නා ගන්නවානම් සබන් ගාලම නා ගන්න සබන් නිෂ්පාදනය
සබන් පිළිබඳ මුල් ම ප්‍රවාදය නිර්මාණය වන්නේ රෝමයේ දී ය. එහි වූ "සැපෝ" කන්දෙහි
මුදුන එවකට පුදබිමක් ව පැවත ඇත. තම බාරහාර පිළිගැන්වීම සඳහා සැපෝ කඳු මුදුනෙහි
සතුන් ඝාතනය සහ පිළිස්‌සීම මෙන්ම සුගන්ධවත් දර දැවීම ද සිදු කරන ලදී. මේ උණු අළු සහ
සත්ත්ව මේදය එකට මිශ්‍ර වන අතර වැසි සමයේ කඳු මුදුන සේදී ගලා හැළෙන වැසි ජලය කඳු
පාමුල ඇති ටයිබර් නදියට පැමිණෙන්නේ මැටි මිශ්‍ර සැපෝ කඳු ආනත ඔස්‌සේ ය. රෙදි
පිරිසිදු කර ගැනීමට ටයිබර් නදිය වෙත පැමිණෙන්නෝ සැපෝ කන්දෙහි වූ මැටි ගුලියක් රෙදි
මත ඇතිල්ලීමෙන් එම ඇඳුම් ඉතා පහසුවෙන් පිරිසිදු වන බව අත්දැකීමෙන් ම අවබෝධ කර ගත්
හ. සබන් නිෂ්පාදනය කෙරෙන ප්‍රතික්‍රියාව අද පවා අප හඳුන්වන්නේ "සැපොනිකරණය" නමින්
වන අතර සබන් යන්න හඳුන්වන්නේ සෝප් යනුවෙනි. මේ දෙවදන ම "සැපෝ" කන්දෙහි නම ඇසුරෙන්
නිර්මාණය වී ඇති බව විද්වත් මතයයි.
මෙහි අමුද්‍රව්‍ය : තෙල් , මේද, මේද අම්ල හා ජාල ද්‍රාව්‍ය අකාබනික භෂ්ම (NaOH, KOH) භාවිත වේ.
මෙහි පියවර 4 කි.
1. සැපොනීකරණය
මෙහිදී ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ සත්ව මේද, ශාක තෙල්, හෝ පොල් තෙල් NaOH
සමග මිශ්‍ර කර එම මිශ්‍රණයට තාපය සැපයීමයි. මෙම ක්‍රියාවලිය මගින් සබන්
හෙවත් දිගු ධාම කාබෝක්සිලික් අම්ල වල ලවනය නිර්මාණය වේ...
2. ග්ලිසරින් ඉවත් කිරීම
ග්ලිසරින් සබන් වලට වැඩ ඉතා ඉහල වටිනාකමක් ගනී. ඒ නිසා ඒවායින් වැඩි කොටසක්
සුවද විලවුන් නිෂ්පාදනයට යොදා ගනී. ග්ලිසරින් මද වශයෙන් සබන් වලට ඉතිරි
කරන්නේ සබන් වල මෘධු බව හා සිනිදු සුමට බව රැකීමටයි.
3. සබන් පවිත්‍රකරණය
සබන් පවිත්රකරනයදී සිදුවන්නේ මිශ්‍රණයේ ඉතිරි වන NaOH සිට්‍රික් අම්ලය වැනි
දුබල අම්ලයක් සමග උදාසීන කිරීමයි. සංශුද්ද සබන් ගැනීමටනම් ඇති ජාල
පරිමාවෙන් 2/3 ක් ඉවත් කරනු ලබයි.
4. නිමාව.
අවසන් වශයෙන් මෙමෙ සබන් වලට වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය , විලවුන් වර්ග හා ශාක සාර අන්තර්ගත කර කැට වශයෙන් වෙළද පලට නිකුත් කරයි.