා අඩවියේ වන සතුන් නිදහසේ එහාමෙහා යන කාලය ලෙස සිරිපා අඩවිය අවට ගම්වල වැසියෝ කියති. අවාරයට සුදු ඇතා ද සමනොළ අඩවියේ සැරිසරන නිසා සමනොළ කන්ද පාමුල ප‍්‍රදේශයට නොයා යුතුය යන අදහසක් බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ පැරැුණියන් අතර විශ්වාසයක් පවතී. එමෙන්ම රත්නපුර පැරණි රජ මාවත ඔස්සේ ගිලීමලේ රංකොත් විහාරය ද වැද සිරිපා වදින්නට එන බැතිමත්හු අතීතයේ හිරු අවරට ගිය පසු උඩුතුලාන කදිරවාන් ඇළෙන් එගොඩ නරහින්වලින් ඉදිරියට ගමන් නොකරතියි කියති. විශේෂයෙන් රාත‍්‍රි කාලයට මෙතැනට හේවිසි හඩ ඇසෙන බවත් හාස්කම් නිසා මෙසේ රාති‍්‍ර කාලයට නොයන බව ද කියති.



තවත් එක් කතාවකට අනුව ගිනිගත්හේනට නුදුරු සිල්මාතාවක් තවත් සිල්මාතාවන් සමඟ ශ්‍රී පාද වන් දනාවේ ගියාය. වෙහෙසට පත්වූ ඔවුහු පියගැටපෙලේ මඳක වාඩි වී ගිමන් හැරියාහ. දෙපා ඉදිමී තුවාල වලින් දෙකකුල් වැසී ගිය මහල්ලෙක් අවුත් සිල්මාතාවන් පසුකර හැරමිටියක ආධාරයෙන් පියගැටපෙළ නගිමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. සිල් මාතාවට ඇතිවූයේ දැඩි පිළිකුලකි. මේ මහළු තුවාල කරු කවදා කෙසේ ශ්‍රී පාදය නඟින්නදැයි සියල්ලෝම කතාබහ කළහ. ටික වේලාවකින් නැවතත් ගමන පටන් ගත් සිල්මාතාවරු තවත් සැතපුම් 2ක් පමණ ඉහළට ගොස් පියගැටපෙළේ වාඩිවී ගිමන් හරින්නට වූහ. තුවාල පිරී ගිය කකුල් ඉදිමුණු අර මහළු මිනිසා දෙවැනි වරටත් ඔවුන් පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා කතා කළේය. රෝගී මහළු මිනිසා මෙම ස්ථානයට පැමිණි හැටි ඔවුනට පුදුමයක් විය. විවේකය නිමාකොට නැවත ගමන ඇරඹූ සිල්මාතාවරු මහගිරිදඹය අසළ තුන්වැනි වරටත් නැවතී විවේක ගැනීමට වූහ. පාද පුරා තුවාල පිරුණු පිළිකුල් සහගත රෝගී මහල්ලා 3න් වන වරටත් ඔවුන්ව පසු කරමින් නායක සිල් මාතාවගේ හිසට අත තබා සෙත් පැතුවේය. ඇය පිළිකුලෙන් යුතුව මුහුණ පසෙකට හරවා ගත්තාය. මේ රෝගියා මේ තරම් ඉක්මනින් කඳු මුදුනට ආවේ කෙසේදැයි ඔවුනට ගැටලුවක් විය. ශ්‍රී පාද පද්මය මුදුනට ගිය සිල් මෑණිවරු ඉර සේවය උදා වනතුරු පද්මය මුදුනේ ඉඩ ඇති තැනක බිම ඉඳගෙන භාවනා කිරීමට වූහ. පුදුමයකි, නායක සිල් මාතාවගේ මුහුණට එක්වරම අමුතු ආලෝකයක් පතිත විය.
''දරුවා, මං උඹට තුන්සැරයක් කතා කළා. මතකද?'' ඒ හඬ හා ආලෝකය අතුරුදන් විය. නායක සිල් මාතාව සහ ඇගේ පිරිවර උතුරා යන භක්තියෙන් ශ්‍රී පාද පද්මය මුදුනේදී සමන් දෙවියන්ට පින් දුන්හ.

ඉතිං මේ වගේ ඔයාලත් දන්න සමන් දෙවි අඩවිය හා බැඳුනු කතාන්දර තියෙනවා නම් අපිත් එක්ක මෙතන බෙදා ගන්න කියලා හැම දෙනාටම ආරාධනා කරනවා. හැම දෙනාටම සමන් දෙවිඳු කරුණාවයි !

සැ.යු. ලිපි කිහිපයකින් උපුටා ගත් කරුණු ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලදී.

Friday, December 16, 2011

ඓතිහාසික අසාධාරණයක්‌ නිවැරැදි කළ අවස්‌ථාවක්‌....


1815 වර්ෂයේ දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයට යටත් වීමත් සමඟ සමස්‌ත ශ්‍රී ලංකාව ම යටත් විජිතයක්‌ බවට පත් විය. එහෙත් උඩරට ගිවිසුම නිසා තමන් පත් වූ අසරණ ස්‌වභාවය පිළිබඳව වටහා ගැනීමට හා ගිවිසුම මඟින් තමන් රවටනු ලැබූ බව වටහා ගැනීමට මේ උඩරට සිංහලයන්ට - විශේෂයෙන් උඩරට නායකයන්ට - එතරම් කාලයක්‌ ගත වූයේ නැත. එහි අවසන් (නැත හොත් පළමු) ප්‍රතිඵලය වූයේ 1817 වර්ෂයේ අවසන් භාගයේ දී පමණ ඉංගී්‍රසීන්ට එරෙහි ව උඩරැටියන් නැඟී සිටීම ය.

මේ ඓතිහාසික සිදු වීම ඇතැම් විට හඳුන්වනු ලබන්නේ 'උඩරට කැරැල්ල' නමිනි. විශේෂයෙන් වාර්ෂිකව යෙදෙන සංවත්සරවල දී ජනමාධ්‍ය ඔස්‌සේ අපට මේ වචනය අසන්නට ලැබේ. මේ අරගලයට හේතු වූ කරුණු බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ වී තිබේ. පෙර සඳහන් කළ පරිදි ම ඒ හේතු 1815 දී උඩරැටියන් හා ඉංග්‍රීසීන් අතර ඇති කරගත් ගිවිසුම දක්‌වා යයි. 1818 වර්ෂයේ අග භාගය දක්‌වා පැවැති මේ අරගලය කෙතරම් දරුණු වූවා ද යත් ඇතැම් අවස්‌ථාවල දී බ්‍රිතාන්‍ය පාලකයන් බෙහෙවින් අසරණ වූ බව පෙනේ. අවාසනාවකට මෙන් පාලනය කරගත නොහැකි වූ ඇතැම් හේතු නිසා මේ අරගලය අසාර්ථක විය. ඒ අතර පෞද්ගලික එදිරිවාදිකම් හා අපේ ජාතියේ දුබලකමක්‌ සේ වරින් වර මතු වන ෙද්‍රdaහිත්වය ද තිබේ.  


        

උඩරැටියන් ගේ මේ නැඟී සිටීම මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් ක්‍රියාත්මක කරන ලද ම්ලේච්ඡ ක්‍රියා පටිපාටිය ද බෙහෙවින් විවේචනයට ලක්‌ ව තිබේ. ඔවුන් දරුණු ආකාරයෙන් උඩරැටියන් සමූල ඝාතනයක්‌ සිදු කළ බව වාර්තා වී තිබේ. එසේ ම ඉවක්‌ බවක්‌ නොමැති ව උඩරැටියන් ගේ දේපොළ හා භෝග වගා විනාශ කරමින් ඉංග්‍රීසීන් ක්‍රියාත්මක කළ 'බිම් පාළු' ප්‍රතිපත්තිය තවදුරටත් සටන් කළ නොහැකි තරම් උඩරට වැසියන් අසරණ බවට පත් කිරීමට හේතු විය.

මේ 'පූර්ණ යුද්ධය' හෙවත් මර්දනය නම් වූ ක්‍රියාවලිය අධිරාජ්‍යවාදීන් අනුගමනය කරන අවස්‌ථා ඉන් පසුව ද අපට දැක ගත හැකි ය. 1848 වර්ෂයේ ඇති වූ මාතලේ නිදහස්‌ සටනේ දී හා 1857 දී ඉන්දියාවේ ඇති වූ අරගලය මර්දනය කිරීම සඳහා ද ඔවුන් යොදා ගත්තේ එවැනි ම ක්‍රියාවලියකි. (වර්තමානයේ දී වෙනත් රටවලට මානව හිමිකම් පිළිබඳව පෙන්වා දෙන මේ රටවල් ඉතිහාසය තුළ දී ක්‍රියා කර ඇති අන්දම පෙන්වා දීමට මේ අවස්‌ථා නිදසුන් වේ. එහෙත් එය වෙන ම මාතෘකාවකි)

බ්‍රිතාන්‍යයන් සිදු කළ මේ විනාශයට සාධකයක්‌ ලෙස කැප්පෙටිපොල හා මඩුගල්ලේ ගේ හිස්‌ ගසා දැමීම සම්බන්ධව ලංකා ගැසට්‌ පත්‍රයේ සඳහන් කරන කරුණක්‌ දැක්‌විය හැකි ය. බ්‍රිතාන්‍යයන්ට අනුව 'රුධිරය වරුසාවක්‌' හා 'මහා විනාශයක්‌' ඇති කිරීම සඳහා මේ

කැරැලි නායකයන් ගේ ක්‍රියාකාරිත්වය මුල් වී තිබේ. ඌව වෙල්ලස්‌ස ප්‍රදේශවලට කළ විනාශයේ තරම කෙතරම් ද යන්න මේ කැරැල්ල අවසන් වී තවත් බොහෝ කලක්‌ යනතුරු ඒ පළාත් පෙර පැවැති තත්ත්වයට පත් නො වීමෙන් පෙනේ.

දරුණු මර්දනයකින් හා පරාජයකින් අවසන් වුවත්, වසර දෙ සියයකට ආසන්න කාලයකින් පසුව වුවත් මේ අරගලය පිළිබඳව නො දන්නා අයකු නැති තරම් ය. තමන් උපන් රටේ ඉතිහාසය නූගත් පරපුරක්‌ ද අපේ රටේ ඇති නමුත් (ඒ වැඩි වශයෙන් 1980 හා 1990 දශකවල පාසල් අධ්‍යාපනය ලැබූවන් ය) ඔවුන් අතර පවා මේ ඓතිහාසික අරගලය පිළිබඳව කිසියම් තරමින් දන්නා පිරිස්‌ සිටිති. ඊට හේතුව මේ සිදුවීමෙන් වසර දෙ සියයක්‌ පමණ ගත වී ඇතත් උක්‌ත අරගලය තවමත් සමරනු ලැබීම පමණක්‌ ම නො වේ. තමන් උපන් රටේ අතීතය හා උරුමය පිළිබඳව යම් හෝ සංවේදීතාවක්‌ දක්‌වන්නවුන් හට මේ සිදුවීම වැදගත් සිදුවීමක්‌ වන නිසා ය.

කැරැල්ලක්‌ ද නිදහස්‌ අරගලයක්‌ ද?

ඇතැම් පොත් පත්වල හා අපේ ඇතැම් විද්වතුන් විසින් තවමත් මෙය 'කැරැල්ලක්‌' සේ හඳුන්වනු ලැබුව ද එය 'කැරැල්ලක්‌' නො වේ. නිදහස්‌ සටනක්‌ හෝ නිදහස්‌ අරගලයකි. ඒ සිදුවීම අවස්‌ථාවේ දී මෙරට පාලනය කළ බ්‍රිතාන්‍යයන් හට මේ සිදුවීම ඔවුන් ගේ පාලනයට එරෙහි ව ගැසූ කැරැල්ලක්‌ විය. එසේ ම එය ඔවුන් ගේ බ්‍රිතාන්‍ය කිරීටයට එරෙහි ව ගැසූ කැරැල්ලක්‌ විය.

එහෙත් මෙහි දී සත්‍ය වශයෙන් සිදු වූයේ තමන් හා තම දේශය යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදී (බ්‍රිතාන්‍ය) පාලනයට එරෙහි ව උපන් බිමේ නිදහස වෙනුවෙන් රටේ ස්‌වදේශිකයන් (උඩරැටියන්) කළ නිදහස්‌ සටනකි. එය බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ව සිදු වූ පළමු නිදහස්‌ සටන සේ සඳහන් කළ හැකි ය. මේ සඳහා උඩරැටියන් අතර, විශේෂයෙන් ඌව වෙල්ලස්‌ස හා සත්කෝරලේ වැසියන් අතර, පැවැති සහභාගිත්වය මෙන්ම වැදි ජනතාව දැක්‌වූ දායකත්වය ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ හැකි ය. ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට, එසේත් නැත හොත් සිංහලයන්ට, මෙය නිදහස්‌ සටනක්‌ හෙවත් නිදහස්‌ අරගලයක්‌ විය යුතු ය. කෙසේ වෙතත් අවාසනාවකට මෙන් කලක්‌ තිස්‌සේ මේ අරගලය හඳුන්වනු ලැබ ඇත්තේ ඉංග්‍රීසීන් විසින් යොදාගන්නා ලද "කැරැල්ල" යන වචනයෙනි. වාසනාවකට මෙන් මේ වන විට එය වෙනස්‌ වෙමින් තිබේ. 2008 වර්ෂයේ පටන් භාවිත කරනු ලබන 11 වැනි ශ්‍රේණියේ ඉතිහාසය පෙළ පොතේ මේ සිදුවීම 1818 නිදහස්‌ සටන සේ යථා පරිදි හඳුන්වා දී තිබේ. එය දේශයට ආදරය කරන කවරකු ගේ හෝ සිතක පහන් සංවේගයක්‌ ඇති වීමට හේතු වන බව නිසැක ය.

නිදහස්‌ අරගලයේ වීරයෝ

මේ අනුව 1818 නිදහස්‌ අරගලයට වීරයෝ ද සිටිති. ඒ තමන් ගේ සියල්ල අත්හැර, තමන් ගත් ක්‍රියාමාර්ගය නිසා මරණය වුවත් අත්විඳීමට වන බව දැන දැන මේ අරගලයට එක්‌ වූවන් ය. මෙහි දී කැප්පෙටිපොළ දිසාව ගේ භූමිකාව කැපී පෙනේ. ඔහු සමඟ තවත් දහස්‌ ගණනක්‌ මේ සටනට එක්‌ වූ අතර බොහෝ දෙනෙක්‌ එහි දී ජීවිත පූජා කළ හ. තවත් පිරිසක්‌ සිරගත කරන ලද අතර ඇතැම්හු පිටුවහල් කරනු ලැබූ හ. මේ වන විට අප විසින් ඔවුන් වීරයන් සේ සළලකනු ලැබෙන බව අමුතුවෙන් කිව යුතු කරුණක්‌ නො වේ. එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් නිකුත් කරන ලද නිල නිවේදන අනුව ඔවුන් ෙද්‍රdaහීන් ය.

නිදසුනක්‌ ලෙස 1818 වර්ෂයේ ජනවාරි 10 දින දරණ නිකුත් කරන ලද ලංකා ගැසට්‌ පත්‍රය මඟින් කැප්පෙටිපොල දිසාව ඇතුළු තවත් 19 දෙනකු රාජෙද්‍රdaහීන් සේ නම් කර තිබේ. ඒ ෙද්‍රdaහී ලෙස කුමන්ත්‍රණ කිරීම හා කැරැලි ගැසීම යන චෝදනා නිසා ය. එ අනුව ඔවුන්

කැරැලිකරුවන්, අපරාධකරුවන් හා රාජාණ්‌ඩුවේ සතුරන් සේ නම් කරනු ලබන අතර, ඔවුන් ගේ ඉඩම් හා වෙනත් දේපොළ ආණ්‌ඩුවේ භාවිතය සඳහා රාජසන්තක කරනු ලැබ ඇත. (ඇතැම් අය ගේ දේපොළ හෝ ඉන් කොටසක්‌ පසු කලක ආපසු ලබා දුන් අවස්‌ථා තිබේ). උක්‌ත කැරැල්ල සමයේ දී මේ ආකාරයෙන් රාජෙද්‍රdaහීන් සේ නම් කරන ලද මුල් ම පිරිස ඔවුන් ය. ඒ ආකාරයෙන් රාජෙද්‍රdaහී චෝදනා ලද පිරිස ද විශාල ය.

එහෙත් මේ පිරිස අපේ රටේ වීරයෝ වෙති. භාවිතයේ දී ඔවුන් අද අපේ වීරයන් බව සත්‍යයකි. එහෙත් එය නිල වශයෙන් ද විය යුතු ය. මේ මිනිසුන් පිළිබඳව ජාතියක්‌ සේ ආඩම්බර වීමට අපට හැකියාව තිබේ.

මේ වන විට එවැනි ක්‍රියාවලියක්‌ දියත් වෙමින් තිබේ. අපේ මතකයේ හැටියට එවැනි උත්සාහයක්‌ මෑත දී අපට අසන්නට ලැබුණේ 2004 වර්ෂයේ අවසානයේ දී ය. එදා ඒ පිළිබඳව බෙහෙවින් සාකච්ඡා වූ නමුත් කිසියම් අප නො දන්නා හේතුවක්‌ නිසා මේ කාර්යය එදා ඉටු වූයේ නැත. එහෙත් පසුගිය නොවැම්බර් 26 දා කොළඹ දී පැවැති සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ 'ජාතික වීර ප්‍රණාම උළෙලේ' දී අපට අසන්නට ලැබුණේ දැන් එය යථාර්ථයක්‌ බවට පත් වන්නට යන බව ය. ඒ සඳහා නීතිමය ගැටලූවක්‌ නොමැති බව එහි දී ප්‍රකාශයට පත් කරන ලදි. ඒ අනුව අදාළ නිල නිවේදනය ගැසට්‌ පත්‍රයක්‌ ලෙස ළඟ දී ම නිකුත් වනු ඇතැයි යන්න අපේ අපේක්‌ෂාවයි. දේශප්‍රේමීන් හා අපේ ඉතිහාසය දන්නා පිරිස්‌ අපේක්‌ෂාවෙන් පසු වන්නේ මේ පිරිස ෙද්‍රdaහීන් නො ව වීරයන් බවට පත් වන දිනය දැකගන්නට ය. එසේ ම මෙවැනි අරගලවලට නායකත්වය දුන් සෙසු වීරයන් පිළිබඳව ද මේ සාධාරණය ඉටු විය යුතු ය.

මේ නිදහස්‌ සටන මර්දනය කිරීම සඳහා මුල් වූ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් නමින් බ්‍රිතාන්‍යයන් විසින් පසු කලක කොළඹ නම් කර තිබූ මාර්ගය කැප්පෙටිපොළ පාර යනුවෙන් නම් කර මේ වන විට කලක්‌ ගත ව තිබේ. එසේ ම රටේ තැන් කිහිපයක, කැප්පෙටිපොළ හා තවත් නායකයන් සැමරීම සඳහා ස්‌මාරක ගොඩනංවා තිබේ. පාසල් හා වෙනත් ආයතන පවා ඔහු ගේ නමින් නම් කර තිබේ.

මෙය කිසියම් සංකේතාත්මක කරුණක්‌ පමණක්‌ විය හැකි ය. මෙවැනි නිදහස්‌ අරගලවල දී දිවි පිදූ පිරිස්‌ විශාල ය. ඒ ඇතැමුන් පිළිබඳ - බහුතරයක්‌ පිළිබඳව - කිසිදු සඳහනක්‌ ලියෑවී නො තිබීමට ඉඩ තිබේ. එහෙත් ඔවුන් අපේක්‌ෂා කළ හා අප අද ජීවත් වන නිදහස්‌ දේශය ඔවුන් වෙනුවෙන් නියඬ ව සාධක සපයයි. ඉදින් ඒ මිනිසුන් වෙනුවෙන් සාධාරණයක්‌ ඉටු කිරීම අපේ යුතුකමක්‌ ද වේ.

Tuesday, December 13, 2011

ඒ ලෙවල් සහ මේ ලෙවල් #ආස්චර්ය





ඒ ලෙවල් ලිව්ව.. හැබැයි ප්‍රතිපලේ තවම නම් නෑ.. මම මේක ලියන්න පටන් ගන්නකොටනම් දෙපාර්තමේන්තුවෙ හුරතල් අන්කල්ල ඇන්ටිල කියල තියෙනව තව සති 3ක් වත් යයි කියල ඔය ප්‍රතිපලේ එලියට දාන්න.. කමක් නෑ කියමුකො.. මටනම් තව ශුවර් එකක් නෑ පාස්ද නැද්ද කියල.. ඒත් මෙයාල මේ කල් යව යව සෙල්ලන් කරන්නෙ අපේ අනාගතේ එක්ක නේ ?? අගෝස්තු වල ලිව්ව... නිවාඩුව ඉවර වෙද්දි පේපර් මාර්කින්ග් ඉවරයි.. ඔක්තෝබර් වල ඉදන් මේ මගුල එනව.. තවම නෑ...මාස 4ක් ගියා. මේ අපිට තව පාරකට විබාගෙට සුදානම් වෙන්න තියෙන කාලය නේද ? ඇයි දෙයියනේ මේ යක්කුන්ට මේක තෙරෙන්නෙ නැත්තෙ ??? අනේ ආස්චර්ය 

අනේ රටේ අනාගතය